ඔබේ දරුවාට ඇති වන අධික තරහව

පුද්ගලයෙකුට තරහවක් ඇති වීම, නැති නම් කෝපයට පත් වීම සාමාන්‍ය දෙයකි. කුඩා දරුවන්ටද විවිධ වූ හැගීම් ඇති වෙයි. සතුට, වේදනාව, දුක ඒ වගේම තරහව කියන දේ ඔවුන්ටත් සාමාන්‍යයි. ඔවුන්ට එවැනි හැගීම් නොදැනෙනවා යැයි අපට කීමේ හැකියාවක් නොමැත. එකම දේ වනුයේ ඔවුනට එම තරහව, කෝපය, වේදනාව අප මෙන් පාලනය කර ගත නොහැකි වීමයි. එනිසා කුඩා අවධියේදී අධික ලෙස තරහව ඇති දරුවකු නිසියාකාර හැසිරවීමට දෙමාපිය ඔබගේ වගකීමකි. ඔවුන්ව සමාජයට සුදුසු වන ආකාරයට අනුගත වීමට මගපෙන්විය යුතුයි. සමහර අවස්ථාවන්වලදී දරුවන් අධික තරහව නිසා කෑ ගසයි, කෝපාවිෂ්ඨ වී බඩු මුට්ටු විසි කරයි. වැඩිපුරම අඩයි. මෙය දෙමාපිය ඔබ හිතන්නේ රෝගයක් කියලා නම් ඔබ වැරදියි. මෙයට හේතුව ජාන වලින් හෝ දරුවා සිටින අවට පරිසරය තුළින් හෝ විවිධ වූ හේතූන් නිසා ඇතිවීමට හැකියි. ඉතින් මෙවැනි දරුවකු පහසුවෙන් පාලනය කරගත හැකි වන්නේ කෙසේද ?
ඔබ මුලින්ම දරුවා මෙසේ තරහ ගැනීම වූ හේතූන් සොයා ගත යුතුයි. බොහෝවිට පොදු හේතූන් කිහිපයක් බොහෝ දරුවන්ට මෙවැනි හැගීමක් ඇති වීමට හෙතු වේ.
> වැඩිපුර ඕනෑම දෙයක් නැවැත්වීමට යාම හෝ " එපා " කීම තුළින් අනවශ්‍ය ලෙස නීති පැනවීමෙන් > දරුවාගේ අදහස් නිසියාකාරව ප්‍රකාශ කිරීමට යාමේදී එය නැවැත්වීම තුළින්
> දෙමාපියන්ගේ කාර්යබහුලත්වය නිසා දරුවා යම් යම් කටයුතු වලට යොමු කිරීමේදී හදිසි කරවීම > දෙමාපියන් කෝප වී අඩ දබර ඇති කර ගැනීමෙන්
> කලහකාරී පවුල් පසුබිමක් මෙවැනි වූ දරුවන් අසාමාන්‍ය ලෙස කෑගැසීමත් බඩු මුට්ටු විසිකරමින්, විවිධ පිරිස් සිටින ස්ථාන වල කරදරකාරී අයුරින් හැසිරීමට පටන් ගනී.
දරුවා මෙවැනි තත්වයකට පත් නොවීමටත්, එවැනි තත්වයකින් මුදවා ගැනීමටත් ඔබ දෙමාපියෙකු ලෙස කල යුතු වන්නේ කුමක්ද?
> අනවශ්‍ය ලෙස නීති රීති පමුණුවමින් දරුවාව සිරකාරයෙකු මෙන් තබා නොගැනීම
> ඔවුන්ගේ මානසික මට්ටමට හොඳින් අවබෝධ කරගනිමින් කටයුතු කිරීම
> වැරදි දෙයක් කරන විට සැර වැර නොකර දරුවාට හැකිතාක් දුරට ආදරයෙන් පැහැදිලි කරදීම
> දරුවාව විවිධ වූ කාර්යයන් සිදු කිරීමට හදිසි නොකරවීම
> මව පියාගේ හෝ පවුලේ අන් අයගේ තරහවත් දරුවන් ඉදිරියේ පාලනය කර ගැනීම
> ආරක්ෂිතව ඔවුන් කරන කෙළි සෙල්ලමෙහි යෙදීමට අවස්ථාව ලබා දීම
> විවිධ වූ සෞන්දර්යාත්මක අංශ ඔස්සේ දරුවාව මෙහෙයවීම
> දරුවාගේ තරහව පාලනය කරගන්නා ආකාරය පැහැදිලි කරමින් දරුවාට සහය වීම
> දරුවාට ආදරය දැක්වීම
මෙසේ ඔබ දරුවා පිළිබඳව අවධානයෙන් සිටීමෙන් දරුවාගේ තරහව පාලනය කරගැනීමට උපකාරී වන අතර දරුවාට පහසුවෙන් හා සැනසිල්ලෙන් සිටීමට හැකි පරිසරයක් නිර්මාණය කරන්න. දිගින් දිගටම මෙම කෝපය, තරහව දරුවා තුළ ඇත්නම් ඔබට එය පාලනය කළ නොහැකි යැයි හැගෙන අවස්ථාවක දරුවාව උපදේශණ සේවයකට යොමු කිරීම සුදුසු වේ.
by Kaushalya De Silva
Photo source: Internet
1063 Views
Comments