විවිධ ඒ වයස් සීමාවල දී ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත් ඒ ගැන ඔබ දැනුවත්ද ?

පුද්ගලයකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමටත් විවිධ වූ රෝග වර්ග ආසාදනය වීම අඩු කිරිම සදහාත් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දෙයි .මෙම ප්‍රතිශක්තිකරණ එන්නත් බොහෝ විට ලබා දෙන්නේ සෑම පුද්ගලයකු ම කුඩා අවදියේය . එනම් උපතේ සිට අවුරුදු එකොළහක් සම්පූර්ණ වනතුරු නියමිත වයස් සීමාවල දී ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දෙයි.මීට අමතරව කාලීනව බෝ වීමේ අවදානමක් ඇති රෝග සඳහාත් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දෙයි .
*ඒ අනුව උපතේදි බී.සී.ජී එන්නත ළදරුවන් හා ළමුන්ට වැළඳෙන රෝග තත්ත්වය වැළැක්වීම සඳහා ලබා දෙයි .
*පංච සංයුජ එන්නත 1,පෝලියෝ මුඛ එන්නත1,අජීවි පෝලියෝ එන්නත1 යන එන්නත් වර්ග මාස දෙක සම්පූර්ණ වූ විටත්,මාස හතර සම්පුර්ණ වූ විට පංච සංයුජ එන්නත 2,පෝලියෝ මුඛ එන්නත2 ,අජීවි පෝලියෝ එන්නත2 යන එන්නත් පෝලියෝ, ගලපටලය, පිටගැස්ම, කක්කල් කැස්ස ,හෙපටයිටීස් බී, හිමෝෆීලස් ඉන්ෆ්ලුවෙන්සා බී යන රෝග වැළැක්වීම සඳහාත් දෙනු ලබයි .
*සරම්ප ,කම්මුල්ගාය ,රුබෙල්ලා යන රෝග වැළැක්වීම සඳහා මාස නමය හා අවුරුදු තුන සම්පූර්ණ වූ විට සරම්ප ,කම්මුල්ගාය ,රුබෙල්ලා1 ,2යන එන්නත් ලබාදෙයි.
*මාස 12 සම්පූර්ණ වූ විට ජපන් නිදිකර්පථප්‍රදාහය යන එන්නත ජපන් නිදිකර්පථප්‍රදාහය යන රෝගය වැළැක්වීම සඳහා දෙනු ලබයි .
*පෝලියෝ මුඛ එන්නත 4 ,5 ත්‍රිත්ව එන්නත ද්විත්ව එන්නත යන එන්නත් පිළිවෙලින් මාස 18 සම්පූර්ණ වූ විටත් අවුරුදු 5 සම්පූර්ණ වූ විටත් අවුරුදු 11 සම්පූර්ණ වූ විට ඒ.ටී.ඩී එන්නත (වැඩිහිටි පිටගැස්ම හා ගලපටලය එන්නත ) යන එන්නත් පෝලියෝ ,ගලපටලය ,පිටගැස්ම යන රෝග වැළැක්වීම සඳහාත් දෙනු ලබයි .
*අවුරුදු 10 සදහය සම්පූර්ණ වූ විට ගැහැණු දරුවන් සඳහා පමණක් එච්.පී.වී එන්නත 1 ත් පළමු මාත්‍රාවෙන් මාස හයකට පසු එච්.පී.වී එන්නත 2 ලෙසත් ගැබ්ගෙල පිලිකා වැලැක්වීම සඳහාත් දෙනු ලබයි.
විශේෂයෙන් එන්නතකින් පසු සුළු අතුරු ආබාධ ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් උදාහරණයක් ලෙස එන්නත් කළ ස්ථානය රතු වීම ,ඉදිමීම ,සම යට ගැටිති මතු වීම, සමේ පලු මතුවීම, වැනි සුළු අතුරු ආබාධ සඳහා විශේෂ ප්‍රතිකාරයක් අවශ්‍ය නොවේ.නමුත් එන්නතකින් පසුව ඇති වන උණ, වලිප්පු හෝ තදබල අසාත්මිකතාවයන් ,හුස්ම ගැනීමේ අපහසුතා, ඇඟ පුරාම පලු මතුවීම වැනිවැනි අතුරු ආබාධයක් ඇති වුවොත් වෛද්‍ය වරයකුගේ උපදෙස් අනුව කටයුතු කිරීම සිදු කළ යුතුයි .
by Dilki shamani
Photo Source: Internet
21731 Views
Comments