සම රැකදෙන ලෝෂන්

සම කියන්නේ අපේ සිරුරේ තියෙන විශාලතම ඉන්ද්‍රියයි. ,සමෙන් සිදුකරන ප්‍රධාන ම කෘත්‍යන් වන්නේ , ශරීර අභ්‍යන්තරයේ ඇති ඉන්ද්‍රියයන් ආරක්ෂා කිරීම සහ දේහ තරල යාමනයට ද දායක වේ. බාහිර පරිසරය නිරන්තරයෙන්ම වෙනස්වීම් වලට ලක්වේ. එනම් , අව්ව , වැස්ස, දූවිලි, අධික ශීතල වැනි තත්ව වලදී සමට හානි සිදුවීම වළක්වන්න බෑ. මේ යනාදී කරුණු නිසා, ඒ තත්වයන් ට ඔරොත්තු දෙන ආකරයට ආලේපන තෝරා ගැනීම ඉතාමත් වැදගත් .
මිනිසා ඈත අතීතයේ සිටම සම සුමුදු සුසිනිඳුව තබාගැනීමට විවිධ ශාක තෙල් වර්ග භාවිත කළේය. විශේෂිතව සකසන ලද ලෝෂන් වර්ග ඊජිප්තු ශිෂ්ටාචරය පැවැති යුගවල භාවිත වූ බව වාර්තා වී ඇත.
Lotion යනු Cream එකකට වඩා අඩු ඝනත්වයකින් යුතුවූ සමට සුසිනිඳු සුමුදු බවක් ලබාදෙන බාහිර ආලේපනයකි. Lotion විශේෂයෙන්ම දැත්, දෙපා මෙන් ම ශරීරයේ ඕනෑම ස්‌ථානයක ආලේප කළ හැකි ලෙස සකසා ඇත.
ඔබ දැනුවත් විය යුතු කරුණක් නම්, මුහුණට ලෝෂන් ආලේප නොකරන අතරම මුහුණට ක්‍රීම් එකක ආලේප කරයි. Lotion එකක් මගින් මූලිකව සමේ තෙතමනය රැකදීම සිදුකරයි. ඊට අමතරව අඩංගු ක්‍රියාකාරි සංඝටකවල ස්‌වභාවය අනුව එය විවිධ විය හැකි SPF අඩංගු ලෝෂන් වර්ග මගින් සුර්යයාගෙන් නිකුත්වන අහිතකර UVA කිරණ මගින් සිදුකරන හානිය අවම කරයි. සම පැහැපත් කිරීමටම සැකසුණ ෆෙයානස් ලෝෂන් වර්ගද වෙළෙඳපොළේ ඇත.
ලෝෂන් මගින් සමේ තෙතමනය රැක දෙන්නේ කෙසේද?
සම මත ජලය පිටතට ඒම වළක්වන ස්වභාවික ආරක්ෂක පටලයක් ඇත. එය සමේ තෙතමනය සමබරව පවත්වාගෙන යෑමට උපකාරී වේ. මෙම පටලයට බාධා සුදුවූ විට සම වියළි ඉරි තැලුණු ස්වභාවයක් ගනියි. ඉන් සිදුවන්නෙ සමට වියපත් පෙනුමක් ලැබීමයි. වියළි සමක් තිබීම හේතුවෙන් බොහෝදෙනා මොයිස්‌චරයිසර් අඩංගු ලෝෂන් කෙරෙහි යොමුවී සිටිති.
එමෙන් ම එමගින් අකලට මහලු පෙනුමක් ලැබේ. මොයිස්‌චරයිසින් අඩංගු රූපලාවන්‍ය නිෂ්පාදනයන් මගින් මෙම ලිපිඩ අඩංගු ආරක්‍ෂක පටලය අලුත්වැඩියා වීම සිදුවේ.
එකිනෙකා ගෙන් එකිනෙකාට සමේ ස්වභාවය වෙනස් වන්නට පුළුවන් . එනම් වියළි , සාමාන්‍ය , තෙල් සහිත සමක් හෝ මිශ්‍ර සමක් විය හැකියි. එමනිසා සමට ගැලපෙන හොද ලෝෂන් එකක් තෝරාගැනීමත් වඩා වැදගත් . මොයිස්‌චරයිසර් අඩංගු ලෝෂන්වල ඇති hydroxy, Glycerin වැනි ක්‍රියාකාරී සංඝටක මගින් සමේ තෙතමනය රැකදීම සිදුවේ. මේවා මගින් ජල අංශුවල ආකර්ෂණ ශක්‌තිය සමේ හානී වූ සෛල යථා තත්ත්වයට පත්කර සම සුමුදු කිරීම සිදුකරයි.
by Lakshani Dhananjalee Lankadhikara
Photo Source: Internet
728 Views
Comments