විටමින් A සහ C වල බලය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
20

විටමින් A සහ C වල බලය

විටමින් A සහ C වල බලය

අපේ රටේ පෙරට වඩා බෝ නොවන රෝග වලට ගොදුරු වන පිරිස වැඩිවෙමින් තිබෙනවා. මේ සඳහා ජීවන රටාව වැඩි වශයෙන් බලපා තිබෙන සාධකයක්. අද බොහෝ දරුවන් එළවළු පලතුරු ආහාරයට ගන්නේ අඩුවෙන්. ඔවුන් කෙටි කෑම වගේම තෙල් සහිත බැදුම් තෙලින් සකස් කරපු බත් වලට වැඩි කැමැත්තක් දක්වනවා. එහෙත් මේ වගේ හානිය සිදුවන්නේ කාලයක් ගියාට පසුවයි.

අලුත් එළවළු සහ පලතුරුවල විටමින් ඛනිජ ලවණ ප්‍රතිඔක්සිකාරක තන්තු බහුලව අඩංගුවෙනවා. ශරීර වර්ධනයට වගේම ශරීරය පවත්වා ගැනීමට අවශ්‍ය විටමින් හා ඛනිජ ලවණ ඉතාම වැදගත්. එමෙන්ම ශරීරයේ ඉතා වැදගත් පරිවෘත්තිය ක්‍රියා රැසක් මෙන්ම ප්‍රතිශක්ති පද්ධතියේ ආරක්ෂාව සිදුකර ගැනීමටත් මේවා ඉවහල් වෙනවා.

අලුත් එළවළු හා පළතුරු වල කැලරි ප්‍රමාණය අඩුයි. එහෙත් එහි ඉහල තනතු ප්‍රමාණයක් අඩංගු වෙනවා. මේ නිසා එළවළු පලතුරු වැඩිපුර ආහාරයට ගන්නා දරුවාට බඩවැලේ රෝග වැළඳීමේ අවදානම අඩු වෙනවා. එළවළු පලතුරු සුළු වශයෙන් ගත්තත් කුඩා දරුවාගේ පටන් තරුණ දරුවන් වගේම බොහෝ දෙනා පලා වර්ග ආහාරයට ගන්නේ ඉතාම අඩුවෙන්. නමුත් ප්‍රධාන ආහාරයට පලාවක් එකතු කරගැනීම ආහාර සමබල කිරීමට හේතු වෙනවා.

පළතුරු සහ පලා වල බීටා කැරොටීන් නම් විටමින් A සහ C වැඩිපුර අඩංගු වෙනවා. විටමින් C මගින් රුධිර නාලවල මේද තැන්පත් වීම වළක්වනවා. ඒ වගේම සමහර පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවය අඩු කරනවා. විටමින් සී ශරීරයට ලැබීමෙන් ශරීරයේ තිබෙන කාටිලේජ දත් අස්ථි හා සියලුම පටක වර්ධනය කරනවා. ඒ වගේම ඒවා අලුත්වැඩියා කිරීමද සිදු වෙනවා. විශේෂයෙන්ම ශරීරයේ තුවාල සුව කිරීමට විටමින් C ඉතාම වැදගත් වෙනවා. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය හොඳින් සිදුවීමටත් විටමින් C අනිවාර්ය වෙනවා. විටමින් සී පෙත්තකින් ලබා ගන්නවාට වඩා අමු එළවළු පලතුරු වලින් ශරීරයට ලැබීම වඩාත් වැදගත් වෙනවා.

ඒත් එළවළු පලතුරු ගින්නෙන් පිසින විට ඒවායේ විටමින් බොහෝ විට හානි වෙනවා.
විටමින් සී වැඩිපුර අඩංගු වන්නේ නෙල්ලි පේර කජු පුහුලන් දොඩම් වෙරළු අන්නාසි ගස්ලබු දෙහි වගේ පළතුරු වලට. ඒ හැර තද කොළ පැහැති පළා වර්ග වලත් හෝ විටමින් සී අඩංගු වෙනවා.

විටමින් ඒ වලින් දෘෂ්ටිය හොඳින් ඇති කරනවා. තවද විටමින් ඒ මගින් ශරීරයට ඉහල ප්‍රතිශක්තියක් ලබා දෙනවා. සම නිරෝගී කරයි. ශරීරයේ සෛල වර්ධනය වීමටත් විටමින් ඒ ඉතාම වැදගත් වෙනවා. සත්ත්ව ආහාරවල විටමින් ඒ බහුලයි. ඒ නිසා බිත්තර කහ මද යොදය සහිත කිරි චීස් මස් බටර් මාලු තෙල් වැඩිපුර ආහාරයට ගැනීම ඉතාම සුදුසුයි.

මේ නිසා විටමින් ඒ හා සී පෙති දියර වශයෙන් ගැනීමට වඩා ස්වභාවිකව ආහාරයට එක් කරගැනීම නිරෝගී ජීවිතයකට ඉතාම වැදගත් වෙනවා.

 

 

 

 

 

 

 

by Dilki Shamani

views

671 Views

Comments

arrow-up