කාන්තාවන්ගේ මුහුණ අවලස්සන කරන ඩබල් චින්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
20

කාන්තාවන්ගේ මුහුණ අවලස්සන කරන ඩබල් චින්

කාන්තාවන්ගේ මුහුණ අවලස්සන කරන ඩබල් චින්

ඩබල් චින් එකක් යයි සඳහන් කළ විට කිසියම් කෙනෙක්ට නුපුරුදු වන්නට පුළුවන. සබ්මෙන්ටල් ෆැට් යනුවෙන්ද හැදින් වෙන මෙම ඩබල් චින් එකක් යනු කිසියම් පුද්ගලයකුගේ නිකට යට ප්‍රදේශය මහත් වීම තුළින් පිම්බීමකට ලක් වී නිකටවල් දෙකක් ආකාරයට පෙනෙන ස්වභාවයකටයි. සාමාන්‍යයෙන් පුද්ගලයන් වයස්ගත වීම සහ තරබාරු වීම මෙම ඩබල් චින් ඇතිවීමට හේතුවක් වූවද තරබාරු හෝ වයස්ගත නොවන පුද්ගලයකුට වුවද එවැන්නක් ඇතිවීමට කිසියම් සම්භාවිතාවක් පවතී.

 

ඩබල් චින් තත්ත්වයක් ඇතිවීම තුළින් එම පුද්ගලයා තමාගේ වයසට වඩා වයසක පෙනුමක් හිමිකර ගනු ඇත. ඩබල් චින් මුහුණේ පෙනුමට පමණක් නොව එම පුද්ගලයාගේ ශරීරයේ පෙනුමටත් කිසියම් හානියක් සිදුකළ හැකි අතර ඉතාමත් කෙට්ටු සිරුරක් හිමි පුද්ගලයකුට මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත් එම පුද්ගලයාව මහත පුද්ගලයකු හැටියට දිස්වේ. මෙම ඩබල් චින් තත්ත්වයක් ඇතිවීම අසාමාන්‍ය හෝ කිසිදා විසඳුමක් නොමැති රෝගී තත්ත්වයක් ලෙස සිතීම වරදකි. මෙවැනි තත්ත්වයක් ඇතිවී ඇතැයි සිතා කනස්සල්ලට පත් වීමද එම තත්වය වැඩි කිරීමට මූලික වශයෙන් ම බලපාන බව වෛද්‍යවරුන්ගේ ද මතයයි. මෙවැනි තත්වයක් ලැජ්ජාවකට පත් විය යුතු කාරණාවක් නොවන අතර ඇතැම් පුද්ගලයන්ට තමාගේ පරම්පරාවෙන් ලැබෙන ජාන වලින් මෙම ඩබල් චින් තත්ත්වයක් ඇතිවිය හැකි අතර මේ සඳහා පවතින හොඳම සහ පහසුම ප්‍රතිකාරය වනුයේ තමා තුළ පවතින අනවශ්‍ය මානසික පීඩනය අවම කර ගැනීමයි.

 

මෙවැනි අවස්ථාවකදී කළ යුත්තේ තමන්ගේ පෙනුම ගැන කිසිදු හෝ අවතක්සේරුවක් ඇතිකර නොගෙන ආත්ම විශ්වාසයෙන් යුතුව වෙනදාටත් වඩා හොඳින් ජීවත්වීමයි. ශරීරයේ බර වැඩිවීමත් ශරීරය තුළ අමතර මේදය එකතු වීමත් මෙම තත්ත්වයන්ට හේතු වීමට. එනිසාවෙන් ඔබ ප්‍රථමයෙන්ම කළ යුත්තේ යහපත්, සමබල හා පෝෂ්‍යදායී ආහාර රටාවකට හුරු වීමයි. සිරුරේ මේදය තැන්පත් කරවන ගැඹුරු තෙලේ බදින ලද ආහාර සහ කේක් වර්ග, බිස්කට් වැනි පැණි රස කෑම වර්ග ආහාරයට ගැනීමෙන් ඉවත් විය යුතුයි. දිනපතාම වැඩිවශයෙන් දවසට දෙවරක් වත් ඉදුණු පලතුරු වර්ග ආහාරයට ගැනීම තුළින් මෙම තත්වය බොහෝ දුරට අවම කරගැනීමට හැකිවන අතර නැවුම් එළවළු වර්ග වැඩිපුර ඔබගේ ආහාර වේල් මඟින් ශරීරයට ලබා ගැනීම තුළින් ද මෙම තත්වය අවම කරගත හැකිවේ. වර්තමානයේ දී බොහෝ කාන්තාවන් මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත් තමා තුළම ඒ පිළිබඳව කනස්සල්ලක් උපදවා ගනිමින් සමාජයෙන් වෙන් වී සිටින්නට ද උත්සාහ දරයි. නමුත් කළ යුතු වන්නේ වඩාත් යහපත් ආහාර රටාවන් ගෙන් යුක්තව වෙනදාටත් වඩා සිරුරට අවශ්‍ය ව්‍යායාම වර්ග සිදුකරමින් තමාට නැති වුණු පෙනුම ලබා ගැනීමට උත්සාහ කිරීම පමණි. එය ඔබ ඔබට මෙන්ම ඔබගේ ආදරණීයයන්ට ද සිදුකරන යුතුකමකි.

 

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

views

669 Views

Comments

arrow-up