නිවැරදිව සම පිරිසිදු කරගන්නේ මෙහෙමයි

පැහැපත් සුන්දර පෙනුම අපේ කාන්තාවන්ට ආභරණයක්. ඔබතුමා නොවෙන විට පවතින දැඩි තරගකාරී සහ අභියෝගාත්මක ජීවන රටාව හේතුවෙන් කාන්තාවන්ට තමාගේ සම පිළිබඳව සැලකිල්ලක් දැක්වීමට ලැබී ඇත්තේ අවම කාලයකි. ඒ නිසාවෙන් කාන්තාවන්ගේ සම්මා දිනෙන් දින දුර්වර්ණ වී ඔවුනට ස්වභාවධර්මයෙන්ම ලැබී ඇති සැබෑ සුන්දරත්වය අහිමි වී යාමට පුළුවන. බොහෝ කාන්තාවන්ට ඔවුන්ගේ සම පිරිසිදු කළ යුතු ආකාරය පිළිබඳව නිවැරදි අවබෝධයක් නොමැති කම නිසාවෙන් ද දුර්වර්ණ ඔහු සමඟ හිමිකාරියක් වීමට ඔවුන්ට සිදු වී තිබේ. පවුලේ වගකීම් රැසක් හිමි වර්තමාන කාන්තාව එදිනෙදා ජීවිතයේදී වඩාත් අනෙකා වෙනුවෙන් කැප වෙන අතර තමා පිළිබඳව කැපවීමට ඔවුන්ට කාලයක් නොමැත. එනිසාවෙන් තම වයසට වඩා මහලු හෝ දුර්වර්ණ වූ සමක් ඔවුන්ට හිමි වීමට ඇති ඉඩ ප්‍රස්ථාව වඩාත් වැඩියි. කාන්තාවන් විසින් දිනපතාම තමාගේ සම පිරිසිදු කලයුතු නිවැරදි පිළිවෙළ පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම මෙම ලිපියෙහි අරමුණයි.
මෙහිදී මූලික වශයෙන් ම කාන්තාවන් ඔවුන්ගේ සමේ ස්වභාවය හඳුනා ගත යුතු වන අතර ඒ අනුව ඇයගේ සමට උචිත වන ආකාරයෙන් cleanser, toner සහ moisturizer වර්ග තෝරා ගත යුතුවේ. තවද හැකි සෑම විටම වඩාත් සුදුසු makeup remover හෝ makeup cleanser වර්ගයක් භාවිතා කරමින් ඇයගේ මුහුණේ ආලේප කර තිබෙන makeup හොඳින් ඉවත් කර ගැනීමක් කළ යුතු වේ. තවදුරටත් එදිනෙදා makeup භාවිත කිරීමෙන් වැළකී තමාට අත්‍යවශ්‍යම අවස්ථාවන්හිදී පමණක් මුහුණෙහි මේක්අප් ගැල්වීමට කාන්තාවන් විසින් වගබලා ගත යුතුයි. තවද කාන්තාවන් විසින් තමාගේ සමට ගැලපෙන ෆේස් වොශ් වර්ගයකින් අවම වශයෙන් දිනකට දෙවරක්වත් තමාගේ මුහුණ හොඳින් සෝදා පිරිසිදු ජලයෙන් පිරිසිදු කර ගැනීම අත්‍යවශ්‍යම කරුණකි. තවද කාන්තාවන් විසින් මුහුණ පිරිසිදු කිරීමෙන් මිනිත්තු කිහිපයකට පසුව ගැලපෙන toner එකක් සහ යහමින් සමේ තෙතමනය ආරක්ෂා කරවන moisturizer වර්ගයක් සමෙහි ආලේප කිරීමට අමතක නොකළ යුතුයි. මල් වචන වර්තමානයේ දී බොහෝ කාන්තාවන් තමාගේ මුහුණෙහි මැරුණු සම ඉවත් කිරීමට වැඩි අවධානයක් නොදක්වන අතර එම නිසාවෙන් දුර්වර්ණවූ හමක් සහිතව ජීවත් වීමට ඇයට සිදු වෙයි. සෑම කාන්තාවක් විසින් ම අවම වශයෙන් සතියකට දෙවරක් වත් තමාගේ සමට ගැලපෙන scrub විශේෂයක් පාවිච්චි කරමින් මුහුණේ ඇති මැරුණු සම ඉවත් කර ගතයුතු වේ.
අද වන විට වෙළෙඳ පොළෙහි විවිධ මිල ගණන්වලට විවිධ වූ සන්නාමයන් යටතේ moisturizer වර්ග මිලට ගැනීමට හැකියාවක් පවතින අතර කාන්තාවක් වශයෙන් ඔබ ඔබේ සමට වඩාත් ගැලපෙන moisturizer වර්ගය ම තෝරා ගැනීමට උනන්දු විය යුතුයි. තවද අහිතකර උෂ්ණත්වය ඔබේ සමට නවශ්‍ය ලෙස බලපෑම් ඇති කරන බැවින් හැකි පමණ සමට අහිතකර උෂ්ණත්වයන් හි වැඩි කාලයක් රැඳී සිටීමෙන් කාන්තාවන් විසින් වැළකිය යුතුවේ. තවද කාන්තාවන් විසින් තමාගේ මුහුණ පිස දැමීම සඳහා ගොරෝසු තුවායක් හෝ රෙදි කඩක් භාවිතා කරනවා වෙනුවට කපු මිශ්‍ර පිරිසිදු මෘදු තුවායක් හෝ රෙදි කඩක් සැමවිටම පාවිච්චි කිරීම වඩාත් උචිත වේ. නිවැරදි පිළිවෙත් අනුගමනය කරමින් දිනපතාම ඔබේ සම පිරිසිදු කර ගනිමින් වඩාත් පැහැපත් සුන්දර සමක හිමිකාරියක් වීමට ඔබත් අදම වග බලා ගන්න.
by Sachini Sooriyaarachchi
785 Views
Comments