ඔබ නින්දෙන් ගොරවන්නේ ඇයි?
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
08

ඔබ නින්දෙන් ගොරවන්නේ ඇයි?

ඔබ නින්දෙන් ගොරවන්නේ ඇයි?

රාත්‍රී නින්ද කියන්නේ ලොකු පොඩි සියලු දෙනාටම කායික මානසික සුවයට ඉතාම වැදගත් වන කාරණයක්. එනමුත් නින්දට බාධා වන යම් යම් කාරණාවන් තිබෙනවා. ඒ අතර නින්දෙන් ගෙරවීම යන්නේ ප්‍රධාන කාරණාවක්. සමහරවිට ඔබ නින්දෙන් ගොරවනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙනත් අයෙකුගේ ගෙරවීම නිසා ඔබේ නින්දට බාධා ඇති වෙන්න පුළුවන්. මේ සූදානම් වෙන්නේ පුද්ගලයකු නින්දෙන් ගෙරවීමට බලපාන ප්‍රධාන හේතු කාරණා කීපයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න
විශේසඥයන් පෙන්වා දෙන්නේ ගෙරවිල්ලට හේතුවන්නේ උගුරේ ඉහිල් වූ මාංශ පඨක ඔබ හුස්ම ගන්නා විට කම්පනයට පත්වීම බවයි. මේ සඳහා ඔබේ මුඛයේ අභ්‍යන්තර ස්වභාවික හැඩය, ශරීර සෞඛ්‍ය තත්ත්වය, ශරීර බර වගේ බොහෝ කාරණා බලපානවා. නාසයෙන් හුස්මගැනීම වළක්වන ඕනෑම කාරණයක් ගෙරවීමට හේතුවක් වෙනවා. සෙම්ප්‍රතිශ්‍යාව, නාසයේ මස්දලු වැඩීම ඒ වගේ හේතු. නමුත් මේ තත්ත්වය දිගටම පවතිනවා නම් වෛද්‍ය උපදෙස් පැතීම සුදුසුයි.

 

  • නාස් සිදුර

ඊළඟට නාසයේ නාස්පුඬුවල හැඩයත් ගෙරවිල්ලට බලපානවා. එක් නාස් සිදුරක් අනෙකට වඩා කුඩාවීම තමයි ප්‍රධාන හේතුව.
 

  • නිදාගන්නා පැත්ත

උඩු අතට නිදාගන්නා විට මේ තත්ත්වය වැඩියි. මේ නිසා නිදාගන්නා ඉරිව්ව වෙනස් කළ යුතුයි.
 

  • ඇතැම් ඖෂධ

සමහර ඖෂධ නිසාත් උගුර ආශ්‍රිත පේශි ඉහිල් වී ගෙරවිලි සද්ද පිටවෙනවා. ආතතිය වළක්වන සහ සමනකාරක ඖෂධ බොහෝවිට මෙයට හේතුවක්. වෛද්‍ය උපදෙස් මත එබඳු ඖෂධ වෙනස් කළ යුතුයි.
 

  • මුඛ කුහරයේ හැඩය

මුඛයේ හැඩයත් ගෙරැවිල්ලට බලපානවා. නාසයත් මුඛයත් වෙන්කරන උඩුහනුව සම්බන්ධ මුඛයේ ඉහළ කාටිලේජ කොටස පහත්ව තදට පිහිටා ඇතිනම් වාතය ගමන් ගන්නා මාර්ගය අවහිර විය හැකිය. උපතින් මේ තත්ත්වය ආවත් දේහබර වැඩිවන විට මේ තත්ත්වය තවත් ඉහළ යයි. මෙවිට බර අඩුකර ගන්නට ක්‍රියා කරනවා වගේම එයින් ප්‍රතිඵලයක් නොවේ නම් ශල්‍යකර්මයක් කරා යන එක හොඳයි.

උදේ නැගිටින විට උගුර කට වියළී ගොස් ඇති ස්වභාවයක් දැනෙනවා නම්, කෙඩෙත්තු ගතිය සහ තවමත් නිදිමත ගතිය දැනෙනවා නම් වෛද්‍යවරයකු හමුවී උපදෙස් ලබාගත යුතුයි. එයින් හැඟෙන්නේ නිසි පරිදි හුස්මගැනීම සිදුවී නැති බවයි. එවිටත් ගෙරවීම සිදුවෙනවා. මේ තත්ත්වය දිගටම තිබුණොත් ඔක්සිජන් අඩුවීම නිසා මරණීය අවදානමක් ඇතිවිය හැකිය. මේ නිසා වෛද්‍ය ප්‍රතිකාර ලද යුතුය.මේ කාරණා පිළිබඳ දැනුවත් භාවයකින් ඔබේ සුවදායි නින්දට බාධා කරන නින්දෙන් ගෙරවීම සඳහා ඔබට ගැලපෙනම විසඳුමක් ලබාගන්න.

 

 

 

 

by Dilki Shamani

views

726 Views

Comments

arrow-up