පැස්ටා රැජිණ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
21

පැස්ටා රැජිණ

පැස්ටා රැජිණ

නෝනා ඩෝරා මර්සොවිල්ලා පැස්ටා රැජින, පැස්ටා මැශින් යනුවෙන් හදුන්වනු ලබයි. ඒ ඇය සාම්ප්‍රදායික ලෙස පැස්ටා තම අතින්ම නිශ්පාදනය කරන බැවිනි. එය ඇයට කලාවකි.

1970, වයස අවුරුදු 34 දී තම සැමියා සහ දරුවන් සිව්දෙනා සමඟ ඉතාලියේ සිට නිව්යෝර්ක් නගරයට සංක්‍රමණය විය.

අඩ සියවසකට පමණ පසු 83 හැවිරිදි “නෝනා” තවමත් තම මවගෙන් ලබාගත් පැස්ටා සාදන සාම්ප්‍රදායික ශිල්පය භාවිතා කරයි.

ප්‍රථම වරට ඇමරිකාවට පැමිණි විට, මාසෝවිල්ලා මැහුම් ශිල්පිනියක ලෙස සේවය කරමින් ඇගේ පවුලට සහයෝගය දැක්වූවාය. එය ඇයට ඉතා අපහසු වූ නමුත් හැකි තාක් ප්‍රගුණ කල බව ඇය පවසයි.

මාර්සෝවිල්ලා 5 වන පන්තියේ සිටම කර්මාන්තශාලා වල ස්ථිරව වැඩ කරමින් සිටියේය. ඇගේ දරුවන් එක්සත් ජනපදයේ වැඩිහිටියන් බවට පත්වීමෙන් පසු ඇගේ පුත් නිකොලා මෑන්හැටන්හි කදිම භෝජනාගාරයක් විවෘත කළේය. ඒ, මර්සොවිල්ලා පැස්ටා සඳහා මැහුම් වැඩ අතහැර දැමූ විටය.

ඇයගේ ප්‍රියතම පැස්ටා වන්නේ ඔරෙචියෙට් - එහි අර්ථය ඉතාලි භාෂාවෙන් “කුඩා කණ” යන්නයි. මන්ද එය දකුණු ඉතාලියේ ඇගේ උපන් ප්‍රදේශයට ආවේණික බැවිනි.

 

 


කැවාටෙලි, ෆෙට්ටුසීන් සහ රවියෝලි ද ඇතුළුව ඇය පැස්ටා වර්ග 10 ක් පිළියෙළ කරයි, සමස්තයක් වශයෙන්, ඇය දිනකට පැස්ටා රාත්තල් 20 ක් පමණ සාදයි. එය ඇයව සතුටින් තබන අතර, මහලු වියේදී පවා ඇයට එය තරුණ බවක් දැනේ.

මගේ ජීවිතය මීට වඩා හොඳයි, මොකද මගේ ස්වාමිපුරුෂයා අවුරුදු 30 කට පෙර අභාවප්‍රාප්ත වී තනිවම සිටීම හොඳ නැහැ කියා සිතුනා මම එළියට යනවා, මම මගේ පුතාට ඔහුගේ ආපනශාලාවට ඇවිත් උදව් කරනවා, මම සතුටින්." ඇය පැවසුවාය.

ඇය මෙම පැස්ටා කලාව තම මුණුබුරු මිණිබිරියන්ටත් ඉගැන්වීම කරයි.

 

 

by Kaushalya De Silva

Photo Source: Internet

 
views

701 Views

Comments

arrow-up