කාටිලේජ වර්ධනය පිළිබඳ ඔබ දැනුවත් ද?
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
10

කාටිලේජ වර්ධනය පිළිබඳ ඔබ දැනුවත් ද?

කාටිලේජ වර්ධනය පිළිබඳ ඔබ දැනුවත් ද?

කාටිලේජ යනු අපගේ ශරීරයේ ආකෘතියට අත්‍යවශ්‍යම මූලික අංග වන අතර එය මෘදු මෙන්ම ඉතා නම්‍යශීලී ගන්න පටකයක් ලෙසත් හඳුන්වන්නට පුළුවන්.මෙම කාටිලේජ තුළින් තුලින් සිදුකරන්නේ ශරීරය හන්දිවල එනම් අස්ථි අතර ඇති හන්දිවල සම්බන්ධිකරණය පටලයක් ලෙස ක්‍රියා කිරීමයි .උදාහරණයක් වශයෙන් අස්ථි අතර පවතින හන්දිවල ,කශේරුවේ කශේරුකා අතර, කන්වල හා නාසයේ,ශ්වසන නාල වටා ඉල ඇටවල අවසාන කොටස් ආශ්‍රිතව මෙම කාටිලේජ හඳුනාගන්නට පුළුවන්.

කොන්ඩ්‍රොසයිට් (Chondrocytes)නම් වූ විශේෂිත සෛල වර්ගයකින් මෙම කාටිලේජ නිර්මාණය වී ඇති අතර ඒ තුළ ඇති තුනී කොලජන් ප්‍රත්‍යස්ථ තන්තු පවතින අතර ලේ නහර ඒ තුල නොපවතී.මෙම කාටිලේජ පෝෂණය වන්නේ ඒ වටා ඇති මාංස තන්තු හා පටක මෙන්ම අස්ථි බන්ධනි පටක වලින්ය .මේ නිසා කාටිලේජ පටක අනෙක් පටකවලට සාපේක්ෂව අලුතින් ඇතිවීම හා වර්ධනය වීම සිදුවන්නේ ඉතා සෙමිනි .

සන්ධිගත වාතය, විවිධ අසාත්මිකතා හා වෛරස් වර්ග ඇතුල්වීම , අස්ථි පිළිකා වැනි තත්ත්ව නිසා කාටිලේජ වලට ඍජුවම හානි සිදුකරයි .මේ කාටිලේජ රෝගී තත්ත්වයට තත්ත්වයට පත්වීම ඉක්මනින් සිදු වුණත් ඒ නැවත ප්‍රකෘති තත්ත්වයට පත් වීම සිදුවන්නේ ඉතා සෙමින් . සිරුරේ කොතැනක හෝ පවතින ගෙවී යෑමෙන් හෝ කිසියම් හේතුවක් නිසා සිදුවන රෝගී තත්ව හමුවේ කටිලේජ යථා තත්ත්වයට පත් කිරීමට දේශීය ආයුර්වේදය තුළ හා පැරණි වෙද පුස්කොළ පොත්වල ඖෂධීය පෝෂණ ගුණයෙන් යුතු විවිධ ප්‍රතිකාර ක්‍රම දැකිය හැක . මේ ප්‍රතිකාර ක්‍රම වලට අංකෙන්ද ,බෙහෙත් එඬරු, බිම්කොහොඹ, කුඹුක්, නික, ඇහැල ,අැත්දෙමට, කොට දිබුලා වැනි ඖෂධ යොදා ගනී.

නමුත් මෙවැනි ඖෂධ භාවිතයේදී නිසි වෛද්‍ය උපදෙස් අනුගමනය කළ යුතු ය අකර්මණ්‍යතාවයට පත්ව ඇති කාටිලේජ පවතින රෝගී අවස්ථා පිළිබඳ නිසි අවබෝධයකින් යුතුව දැනුවත් වීමත් අනිවාර්යෙන් සිදු කල යුතු දෙයකි.උදාහරණයක් ලෙස ඔස්ටියෝ ආතරයිටීස් වලදී ඇතිවන කාටිලේජවල ස්වභාවය හා ඔස්ටියෝ පීනියා ආතරයිටීස් තත්ත්වයේදී ඇතිවන තත්ත්වයට වඩා බොහෝ වෙනස්ය .මේ නිසා මෙවැනි ඖෂධ භාවිතයේදී නිසි වෛද්‍ය උපදෙස් ප්‍රතිකර්ම සිදු කිරීම සිදුකිරීම අත්‍යවශ්‍යය.

අභ්‍යන්තර ඖෂධ ලබාගැනීම කරන අතරතුරම ආයුර්වේද වෛද්‍ය ක්‍රම වලටද යොමු වීම තුළින් මාස තුනක් වැනි සුළු කාලයක් ඇතුළත දී කාටිලේජවල ඇති යම් දුර්වලතා දුරලීම ආරම්භ කිරීමට තරම් හැකියාවක් පුරාණයේ සිට පැවත එන ආයුර්වේද ශාස්ත්‍රය තුළ ගැබ් වී පවතී.

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

 

 

 

views

1608 Views

Comments

arrow-up