ශාක වලින් මිදුලේ නව හැඩ මවමු

සාමාන්‍යයෙන් උද්‍යානයක් නිර්මාණය කිරීමේදී ඊට අන්තර්ගත ශාක වල අතු ඉති පැතිරයාම වෙනස් කිරීමටත් ශාක පරිහරණය පහසුවටත් ශාක කප්පාදු කිරීම් සිදුකරනවා. ඒ අනුව ශාක වල විශාලත්වය වැඩි වීම පාලනයට ශාක නිසා ආවරණය වූ භූමි වලට හිරු එළිය ලැබීමට මල් පිපීමට හා ගෙඩි හැදීම වර්ධනය කිරීමට ගෙමිදුලට නව හැඩයක් එකතු කිරීමට ශාක කප්පාදුව සිදු කරනවා. මෙම ශාක කප්පාදුව ආකාර කිහිපයකට සිදු කළ හැක. ඒ පිළිබඳ සටහනක් මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරෙනවා.
1.ශාක සම්පූර්ණයෙන්ම කප්පාදු කිරීම
මෙහිදී පත්‍ර සහිත ඉහළට වැඩුණු අතු ඉති සියල්ලම ඉවත් වන ලෙස කඳ කොටස පමණක් ඉතිරි වන තුරු කප්පාදු කරයි. ප්‍රභාසංස්ලේෂණයට පත්‍ර නොමැති නිසා ශාක වර්ධනයට අවශ්‍ය ආහාර ලබා ගැනීමට නව දළු වැඩීමක් සිදුවෙනවා. ඒවා පෙර පරිදි නොවී වෙනස් හැඩයකට නිර්මාණය වෙනවා.
2. සම මට්ටමේ කප්පාදුව
විශේෂයෙන්ම මෙම කප්පාදුව වැට මායිම් වලට මෙන්ම පාර දෙපස වවන දුරන්තා එක්සෝරා හා බට පඳුරු වැනි ශාක වලට සිදුකරනවා. එහිදී එකම මට්ටමකට ශාකය කප්පාදු කරන අතර ඉන්පසු ඉහළට වැඩෙන ශාකයේ සියලු කොටස් කපා ඉවත් කිරීම සිදු කරනවා. මෙම කප්පාදුවෙන් අනතුරුව එහි මතුපිට මේසයක් තරමට සම මට්ටමකට පවතිනවා.
3. ශේෂ කප්පාදුව
මෙම කප්පාදුව සිදු කරනුයේ කෘෂි විද්‍යා මූලධර්මයට අනුව. එනම් ශාක වර්ධනයට අවශ්‍ය පිෂ්ඨය වැඩි ප්‍රමාණයක් ශාක තුළම රඳවා ගැනීමේ අරමුණින් ශාකයේ කොටසක් ඉතිරි කර අතු ඉති සියල්ලම සම මට්ටමින් කප්පාදු කරනු ලබයි. මෙමගින් ශාකය තට්ටු කිහිපයකට නිර්මාණය කරගැනීමට හැකියාව ලබාගැනීමට හැකියාව ලැබෙනවා.
4.හැඩ කප්පාදුව
තම රුචිකත්වය අනුව අවශ්‍ය හැඩය තෝරා ගෙන ඒ අනුව ශාකය කප්පාදු කිරීම මෙම ක්‍රමයේදී සිදු වෙනවා. යම් ස්වරූපයක් මතු කර ගැනීමට හැකි වීම මෙහි විශේෂත්වයයි.රවුම් හෝ ත්‍රිකෝණාකාර හැඩයක් නිර්මාණශීලීව යොදා ගැනීමට අවශ්‍ය පරිදි පත්‍ර හා අතු ඉති ප්‍රමාණය ශාකයේ පවතිනවා ද යන්න සොයා බලා ඔබේ නිර්මාණය තෝරා ගත යුතුයි. මෙලෙස විවිධ හැඩතල මතු කර ගැනීමේ අවශ්‍ය පරිදි ලී දඬු සිටුවා ලණු ඇද ක්‍රමානුකූලව මෙය සිදු කළ යුතුයි. අනතුරුව ඒවා සීමා මායිම් ලෙස භාවිතා කරමින් පහසුවෙන් හැඩතල කපා ගැනීමට හැකියාව ලැබෙනවා.
නිසි ප්‍රමිතියකින් තොර බාල කප්පාදු කතුරක් භාවිතයත් හොඳ නිර්මාණයක් කිරීමට බාධාවක් වෙනවා. මේ නිසා වෙළඳපොළෙන් හොඳ කප්පාදු කතුරක් තරමක් මිල අධික වුවත් මිලදී ගැනීම ඔබට සාර්ථක නිර්මාණයක් අත්කරදේවි. මෙවැනි කප්පාදු ක්‍රම පිළිබඳව අවබෝධයෙන් ඔබත් ඔබේ නිවසේ ඇති ශාක වලින් සොඳුරු වැඩමවා සුන්දර ගෙවත්තක් සකස් කර ගැනීමට උත්සාහ කරන්න.
by Dilki Shamani
1450 Views
Comments