වාස්තු විද්‍යානුකූලව උද්‍යානය සැලසුම් කරමු
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
30

වාස්තු විද්‍යානුකූලව උද්‍යානය සැලසුම් කරමු

වාස්තු විද්‍යානුකූලව උද්‍යානය සැලසුම් කරමු

වාස්තු විද්‍යාව බලපන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට විතරක් නෙවෙයි. එය පුළුල් පරාසයක් තුළ විහිදුණු විෂයක්. මේ නිසා වාස්තු විද්‍යාවේ යම් යම් සිද්ධාන්ත උද්‍යාන අලංකරණය සඳහාත් යොදා ගැනීමට අවස්ථාව ලැබී තියෙනවා. මේ ඒ පිළිබඳ සටහනක්.

වාස්තු විද්‍යාවේ යම් යම් දෝෂ නිවාරණය කර ගැනීමෙන් පසු ඉදිකිරීමට පසුබිම්වල ගෙවල් හා අවට පරිසරය ද හොඳින් ශක්තිය ස්ථානගත වී ඇත්නම් නිවෙස් හිමියන්ට වඩාත් සුබ ප්‍රතිඵල ගෙන දෙනවා. උද්‍යාන අලංකරණ නිර්මාණ පිළිබඳව සාකච්ඡා කිරීමේදී වාස්තු විද්‍යාවේ සිද්ධාන්ත පදනමක් වන පංච මහා භූත තත්ත්ව පිළිබඳ අවධානය යොමු කළ යුතු බව පැවසෙනවා.

එහිදී ආපෝ ගුණය නම් වැගිරෙන සුළු දේ අයත් වන දිශාව ලෙස සැලකෙන්නේ ඊසාන දිශාවයි. මේ නිසා එම ප්‍රදේශය ආශ්‍රිතව ජල මූලාශ්‍ර ස්ථානගත කිරීම උචිත ලෙස සැලකෙනවා. මේ සදහා ඊසාන උතුර නැගෙනහිර නැගෙනහිර ප්‍රදේශවල ගෙවත්තේ තණකොල සිට වීමත් උසින් අඩු තෙත රදන පැලෑටි වර්ග වගා කිරීමත් උචිත වෙනවා. මේනිසා එම ප්‍රදේශය ආශ්‍රිතව ළිං කැපීම පොකුණ පිහිටවීම අවම වශයෙන් ජල ටැංකියක් වත් රැඳවීම අතිශය ප්‍රයෝජනවත් වෙනවා.

පඨවි ධාතුව හෙවත් තද බවට හිමි නිරිත දිශාවේ පාෂාණ පර්වත දෘඩ පාංශු නිධි ආදිය පිහිටා තියෙනවා නම් අතිශයින් සුබපල හිමි කර දෙන බව පැවසෙනවා. එසේම වඩාත් පුළුල්ව වැඩෙන උසින් යුත් වෘක්ෂයන්ගේ සෙවන නිරිතට වැටීමෙන් නිවසේ වාස්තුමය සහනශීලී ගුණය වැඩි වැඩි කරගත හැකිවෙනවා.

 

 

 


ගිනිකොන කියන්නේ තේජෝ ගුණය හෙවත් උණුසුමට අයත් දිශාවක්. නිවසක ලිප ස්ථානගත විය යුත්තේ ගිනිකොනට. එසේ වුවත් මිදුලේ ගිනිකොණ ප්‍රදේශය ගිනිතැබීම හෝ දැල්වීම එතරම් පහසු නොවන නමුත් උණුසුම් බවක් ඇති කිරීම සුබ පල ගෙන දෙනවා. ඊට සෙන් උද්‍යාන ඉදිකිරීම ඉතාම සුදුසුයි. සෙන් උද්‍යාන වල ඇති රළු බොරළු වැලි ආදිය සුළු හිරු එළියෙන් පවා අතිශයින් රත්වෙනවා. එසේ උණුසුම ඉහළ යන ද්‍රව්‍යයන්ගෙන් ඉදිකරනු ලබන සෙන් උද්‍යාන ස්ථානගත වීමත් සමග ගිනිකොණ දිග උණුසුම ඇති කර ගැනීමට හැකියාව ලැබෙනවා. එවිට තේජෝ ධාතුව ගිනිකෝණ ප්‍රදේශයේ බලවත් වෙනවා.

මීට අමතරව නිවසේ වගා කළ යුතු විශේෂ ගස් වර්ග තියෙනවා. ඒවා එක් එක් සුවිශේෂී දිශාවට අනුව ස්ථානගත කිරීමෙන් වඩාත් සුබ පල ඇති කර ගැනීමට හැකියාව ලැබෙනවා. තුල්සි ඊතණ වගේම රාත්‍රී කාලේ සුවඳ විහිදුවන මල් වර්ගත් හැකිතාක් දුරකට නිවස අවට පිහිටවීම උචිත වෙනවා. එහිදී මෙම පැළ ඊශාන දිසාවට සිටවීම වඩා සුදුසු බව පැවසෙනවා.

ඒ ඒ පරිසරයන්ගේ ස්වභාවය අනුව සමහර ගස් වල රෝපණය කර ගැනීම අපහසු විය හැකියි. මීට අමතරව භාවිතා කරන පොහොර ජලය ආදිය හොඳින් ගස් වලට යෙදීමෙන් අතිශය සාරවත් ගෙවත්තක් සකස් කර ගැනීමට කර ගැනීමට හැකියාව ලැබෙනවා. මේ නිසා වාස්තු විද්‍යාවේ සඳහන් දෝෂ අවම වන පරිදි ගෙවත්ත නිර්මාණය කරගැනීමට උත්සාහ කරන්න. ඉන් ඔබට සුභ සුබ ප්‍රතිඵල රැසක් අත්වේවි.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

1763 Views

Comments

arrow-up