ආහාර, පෝෂණය හා ගෙවතු වගාව 11

"ගොවියාගේ මිතුරා ගැඩවිල් පණුවා". මෙලෙස කියමනක් ඔබ අසා ඇත එහෙත් ගැඩවිලුන් අප සියලුම දෙනාගේම මිතුරෙකි.
පැළ සදහා හිතකර හියුමස් පස නිපදවීමට සමත් ගැඩවිල් පණුවන් ගොවියාගේ මිතුරා ලෙස සැලකේ.
පැළයක මූල මණ්ඩලය විසිරී පවතින්නාවූ මතුපිට පසෙහි හා අගල් කිහිපයක් ගැඹුරට විහිදී ඇති කාබනික ද්‍රව්‍ය බහුලවූ පස් තට්ටුව තුළ මේ ගැඩවිල් පණුවා ගේ වාසස්ථානය වේ.
ගැඩවිල් පණුවා ගෙන් ඇති වාසිය කුමක්ද? ගැඩවිල් පණුවා පස සිදුරු කරයි. එය පස තුළ වාතය ගෙන යාමට උපකාරී වේ. දිරා යන කාබනික පොහොර ආහාරයට ගනිමින් ගැඩවිල් පණුවා පිට කරන අපද්‍රව්‍ය පැළෑටියට අගනා පොහොරකි.
අක්කරයක ජීවත් වන ගැඩවිල් පණුවන්ට වසරකට හියුමස් සහිත පස් මෙට්‍රික් ටොන් 15 කට වඩා නිපදවිය හැකි බව පර්‍යේශකයින් විසින් ගණන් බලා ඇත.
එබැවින් දිරා යන සුළු කාබනික ද්‍රව්‍ය වුවද විනාශ නොකර ක්‍රමානුකූලව දිරා යාමට සලස්වා වගා බිමෙහි පසට එක් කරන්න. එමගින් ගැඩවිල් පණුවන්ට ආහාර ලැබෙන අතර හියුමස් සහිත සරු පසක් නිපදවීම සිදු කරයි. හියුමස් සහිත පසක අප වගා කරන ඕනෑම පැළයක් ඉතා සරුවට වැඩේ.
එමනිසා මෙම ජීවියා පස සරු කරන ගැඩවිල් පණුවා අපගේ මිතුරෙකි.
by Kaushalya De Silva
Photo Source: Internet
1960 Views
Comments