සුවද විලවුන් හරයටම භාවිතා කරන්නේ මෙහෙමයි

තරුණ වැඩිහිටි හැම කෙනෙක්ම වගේ දවසම සුවඳවත්ව තියාගන්න හරිම කැමති. මේ නිසාම තමයි විවිධ වර්ගයේ සුවඳ විලවුන් තමන්ගේ කැමැත්ත පරිදි තෝරා ගන්න පුරුදු වෙලා තියෙන්නේ. මොන තරම් මිල අධික සුවඳ විලවුන් මිලදී ගත්තත් එහි සුවඳවත් බව දවසම පවතින්නේ නැත්නම් නැති එක බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. සුවඳ විලවුන් වල සුවඳවත් බව දවස පුරාම රැකගන්න අනුගමනය කරන්න පුළුවන් පුංචි පුංචි Tips කිහිපයක් දැනුවත් කරන්නයි මේ සූදානම.
ශරීරය හොඳින් පිරිසිදු කරගන්න.
සුවඳ විලවුන් පාවිච්චි කරන්න කලින් ඔබේ ශරීරය පිරිසිදු කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඉන්පසු ඔබේ සමට හොඳින් මොයිස්චරයිස් ක්‍රීම් වර්ගයක් ආලේප කරගත යුතු වෙනවා. විශේෂයෙන්ම වියළි සමට වඩා තෙල් සහිත සමයෙහි සුවඳ විලවුන් වල සුවඳවත් බව හොඳින් පවතින බවයි සොයාගෙන තියෙන්නේ. සුවදවත් බව අඩු බොඩිලෝශන් එකක් ආලේප කිරීම මෙහිදී ඉතාම සුදුසු වෙනවා. වඩාත් වැදගත් වන්නේ සමේ තෙතමනය හොඳින් ආරක්ෂා කරගැනීමෙන් පසු සුවද විලවුන් භාවිතා කිරීමයි.
සුවඳ විලවුන් ගල්වන ස්ථානය හරිම වැදගත්.
සුවඳ විලවුන් වල සුවඳවත් බව ආරක්ෂා කර ගැනීම සඳහා ඒවා ගල්වන ස්ථානය හරිම වැදගත් වෙනවා. මුලු ඇඳුමට සුවඳ විලවුන් ස්ප්‍රේ කරන්න හොඳ නැහැ. එසේ කිරීමෙන් දහඩිය සමඟ මිශ්‍ර වන මෙම සුවඳින් දුර්ගන්ධයක් ඇතිවිය හැකියි. විශේෂයෙන්ම අතේ මැණික් කටුව ප්‍රදේශයේ ඇතුළු පැත්තේ, වැලමිට ප්‍රදේශයේ ඇතුළු පැත්තේ, කන පිටුපස උරහිස දනහිස් ඇතුල් පැත්ත වැනි තැන්වල සුවඳ විලවුන් ගැල්වීමෙන් සුවඳවත් බව වැඩි වේලාවක් රඳවා ගන්න පුළුවන් වෙනවා.
හිසකෙස් වල සුවඳවත් බවත් වැදගත්
ශරීරයට මේවගේ සුවඳ විලවුන් ආලේප කළත් අව්වට දහඩියට නිරාවරණය වන හිසකෙස් වලින් දුර්ගන්දයක් මතුවෙන්න පුළුවන්. ඒ නිසාම හිස් කබලේ සහ හිසකෙස් වල සුවඳවත් භාවය ආරක්ෂා කරගැනීමත් ඇතුලත් වෙනවා. ඒ සඳහා අපි කොන්ඩෙ පීඩන දැති ලොකු පනාවකට හෝ බ්‍රෂ් එකකට සුවඳ විලවුන් ස්ප්‍රේ කර එම උපකරණය මඟින් කොන්ඩය හිස්කබල පීරන්න පුළුවන්. එවිට කොන්ඩෙට සෘජුව සුවඳ විලවුන් ස්ප්‍රේ කිරීම සිදු නොවන නිසා කිසිම හානියක් සිදුවන්නෙත් නැහ. විශේෂයෙන්ම රසායනික ද්‍රව්‍ය යොදා පෙනුම වෙනස් කළ කොන්ඩ වලට නම් මෙය අනුගමනය කිරීම එතරම් සුදුසු නැහැ.
දවස පුරාම සුවඳ විලවුන් වල සුවඳවත් භාවය පවත්වා ගෙන යාම සඳහා ඉහත කරුණු ඔබත් අනුගමනය කර බලන්න.
by Dilki Shamani
1041 Views
Comments