කාන්තාවන්ට හිසරදයක් වී ඇති පිග්මන්ටේෂන්

විශේෂයෙන්ම යුවතියන්ගේ සුන්දරත්වයට බාධා කරන කරුණු අතර මුහුණේ ඇතිවන පිග්මන්ටේෂන් ප්‍රධාන තැනක් ගනියි. නිසි පරිදි පහනොවූ කුරුලෑ, තෙල් සහිත සම, බැක්ටීරියා ආසාදන, අවට පරිසරයේ උෂ්ණාදික බව, මානසික ආතතිය වැනි කරුණු හේතු කොටගෙන පිග්මන්ටේෂන් ඇතිවිය හැකියි.
පිග්මන්ටේෂන් යනුවෙන් සරලව හැඳින්වෙන්නේ පුද්ගලයන්ගේ සමේ ඇතිවන විකෘති තත්ත්වයන්ය. ස්වාභාවික සෙලියුලෝස් සාරය, කිරි ප්‍රෝටීන් සාරය, සැන්තන් ගම් සාරය සමේ ඇතිවූ පිග්මන්ටේෂන් ඉවත්කර ඔබේ මුහුණ සුන්දර කළ හැකි ස්වභාවධර්මයේ සුවිශාල වූ දායාදයන් වෙයි. ස්වාබාවික සෙලියුලෝස් සාරය මගින් hydrochloride බන්ධන කඩා දැමීම මගින් සම තුලට ගිලා කාවැදී ඇති පිග්මන්ටේෂන් ඉවත් කිරීමට හැකියාව පවතී. එසේම සම යනු අප ශරීරයේ වූ විශාලතම ඉන්ද්‍රියයි. මේ සම පුරා රුධිර සංසරණය ක්‍රමවත් මෙන්ම වේගවත් කර එක තැන රැස්ව කැටි ගැසී ඇති ශරීරයට අනවශ්‍ය කොටස් ඉවත් කිරීමටත් සෙලියුලෝස් දායක වේ. තවද ස්වභාවික කිරි ප්‍රෝටීන් මගින් පිග්මන්ටේෂන් ඉවත්වීම නිසා හිස් වූ අවකාශයන්ට ඇතුලත සිට පෝෂණය ලබාදී ගෙවී ගිය කොටස් නැවත වර්ධනය කිරීමට දායක වේ. එසේම සමෙහි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය මූලද්‍රව්‍ය වන මැග්නීසියම්, සල්ෆර්, පොස්පරස්, විටමින්, ස්වාභාවික ඛණිජ ආදිය ස්වභාවිකව සැපයීමටත් හැකියාව කිරි ප්‍රෝටීන් වලට තිබේ. සැන්තන් ගම් සාරය යනු විශ්මිත ගුණ පවතින ස්වභාවික ශාක සාරයකි. එමගින් සම මතුපිට සිටින්නාවූ බැක්ටීරියාවන් විජලනයට ලක් කර සමෙන් ඉවත් කිරීමට දායක වන අතර සමට අමතර තෙතමනයක් ද ලබා දෙයි. තවද එමගින් වයස්ගත ලක්ෂණ පමා කිරීමට ද හැකියාව පවතී. සමේ හැඩය නිසි පරිදි පවත්වා ගැනීමටත් සමට අවශෝෂණය වීමේ හැකියාව ඉතා ඉහල බැවිනුත් සමෙහි ඇතිවූ පිග්මන්ටේෂන් ඉවත් කිරීමේ හැකියාව ද ඉහලයි. තවද විටමින් C,E, B6 මගින් මෙලනින් වර්ණකය නිසා සමෙහි ඇතිවන අවපැහැ ගැන්වීම් අඩු කරන අතර එමගින් පිග්මන්ටේෂන් සමෙන් ඉවත් කර ගැනීමට හැකියාවක් ලැබේ. මෙවැනි ස්වභාවික සත්කාරයන් ඔබගේ මුහුණට ලබා ගැනීමට හැකියාවක් පවතී නම් ඔබටත් පිග්මන්ටේෂන් වලින් තොර සුන්දර සුසිනිදු මුව කමලක් ලබා ගන්නට හැකියාවක් පවතී.
එවිට ඔබ අන් අය අතර වඩාත් කැපී පෙනෙන යුවතියක් වනු ඇත. යුවතියකගේ පෞරුෂත්වය විදහා දක්වන එක් අංගයකි ඇයගේ මුහුණ. සුන්දර මුහුණක් සහිත නම් කාන්තාවකගේ පෞරුෂත්වය වැඩි වනු ඇත. ඔබත් අදම පිග්මන්ටේෂන් වලින් තොර පැහැපත් මුහුණක් පවත්වා ගැනීමට කටයුතු කරන්න. එවිට ඔබටත් ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය මංපෙත් බොහෝමයක් විවර වනු ඇත.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
709 Views
Comments