ශරීරයේ ප්‍රෝටීන් අවශ්‍යතාවයට මස් අනුභවය ඕනමද?
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
25

ශරීරයේ ප්‍රෝටීන් අවශ්‍යතාවයට මස් අනුභවය ඕනමද?

ශරීරයේ ප්‍රෝටීන් අවශ්‍යතාවයට මස් අනුභවය ඕනමද?

ප්‍රෝටීන් කියන්නේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර වලින් ලබා ගන්නා සංඝටකයක්. මාළු මස් බිත්තර කිරි ආදී සත්ත්වමය ආහාර ප්‍රෝටීන් සඳහා උදාහරණ ලෙස දැක්විය හැකි. තද කොළ පැහැති එළවළු රනිල බෝග වල අඩුවෙන් පාහින ලද ධාන්‍ය වල ද ප්‍රෝටීන අඩංගු වෙනවා. බොහෝ ශ්‍රී ලාංකික ගැමියන් අතර පවතින මතයක් වෙන්නේ මස් මාළු කිරි බිත්තර ආදිය අනුභවය කිරීම බොහෝ බෝ නොවන රෝගවලට හේතුවක් කියන එක. කෙසේ වෙතත් මාළු වල පවතින මේද අම්ල ශරීරයට හිතකර බව දැන් විද්‍යාඥයෝ සොයාගෙන තියෙනවා. මොකද ඔමේගා 3 මේද අම්ල බහුලව තියෙන ආහාරයක් තමයි මාළු කියන්නේ. මෙම මේද අම්ල මඟින් ශරීරයේ පවතින අහිතකර මේද අම්ල යාමනයට දායක වෙනවා පමණක් නොවෙයි මෙමගින් බාහිර රෝගකාරක වලට මුහුණ දීමට ඇති හැකියාව වැඩි කරනවා.

ඊට අමතරව අධි රුධිර පීඩනය දියවැඩියාව හෘදයාබාධ ඇති කිරීමට ඇති අවදානම්ද අඩු කරනවා.

මස් මාළු කිරි බිත්තර ආහාරයට ගැනීම නිසා ශරීරයට සෞඛ්‍ය අහිතකර බලපෑමක් ඇති වන්නේ ඒවා අධික ලෙස ආහාරයට ගැනීමට ඇබ්බැහිවීමෙන්. කෙසේ වෙතත් ප්‍රමාණවත් පරිදි ගන්නා ආහාර අනුභවයට ගැනීම මඟින් කිසිදු අයහපතක් සිදුවන්නේ නැහැ. ශාකමය ආහාරවල අඩංගු ප්‍රෝටීන් මගින් බොහෝවිට ලැබෙන්නේ ප්‍රමාණවත් නොවන ප්‍රෝටීන් ප්‍රමාණයක්. මෙන්ම එම ප්‍රෝටීන්වල බොහෝ විට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සියල්ලක්ම අඩංගු වන්නේ නැහැ. අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල කියන්නේ ශරීරයට බාහිරින් ලබා ගත යුතු ශරීරය නිපදවිය නොහැකි ඇමයිනෝ අම්ල. සත්ත්වමය ආහාර මඟින් ලබා ගන්නා ප්‍රෝටීන් බොහෝ විට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සියල්ලගෙන්ම සංතෘප්ත වෙනවා. එමෙන්ම ඒවායේ පවතින ප්‍රෝටීන් ශරීරයට අවශෝෂණය කර ගැනීමට ද ඉහළ හැකියාවක් තියෙනවා.

 

 

 


කෙසේ වෙතත් නිර්මාංශික පුද්ගලයන් ඉහත ආහාර අනුභව නොකරනවා නම් මේ සඳහා වෙළඳපළෙන් පවතින කැල්සියම් අන්තර්ගත කරන ලද විටමින් වර්ග හා විවිධ පලා වර්ග අනුභවය මගින් දෛනික කැල්සියම් අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකියාව ලැබෙනවා. තවද ඇට වර්ග ආහාරයට ගැනීමෙන් ඔවුන්ට අවශ්‍ය කැල්සියම් ලබාගත හැකි වෙනවා. කෙසේ වෙතත් ශාක ආශ්‍රිත ආහාර මඟින් ලබා ගන්නා කැල්සියම් අවශෝෂණය කිරීමේ හැකියාව සත්ව ආහාරවලින් ලැබෙන කැල්සියම් අවශෝෂණය කිරීමේ හැකියාවට වඩා තරමක් අඩුයි. මේ නිසා නිර්මාංශව සිටින පුද්ගලයන් තම පෝෂණ අවශ්‍යතාවය පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතු අතර මස් අනුභවය කරන පුද්ගලයන් ඒවා ප්‍රමාණයකට පමණක් අනුභව කිරීමට මතක තබා ගත යුතුයි.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

1460 Views

Comments

arrow-up