පමණ දැන ගත යුතු සුදු ලූණු
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
03

පමණ දැන ගත යුතු සුදු ලූණු

පමණ දැන ගත යුතු සුදු ලූණු

සුදු ලූණු වල ඇත්තේ කිසිවිටෙකත් අවතක්සේරු කළහැකි ගුණයක් නොවේ. එක් සුදුලූනු බිකක කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 01ක් සෝඩියම් මිලිග්‍රෑම් 01ක්පොටෑසියම් මිලිග්‍රෑම් 12ක් කැල්සියම් මිලිග්‍රෑම් මිලිග්‍රෑම් 5ක් අඩංගුවේ. වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති ආයුර්වේදයේ පමණක් නොව නූතන වෛද්‍ය විද්‍යාව මගින්ද සුදු ළූණු ගෙඩියේ ගුණ අනාවරණය කර තිබේ. අධික රුධිර පීඩනය අඩුකර ගැනීමට හදවත සුරැකීමට අක්මාව සුරැකීමට හා පිළිකා වළක්වන ගුණ සුදු ලූනු සතුව පවතී. වැසි සහිත කාලයට වැඩි දෙනෙක් සෙම්ප්‍රතිශ්‍යාවට ගොදුරු වීමේ ඉඩකඩ ඉතාම වැඩියි. නවීන පර්යේෂණවලින් පෙන්වා දී ඇත්තේ සුදු ලූනු දිනපතා ආහාරයට ගැනීම සෙම්ප්‍රතිශ්‍යාව ෆ්ලූ වැනි රෝග වලට ගොදුරු වීමේ අවදානම අඩු කරන බවයි.

ප්‍රියමනාප ගන්ධයක් නැතත් බොහෝමයක් චර්ම රෝග වලට සුදු ලූනු කදිම පිලියමක්. මෙහි ඇති කැල්සියම් නිසා සොරයිසීස් දිලීර වෛරස ආසාදන වළක්වා තුවාල සුව කර සම වයස් ගත වීම වළක්වමින් තාරුණ්‍ය රැකදීමට සදු ලූනු වලට හැකියාව ලැබෙනවා. එදිනෙදා අපි පීඩා විඳින යම් යම් රෝගාබාධ කිහිපයකට සුදු ලූනු ආශ්‍රයෙන් සකස් කරගත හැකි සාර්ථක පිළියම් කිහිපයක් පහතින් දැක්වෙනවා.

උණ ඇති විට: සුදුලූනු බිකක් තලා ගිතෙල් ස්වල්පයක් එක්කර උණ පවතින තුරු දිනපතා ආහාරයට ගන්න.

අහිතකර කොලෙස්ටරෝල් වැඩි නම් තරබාරු නම්: ගාගත් ඉඟුරු තේ හැඳි භාගයක් දෙහි යුෂ තේ හැඳි භාගයක් සමග සුදු ලූණු බිකක් ආහාරයට ගන්න.

ඉදිමුම සහ වේදනාට: සුදු ලූනු ගෙඩියක් තළා පල්පයක් සකස් කර අදාළ තැන ගල්වන්න.

හිසකෙස් වැටීමට: සුදු ලූණු තලා යුෂ ගෙන හිස් කබලේ ගල්වන්න. එය හොඳින් සම්භාහනය කරන්න. මෙම සත්කාරය ඉස්සොරි වලට සාර්ථක පිළියමකි.

මී පැණි සහ සුදු ලූනු පිරිමින්ගේ කායික දුබලතාවයන් සඳහා පිළියමක් වෙනවා. සුදු ලූනු කිරි හා ජලය සංයෝග වීම නිරෝගී සුව ජීවිතයක් ඔබට ළඟාකර දෙයි. නින්දට පෙර හෝ උදෑසන හිස්බඩ මෙම මිශ්‍රණය පානය කරන්න.

ස්වසන ආබාධ වලට: මි පැණි මේස හැඳි එකක් සුදු ළූණු බිලූනු බික් හතරක් ජලය කිරි කෝප්ප එකක් එක් කර සාදාගත් මිශ්‍රණය මිනිත්තු තුන හතරක් රත්කර සිසිල්වන්නට හැර පානය කිරීම ස්වසන ආබාධ වලට පමණක් නොව සියලු රෝග වලට අසීමිත ගුණ ලබාදෙයි.

කොතරම් ගුණදායක වුවත් පමණට වඩා සුදු ලුණු පරිභෝජනය සිරුරට අහිතකර වන්නේ එමගින් සිරුරේ උශ්ණත්වය ඉහළ යන බැවිනි. ඉන් සෞඛ්‍ය ගැටලු රැසක් උද්ගත වෙනවා. මේ නිසා පමණ දැන සුදු ලුණු භාවිතා කර ඔබේ දිවිය නිරෝගී කර ගැනීමට උත්සහ කරන්න

 

 

 

 

 

 

 

by Dilki Shamani

views

4454 Views

Comments

arrow-up