ඔෆිස් යනකොට කකුල් වල ලස්සනත් වැදගත්

කාර්යාල යුවතියන් ඔෆිස් යනකොට සැලකිල්ලක් දැක්විය යුතු කරුණු කාරණා බොහොමයක් තිබේ. එම කරුණු පිළිබඳව නිසි සැලකිල්ලක් දැක්වූයේ නැත්නම් වෙන්නේ ඔබේ රූපය අවලස්සන වීමයි. කිසිම කාර්යාලීය යුවතියක් ඒ දේට නම් කැමති නොවේ. ඒ වගේම මේ දේවල් නිසා ඔබේ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍යයත් පිරිහෙන්න පුළුවන්. යුවතියන් වශයෙන් ඔබ උදේට ඔෆිස් යනකොට ඔබේ මුහුණ ගැන ඉතාම සැලකිලිමත් වෙනවා නේද. දන්න දන්න makeup tricks ඔක්කොම දාලා මුහුණ ඉතාම සුන්දරව පෙනෙන්න සලස්වන්න ඔබ මහන්සි ගන්නා බව නොරහසකි. නමුත් මෙහිදී ඔබ මතක තබා ගත යුත්තේ බොහෝ දෙනෙක් ඔබගේ මුහුණ දිහා විතරක් නොවෙයි ඔබගේ කකුල් දෙසත් බලනවා කියලා.
ඔබේ කකුල් වියළිලා දූවිලි වැටිලා කකුල් වල කොරපොතු වගේ වියලි සම මතු වෙලා නම් වනාන්තරයක් වගේ කකුල් වල රෝම පිරිලා නම් ඔබ ආලේප කරලා තියන නිය ආලේපනයෙ පැහැය ඔබේ කකුලේ ඇඟිලි වලට නොගැළපෙනවා නම් එම නිය ආලේපනය තැන තැන නියපොතු වලින් ගැලවිලා ගිහින් නම් ඔබේ කකුල් ඇත්තටම අවලස්සන වෙලා ඇති. ඉතින් ඔබගේ මුහුණ බලන කෙනෙක් ඊළඟට ඔබගේ කකුල් දෙක දැක්කම ඔබේ පිරිසිදුකම සහ සැලකිල්ල ගැන එයින්ම ඔහුට හෝ ඇයට තක්සේරුවක් ලැබේවි. එමනිසාවෙන් කකුල් හොඳට හෝදලා, නියපොතු මැදලා, අනවශ්‍ය රෝම ඉවත් කරලා, නිසිලෙස නිය ආලේපන ගල්වලා ඔෆිස් යන්නටනම් කිසිමදාක අමතක කරන්නට එපා. ඒ වගේමයි කාන්තා ඔබගේ විලුඹ පැලිලා නම් එම පැලීම් අතර කුණු රැඳිලා කළු පැහැයෙන් කැතට පේන එක වළක්වන්න ඔබටවත් නොහැකිවේවි. එම නිසාවෙන් එම පැලීම් අවම කරගැනීම සඳහා ඔබ වඩාත් විශ්වාසනීය වෙළද සන්නාමයක් යටතේ එන ප්‍රතිඵලදායක foot cream එකක් භාවිතා කිරීම ඉතාමත් වැදගත්. එමෙන්ම එම පැලීම් නැවත යථා තත්ත්වයට පත්වන තුරු විලුඹ නොපෙනෙන ආකාරයේ පාවහන් පැළඳීම තුළිනුත් එම පැලීම් පිට අයට පෙනෙන එක වළක්වා ගන්නට ඔබට හැකිවේවි. යුවතියක් වශයෙන් ඔබ ලස්සනට සහ ආකර්ෂණීයව කාර්යාලයට යනවනම් එහි සිටින පුද්ගලයන්ගේද හිත දිනාගනිමින් වඩාත් හොඳින් දවස ගත කරන්නට ඔබට හැකියාවක් ලැබේවි.
බොහෝ දෙනෙක් ඔබගේ සුන්දරත්වය පිළිබඳව වෙනදාටත් වඩා කතා කරන්නට පෙළඹේවි. එමනිසාවෙන් ඔෆිස් යනකොට ඔබගේ ශරීරයේ සියලුම අංග වල පිරිසිදුතාවය පිළිබඳව සැලකිලිමත් වීම කාන්තාවන් වශයෙන් ඔබට ඉතාමත් වැදගත් බව සිහියේ තබාගන්න. එවිට ඔබගේ කාර්යාලයේ සිටින අනෙකුත් කාන්තාවන්ට වඩා ඔබව වඩාත් හොඳින් කැපී පෙනේවි.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
1129 Views
Comments