බොලිවුඩ් නිළියන් ලස්සන කරන රහස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
26

බොලිවුඩ් නිළියන් ලස්සන කරන රහස්

බොලිවුඩ් නිළියන් ලස්සන කරන රහස්

ලස්සන වෙන්න කවුද අකමැති කියලා අපි ඔයාගෙන් ඇහුවොත් ඒකට ඔයාලාගෙන් ලැබෙන පිළිතුර මොකක් කියලද හිතන්නේ? එක්කෙනෙක් වත් නෑ. මොකද අපි හැමෝම කැමති කවුරුත් අතරේ කැපිලා පේන විදිහට සුන්දරව, ලස්සනට ඉන්න එහෙම නේ? ලස්සනට අඳින පළඳින එක වගේම ලස්සන රූපයක් ලබා ගැනීමත් යුවතියකගේ ලොකුම සිහිනයක්.

ඉතිං මේ හීනය වෙනුවෙන් රූපලාවණ්‍ය නිෂ්පාදන එක්ක ඔට්ටු වෙන ඔයාලට අපි හැමදාමත් ලස්සනට ඉන්න පුළුවන් අලූත් ක්‍රම ගැන කියලා දෙනවා. අදත් අපි ඔයාලට ගේන්නේ ඔයාගේ පෙනුම ලස්සන කර ගන්න, ගෙදර ඉඳලම කරන්න පුළුවන් සත්කාර කිහිපයක් ගැන ඔයාලට කියලා දෙන්න.

හැබැයි මේ ක්‍රම ටික නම් ලස්සනට ඉන්න කියලා ගොඩක්ම පාවිච්චි කරන්නේ අපි ආදරය කරන බොලිවුඩයේ නිළියන් විසින්. ඔවුන්ගේ විශේෂත්වය වෙන්නේ ඔවුන් බෝහෝ විට රූපලාවණ්‍ය සත්කාරවලට යොදා ගන්නේත් ස්වභාවික අමුද්‍රව්‍යයි. අන්න ඒ හේතුව නිසයි ඔවුන්ගේ ලස්සන තාවකාලීක නොවන සදාකාලික ලස්සනක් වෙලා තියෙන්නේ.

ඉතිං බොලිවුඩ් නිළියක් වගේ දිස්නේ ගහන රූප ස්වභාවක් ලබාගන්න ඔයත් කැමති නම් මේ ලිපිය කියවල ඒ සත්කාරයන් කරලම බලන්නකෝ...



# පිරිසිදු නියම පොල් තෙල් හෝ තල තෙල්

මේ අමුද්‍රව්‍ය දෙකම හරිම පහසුවෙන් ඔයාලට සොයාගෙන භාවිතා කරන්න පුළුවන්. ඉන්දියානු බොලිවුඩ් රුවැත්තියන් ලස්සන වෙන්න භාවිතා කරන තවත් රූපලාවණ්‍ය පෝෂණ සංඝටක දෙකක් තමයි මේ පොල් සහ තල තෙල් කියලා කියන්නේ.

මේ තෙල් භාවිත කරලා ඔවුන් නිතරම සිරුර සම්බාහනය කරනවා. එතකොට රුධිර සංසරණයට හොඳ උත්තේජනයක් ලැබෙනවා විතරක් නෙමෙයි මේ තෙල්වල තෙතමනය හොඳින් ඔයාගේ සමට උරා ගන්නවා. ඔයාට කරන්න තියෙන්නේ පුංචි දෙයක්.

ඔයා සමාන්‍යයෙන් ස්නානය කරන්න කලින් පොල් තෙල් හෝ තල තෙල් මදක් රත් කර ගැනීමෙන් පසුව සිරුර හොඳින් සම්බාහනය කරන්න. ඔයාට අවශ්‍ය නම් මේ පොල් තෙල්වලට කරාබු නැටි කිහිපයක්, ඉඟුරු කැබැල්ලක් සහ අමු කහ ස්වල්පයක් එකතු කරගත හැකියි. හොඳින් මතක තියාගන්න මේ තෙල් රත් කර ගැනීමෙන් පසු, මිශ්‍රණය සිසිල් වුණාට පස්සේ තමයි ඔයා සම්බාහනය කළ යුතු වෙන්නේ.

# කිරි එකට අමු කහ එකතු කිරීමෙන්

සමාන්‍යයෙන් අපි හැමදාම උදේට කිරි එකක් බොනවානේ. අපි කිරි එකක් බොනකොට ඒ කිරි එකට පුළුවන් තරම් කහට එකතු කර ගන්නවා. මේ විදිහට කිරි බොන පුරුද්දක් ඉන්දියාවේ රුවැත්තියන්ට නම් නෑ.

ඔවුන්ගේ ලස්සනට විශේෂම හේතුවක් වෙලා තියෙන්නේ අපි බොන මේ කිරි එකම තමයි. හැබැයි ඔවුන් අපිට වඩා නුවණැති වැඩක් කරනවා. ඒ මොකක්ද කියලා ඔයා දන්නවාද? ඔවුන් කවදාවත් කිරි එකට කහට එකතු කරන්නේ නෑ. ඒ වෙනුවට අමු කහ තමයි වැඩිපුර එකතු කරන්නේ.

ඔයාලා දන්නවානේ සමාන්‍යයෙන් අපේ ශරීරිය පවිත්‍ර කරන පවිත්‍රකාරකයක් එහෙමත් නැතිනම් විෂබීජ හරණය කරනවා අමු කහ වලින්. ඔවුන් හැමදාම මේ විදිහට අමු කහ කිරි එකට එකතු කර ගන්නවා. එතකොට මුළු සිරුරේම තියෙන විෂබීජ ඉවත් වෙලා යනවා. රුධිර ගමනාගමනයත් හොඳින් සිදු වෙනවා. ඔයාටත් පුළුවන් දැන් කිසිම වියදමක් නැතුව මේ ක්‍රමය අත්හදා බලන්න. ඔයාට එළකිරි, එළුකිරි බොන්න පුළුවන් කමක් නැති නම් පිටි කිරි වුණත් මේ වෙනුවෙන් යොදාගත හැකියි.

# සැෆ්රන් (කුංකුම) එක්ක කිරි බොන්න

 



ඉන්දියාවේ නිළියන්ගේ ලස්සනට හේතු වෙලා තියෙන රහසක් තමයි මේ කරුණත්. සැෆ්රන් වලින් සම පැහැපත් වෙනවා වගේම සමේ අනවශ්‍ය ගැටළු ඇති වීම වළක්වාලනවා. ඉතිං ඉන්දියානු රුවැත්තියන් කිරි වීදුරුවට සැෆ්රන් එකතු කරලා බොනවා. මෙන්න මේ නිසාත් ඔවුන්ට සුන්දර වගේම ප්‍රියකරු රූප ස්වභාවක් හිමිවෙලා තියෙනවා.

# මී පැණි සහ ලෙමන්

ලස්සන කියන්නේ ඔයාගේ මුහුණේ පැහැය පමණක් නෙමෙයි කියලා ඔයා දන්නවානේ. විශේෂයෙන්ම ඔයාගේ සිරුරේ ස්කන්ධය පමණට වඩා වැඩි වුණොත් ඒක ඔයාගේ පෙනුමට ලොකු බාධාවක්. ඔයාලා චුට්ටක් බලන්නකෝ බොලිවුඩ් රුවැතියන්ගේ මුහුණ, ඇස් , අතපය වගේම සිරුරේ හැඩයත් හරිම ලස්සනයි.

ඔවුන් ශරීරයේ බර පාලනය කර ගන්න අපුරු වට්ටෝරුවක් භාවිත කරනවා. මීපැණි සහ ලෙමන් යුෂ එකට මිශ්‍ර කර ගන්නවා උණුවතුර එක්ක. ඉතිං හැමදාම හිස්බඩ මේ විදිහට මේ වටිනා ඖෂධය බොනවා. එයින් සිරුරේ අනවශ්‍ය මේදය ඉවත් වෙලා යන නිසා සිරුර අනවශ්‍ය විදිහට මහත් වෙන්නේත් නෑ.

# කිරි සහ යෝගට්

අපි සාමාන්‍යයෙන් යෝගට් එකක් හරි කිරි එකක් හරි කන්නේ අතුරුපස විදිහටනේ. ඒ කන්නෙත් පැණි හරි සීනි හරි පුළුවන් තරම් එකතු කරගෙන. ඔන්න ඉතිං බොලිවුඩ් රුවැත්තියන් ලස්සන වෙන්න තමයි කිරි, යෝගට් වැඩි පුර යොදා ගන්නේ. ඔවුන් පැක් එකක් විදිහට කිරි හෝ යොග්ට් ආලේප කරනවා. මේ නිසා ඔවුන්ට දිදුළන පැහැයක් මුහුණට වගේම සිරුරටත් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා.

# ඔලිව් තෙල්

ඔලිව් තෙල් ඔයාගේ සමේ පැහැය ලබා ගන්න ඉතාමත් වටිනා තෙල් වර්ගයක් කියලා ඔයාලා දන්නවා. ඉන්දියානු බොලිවුඩ් රුවැත්තියන් ආහාර පිසිමට වගේම සම මතු පිට ආලේප කරන්නත් ඔලිව් තෙල් යොදා ගන්නවා. විශේෂයෙන්ම සිරුර සම්බාහනය කිරීමට ඔලිව් තෙල් ගුණදායක බව පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා.

 


ඔයා ඔලිව් තෙල් භාවිතා කරනවා නම් හිරු එළියෙන් ආවරණය වීම ගැනත් හිත්නන. මොකද සමාන්‍යයෙන් ඔලිව් තෙල් සමේ තැවරුවාට පස්සේ ලයිට් එළියටවත් නිරාවරණය වෙන්න හොඳ නෑ කියලයි රූපලාවණ්‍ය පර්යේෂකයින් පේන්වා දේන්නේ.

ඉතිං මේ අමුද්‍රව්‍ය ඔයාට පහසුවෙන් ඔයා ජීවත් වෙන වටපිටාවෙන්ම සොයා ගන්න පුළුවන් . දැන් ඔයත් තාවකාලීක ප්‍රතිඵල ගෙන දෙන නිෂ්පාදන එක්ක ඔට්ටු වෙන එක ටිකක් සීමා කරලා මේ වගේ ස්වාභාවික වගේම සාර්ථක රහස් වට්ටෝරු කිහිපයක් ඔයත් අත්හදා බලන්න. එයින් ඔයාට තාවකාලික නෙමෙයි දිගු කාලීන ස්ථීරසාර රූ සපුවක් ලබා ගන්න හැකියාව ලැබෙනවා.

 

 

 

 

 

 

by Kaushlya De Silva

Photo source : Internet

views

3980 Views

Comments

arrow-up