පුංචි දරුවකුට ආහාර දීම ආරම්භ කිරීමේදී අනුගමනය කළ යුතු කරුණු
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
28

පුංචි දරුවකුට ආහාර දීම ආරම්භ කිරීමේදී අනුගමනය කළ යුතු කරුණු

පුංචි දරුවකුට ආහාර දීම ආරම්භ කිරීමේදී අනුගමනය කළ යුතු කරුණු

පුංචි දරුවෙකු කායික හා මානසික යන දෙයාකාරයෙන්ම පරිපූර්ණ වීම නිරෝගී දරුවක ලෙස හදුන්වනවා .විශේෂයෙන් ම දරුවකුගේ කායික වර්ධනය නිසි අයුරින් සිදු වීමට දරුවාගේ නියමිත වයස් වලදී ඔවුන්ට අවශ්‍ය ආහාර නිසි පිළිවෙලට නියමිත වූ ආහාර පමණක් දීම වැදගත් වෙනවා .

ඒ අනුව දරුවාට වයස මාස 6 සම්පූර්ණ වූ වහාම එනම් දින එකසිය අසූවෙන් පසු මවුකිරිවලට අමතරව දරුවාට වෙනත් ආහාර දීම ආරම්භ කළ යුතු වෙනවා.නමුත් මවට ප්‍රසූත නිවාඩු නැතිනම් හා මව්කිරි දොවා තබා යාමට යෑමට කිසිසේත්ම නොහැකි නම් හෝ මව්කිරි නිසි ලෙස ලැබෙද්දීත් දරුවාගේ වර්ධනය අඩාල වීමේ අවධානමක් ඇත්නම් මාස පහේ සිට අමතර ආහාර දීම ආරම්භ කළ හැකිය.

* අමතර ආහාර හඳුන්වා දෙන විට ආරම්භයේ දී හොඳින් මත් ගාගත් බත් තලපයකට දොවා ගත් මව් කිරි ස්වල්පයක් එකතු කර දරුවාට බඩගිනි වූ විට කවන්න .පසුව මවුකිරි ද ලබා දෙන්න.ආරම්භයේ දී ලබා දෙන බත් තලපයට පළමු දින තේ හැඳි දෙකක් තුනක් පමණ දෙන්න .පසුව ක්‍රම ක්‍රමයෙන් බත් තලපය සෑදීමට එකතු කරන බත් ප්‍රමාණය වැඩි කරන්න .


*මෙසේ අමතර ආහාර හඳුන්වා දී දින තුනක් පමණ ගත වූ පසු බත් වලට ඇට වර්ගයක් (පරිප්පු වැනි )එකතු කර මත් ගා කවන්න .කුඩුකරගත් හාල්මැස්සන් ,මාළු ,කුකුල් මස්, පීකුදු වැනි යකඩ බහුල ආහාර ද අමතර ආහාර හඳුන්වා දී සතියක් කින් පමණ පසු එකතු කිරීම ඉතා වැදගත් වෙනවා.එසේම ක්‍රම ක්‍රමයෙන් විවිධ එළවළු හා කොළවර්ග ද ආහාර පිළියෙල කිරීමේදී එකතු කර ගන්න.

 

 

 


*දරුවාට වරකට එක අලුත් ආහාර වර්ගයක් හඳුන්වා දෙන්න .එසේ දින තුනක් පමණ දුන් පසුව ගැටලුවක් නොමැති නම් තවත් අලුත් ආහාර වර්ගයක් එකට එයට එකතු කරන්න .

*මෙම ආහාර වට්ටෝරුවට පරිප්පු ,වට්ටක්කා, අලු කෙසෙල්, අර්තාපල් ,කැරට් වැනි එළවළු වර්ගද ත තම්පලා, සාරණ ,ගොටුකොළ, මුකුණුවැන්න වැනි පලා වර්ගද මේ කාලයේදි හඳුන්වාදීම කළ යුතු වෙනවා.

* එසේ ම දවසට එක් වරක් පොඩි කරගත් හෝ සූරාගත් කෙසෙල් ,පැපොල් ,ඉදුණු අලි පේර ,ඉදුණු කෙඳි අඩු අඹ කොමඩු වන පලතුරක් ආහාරයට ගැනීමට සලස්වන්න.

*අමතර ආහාර අරඹා සතියක් පමණ වන විට එයට තෙල් ස්වල්පයක් එකතු කළ හැකියි .උදාහරණයක් ලෙස පොල්තෙල් උකු පොල් තෙල් උකු පොල් කිරි බටර් මාගරින් තල තෙල් වැනි දෑ බත් තලපයට එකතු කල හැකි වෙනවා.

*එසේ දිනකට ප්‍රධාන ආහාර වේල් දෙකක් පමණ ලබා දෙන්න. කෑම වේල් අතරට දරුවාට අවශ්‍ය සෑම විටම මව්කිරි ලබාදෙන්න .

 

 

by Dilki Shamani

Photo Source: Internet

 
views

575 Views

Comments

arrow-up