විලාසිතා කරන්න කලින් ඉගෙන ගන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
04

විලාසිතා කරන්න කලින් ඉගෙන ගන්න

විලාසිතා කරන්න කලින් ඉගෙන ගන්න

බොහෝ විට විලාසිතාවන් කරන්න හැමෝම හරිම කැමතියි. නමුත් විලාසිතාවන් කරන්න කලින් මේ ගැන දැනුවත් වෙන්න.

ෆැෂන් මැගසින්ස්

ෆැෂනබල් යුවතියක් වෙන්න නම් ඔබ පරිහරණය කරන්න ඕන මූලික දේවල් වලින් එකක් තමයි විලාසිතා ගැනම ලියවුනු පත්තර හා magazin. ඉන් ඔබට විලාසිතා ලෝකයේ අලුත් තොරතුරු දැනුවත් වෙන්න පුළුවන්. ඒ දැනුම ඉතාම වැදගත් ඔබට ගැලපෙන සුන්දර නව විලාසිතා සඳහා යොමු වෙන්න.

දැනගෙන අරගන්න

ෆැෂන් කියන්නේ හොඳ විනෝදාංශයක් තමයි. හැබැයි ඒ ඔබ දැනගෙන ෆැෂන් කළොත් විතරයි. නැත්නම් ඔබේ ෆැෂන් එක විනෝදාංශයක් වෙන්නේ අන් අයට. ඔබේ ෆැෂන් වලින් පොහොසත් වෙන්නේ අන් අය.අපි හැමෝටම වියදම් කරන්න පුළුවන් යම් සීමාවක් තියෙනවා. අන්න ඒ බජට් එක ඇතුලේ ඉඳන් ෆැෂන් කරන එක හරිම වැදගත්. හැම මාසෙම ඔබ ඔබේ බජට් එකෙන් යම් මුදලක් වෙන්කර නව විලාසිතාවේ යමක් මිලදී ගන්න. හැබැයි මතක තියාගන්න ඔබ ඒ මිලදී ගන්න ඕනේ ඒ වෙනුවෙන් වෙන් කළ මුදලට වඩා වැඩි නොවන ලෙසයි. මේ නිසා ඔබට අවශ්‍ය දේ එක සාප්පුවකින් ගන්නෙ නැතුව දෙක තුනක ඇවිදල හොයලා බලන්න. මිල ගණන් සසදලා බලන්න. ඔබේ හිතට හරියන පර්ස් එකටත් ගැලපෙන තැනකින් ඒ විලාසිතා භාන්ඩය මිලදී ගන්න පුරුදු වෙන්න.

තොරණක් නොවෙන්නෙ ඉගෙන ගන්න

ෆැෂන් කියන්නේ දකින දකින දේ ඇඟ පුරාම එල්ලා ගන්න එක නොවෙයි. jewellery ගොඩක් දාන්න එක නොවෙයි. තෝරාගන්න ඇඳුම තමන්ගේ සිරුරට මොනතරම් ගැලපෙනවාද යන්න පිළිබඳව සිතා බලා ඊට ගැළපෙන accessories මිලදී ගත යුතු වෙනවා. ඒවා පැලදීමේදී ඔබේ ඇඳුමේ හැඩය පැහැය fabric type එක එහි කර කපා ඇති ආකාරය සමේ පැහැය යන කරුණු පිළිබඳ මූලික අවධානය යොමු කළ යුතු වෙනවා. කොහොම වුනත් මෙන්න මේ වගේ accessories ටිකක් ඔබ සතුව තියාගන්නවා නම් හරිම වටිනවා. ඒ තමයි සුන්දර සුන්දර scarf කිහිපයක්. විවිධ පැහැයෙන් කරාබු වර්ග කිහිපයක්. ඕනෑම අවස්ථාවකට පැළඳිය හැකි ආකාරයේ මාල කිහිපයක්. මුදු සහ පාවහන් කීපයක් වගේම වැදගත් පෙනුම ලබා දෙන අත් ඔරලෝසුවක්.

mix කරන්න ඉගෙන ගන්න

හුඟක් වෙලාවට අපි හිතන්නේ fashionable කෙනෙක් වෙන්න නම් අලුත්ම විලාසිතා මිලදී ගන්න ඕන කියලා. ඒත් ඒක හරිම බොරු මතයක්. අවශ්‍ය වෙන්නේ ෆැෂනබල් විදියට අඳින්න ඔබ ගාව තියෙන ඇඳුම් නිවැරදිව භාවිතා කිරීමේ කලාව ඉගෙන ගෙන තිබීම. උදාහරණයක් විදිහට එක දවසකට ඔබට පුළුවන් ඔබ ගාව තීන plain white ටී ෂර්ට් එකක් ඩෙනිම් කලිසමක් සමග ගලපලා අදින්න. ඊළඟ දවසේ ඔබට පුළුවන් ඒ ඇඳුමට ඔබ ගාව තියෙන වර්ණවත් ස්කාර්ෆ් එකක් හෝ ඕවර් කෝට් එකක් දාගන්න.

මේ වගේ පුංචි ටිප්ස් ගැන අවබෝධයෙන් ෆැෂන් කරන්න පුරුදු වෙන්න.

 

 

 

 

 

 

by Dilki Shamani

views

473 Views

Comments

arrow-up