වියළි කෙස් කළඹට ස්වාභාවික කන්ඩිෂනර් සත්කාරයන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
21

වියළි කෙස් කළඹට ස්වාභාවික කන්ඩිෂනර් සත්කාරයන්

වියළි කෙස් කළඹට ස්වාභාවික කන්ඩිෂනර් සත්කාරයන්

වායු දූෂණය නිසා පුද්ගලයකුගේ ස්වසන පද්ධතිය ආශ්‍රිත සෞඛ්‍ය ගැටළු රාශියකට මුල පුරනවා. ස්වසන පද්ධතියේ ආසාත්මිකතා, ඇදුම, පිළිකාවන් පවා ඇති වීමේ ඉඩකඩ වැඩියි. ඊට අමතරව වායු දූෂණය නිසාවෙන් ඔබේ සමට හා හිසකෙස් වලටත් ඔබ නොදැනුවත්වම ලොකු බලපෑමක් එල්ල කරන බව ඔබ දන්නවාද?

 

වැඩි ප්‍රමාණයක් අපි පාරෙ තොටේ ගමන් බිමන් යනවා නම්, මෙය ඔබට සෘජුවම බලපානවා. බොහොමයක් දෙනා මේ පිළිබඳව හරි හැටි අවබෝධයක් නැති නිසා කොණ්ඩය දුර්වර්ණ වීම, කොණ්ඩය ගැලවී යාම වැනි විවිධ වූ හිසකෙස් ගැටළු වලින් පීඩා විදිනවා. ඉතින් මේ කියන ගැටළු ඔබගේ කෙස් කළඹට බලනොපාන ආකාරයෙන් පවත්වාගෙන යාමට සුදුසු වූ ස්වාභාවික කන්ඩිෂනර් සත්කාරයන් කිහිපයක්ම අද අරගෙන ආවා. ඒ මොනවාද කියලා දැනගන්න මේ ලිපිය දිගටම කියවන්න.

 

1. පොල්තෙල් වියළි තොල්, වියළි වැලමිට වැනි ස්ථාන නැවතත් ප්‍රාණවත් කිරීම වැනි බොහොමයක් ප්‍රයෝජන අතරෙම හිස වියළී යාමටත් හොඳ පිළියමක් ලෙස පොල් තෙල් හදුන්වන්න පුළුවන්. නෑමට පෙර පැය 2-3 කට පෙර හොඳින් පොල්තෙල් ආලේප කර සම්බාහනය කරන්න. එයින් ඔබේ හිසෙහි පෝෂණය රැකදෙයි.

 

2. කිරි සහ මී පැණි ඔබගේ කෙස් කළඹ නීරෝගි කරන්නට කිරි සහ මී පැණි සතුව සුවිශේෂී හැකියාවක් ඇත. මේ දෙවර්ගය එකතු කර හිසෙහි ගා විනාඩි 15 ක් පමණ හොඳින් සම්බාහනය කරන්න. සෝදා ඉවත් කරන්න. සතියට දෙවරක් මෙය සිදු කරන්න. 3. කෝමාරිකා කෝමාරිකා ආලේපයෙන් හිසට සිසිලසක් මෙන්ම හිසකෙස් වලට පෝෂණය ලබා දේ. එය ගල්වා හොඳින් සම්බාහනය කර මද වේලාවකින් පසු ස්නානය කරන්න.

 

4. බිත්තර බිත්තර දෙකක කහ මදය ගෙන හිසකෙස් වල හොඳින් විනාඩි 20 ක් පමණ ගාන්න. ඛනිජ ලවණ, විටමින් A,B, සහ E වලින් සපිරි බිත්තර වලින් හිසකෙස් ශක්තිමත් හා ඝනකමින් යුක්තව ලබා ගැනීමට හැකි වෙනවා. අවම සතියට දෙපාරක් වත් ගාන්න. 5. යෝගට් ඔබේ කොණ්ඩයට ස්වාභාවික කන්ඩිෂනර් සත්කාරයක් ලබා දෙන්න යෝගට් වලට පුළුවන්. මෙමගින් කොණ්ඩයට වන හානි අවම කිරීම හා සුසිනිදු කොණ්ඩයක් ලබා ගැනීමට හැකි වේ. මෙයට බිත්තර හා මීපැණි එක් කර ගෑම තවත් හොඳයි. යෝගට් හොඳින් හිසෙහි ගාන්න. සතියට දෙවරක් වත් මෙම සත්කාරය කළ යුතු අතර, සෝදා හැරීමට පෙර විනාඩි 15 - 20 ත් අතර කාලයක් හොඳින් සම්බාහනය කරන්න. මෙම කන්ඩිෂනර් සත්කාරයන් තුළින් ඔබට වියළි හිසකෙස් යළි ප්‍රාණවත් කිරීමටත්, වායු දූෂණයෙන් හිසකෙස් වලට වන හානි අවම කර ගන්නටත් හැකියාව ලැබේ. හිසකෙස් නැවතත් යථා තත්ත්වයට පත් වන්නට නම්, සමට කරන සත්කාරයන්ට වඩා වැඩි කාලයක් ගත කරන්නට සිදුවේවි. ඒ නිසා ඔබ පෝෂ්‍යදායක සමබර ආහාර වේලක් ලබා ගැනීමත් මෙම සත්කාරයන්ට අමතරව කළ යුතුයි.

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

views

591 Views

Comments

arrow-up