වැඩි අස්වැන්නක් සඳහා මේ විදිහට මල් වගාවට සාත්තු කරන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
21

වැඩි අස්වැන්නක් සඳහා මේ විදිහට මල් වගාවට සාත්තු කරන්න

වැඩි අස්වැන්නක් සඳහා මේ විදිහට මල් වගාවට  සාත්තු කරන්න

මල් වගා කරන්න අපි කවුරුත් කැමතියි. තම නිවෙසේ අලංකාරය වැඩි කර ගැනීම සඳහා පමණක් නොව පවුලේ සාමාජිකයන්ගේ ගතට සිතට සතුටක් සැනසීමක් ඇති කරලීම සඳහාත්, ගෙවත්තේ නැතිනම් නිවස ඉදිරිපිට විසිතුරු පැළ සහිත අලංකාර තැනක් මේ වන විටත් ඔබ නිර්මාණය කරගෙන ඇති. සමහර කාන්තාවන් ගෙවත්තේ අසිරිය මැවීමට උත්සාහ කළ ද කෙටි කාලයකදී පාත්තියේ සිටුවා ගෙන ඇති මල් පැල මල් ලබානොදීම කාලය අවසන් කරයි. කෙටිකාලීන මල් පිපෙන ශාක ඒවායේ කාලය මාස දෙකහමාරකින් තුනකින් පමණ අවසන් වන නිසා මෙන්ම උද්‍යානයට විවිධත්වයක් ලබාදිය හැකි නිසාත් ඒවා හොඳින් නඩත්තු කිරීම අවශ්‍යවේ.

 

මේ ආකාරයේ පැළ, ශාක ඔබ සතු වන්නේ නම් ඒවායෙන් ලස්සන මල් ලබා ගැනීමට පෙර වෙනත් තැනක මේ වර්ගයේ තවත් පැළ තවානක් සාදා ගත යුතුයි. එවිට මාස තුනෙන් හෝ අදාල කාලයෙන් පසු ක්ෂේත්‍රයෙන් එවැනි ශාක ඉවත් වන විටම දෙයාකාරයේම නැත්නම් වෙනත් ආකාරයක පැලයක් එම ස්ථානයේ සිටුවා ගැනීමට හැකියාව ලැබේ. එතකොට හිස් වන පැළයෙන් උද්‍යානය පාළුවට යන්නේ නැහැ. මල් පිපී තිබෙන ශාක සිටුවා ගැනීමේදී ඇති වාසිය වන්නේ විවිධත්වයක් ලබා ගැනීමට ඇති හැකියාවයි. අවාසිය වන්නේ තම උද්‍යානය තුල එම ශාකය ගොඩාක් කාලයක් තබා ගත නොහැකි වීමයි. එම නිසා කාන්තාවන්ට තිබෙන හොඳම විසඳුම වන්නේ මල් පිපීමට ආසන්නයේ ඇති තැන තෝරාගෙන සිටුවා නඩත්තු කර ගැනීමයි. එනම් පොහොට්ටු අවධියේ ඇති පැලය එවිට වැඩිපුර කාලයක් ශාකයේ මල් තබාගත හැකියි. මල් පැළයක් නඩත්තුවේ දී ජල සම්පාදනය ගැන නිසියාකාර අවබෝධයක් ඔබ සතු විය යුතුය. පවතින කාලගුණය අනුව ජලය යෙදිය යුතුයි. වියළි කාලගුණයක් පවතීනම් දවසට දෙවරක් උදේ සහ සවස ජලය යොදන්න. වැසි සහිත කාලයක් නම් ජලය යෙදීම අවශ්‍ය වන්නේ නැහැ. කෙසේ වෙතත් වියළි කාලගුණයකදී වුවත් පස පරීක්ෂාකර ජලය යොදන්න. සාමාන්‍යයෙන් කෙටිකාලීන කුඩා පැල ශාකයක් හෝ මල් පිපී තිබෙන නැතිනම් පොහොට්ටු ඇති ශාකයක් වුවද සිටුවා සති දෙකක කාලයකින් පසු අත් මුල්ළුවක් ආධාරයෙන් සෑම මල් ගසක් අවටම ඇති පස බුරුල් කළ යුතුයි. ඒ ආකාරයෙන් සති දෙකෙන් දෙකට ශාකය ගලවා අවසන් කරන තෙක් නොකඩවා පස් බුරුල් කරන්න. මේ නිසා ශාකයේ මුල් වලට අවශ්‍ය වාතාශ්‍රය ලැබෙන අතර හොඳින් වර්ධනය වේ. පාත්තියක නම් මුල්ළු කළ යුත්තේ පැළ දෙකක් අතර ඇති පසයි. කෙටිකාලීන ශාක පැළ අවස්ථාවේදී ඇල්බට් දියර පොහොර වඩාත් සුදුසුයි. මෙම ඇල්බට් දියරය දින දහයකට වරක් නොකඩවා ශාකයේ මුල් වලට යොදන්න. මෙවැනි කරුණු සම්බන්ධව සැලකිල්ලක් දැක්වීම තුළින් ඔබටත් ඔබ මිලදී ගන්නා මල් පැළ වලින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.

 

 

by Sachini Sooriyaarachchi 

Photo Source: Internet

 
views

1136 Views

Comments

arrow-up