සුබවාදී කෝණයෙන් බලා ගැටලු ලෙහමු
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
04

සුබවාදී කෝණයෙන් බලා ගැටලු ලෙහමු

සුබවාදී කෝණයෙන් බලා ගැටලු ලෙහමු

එදිනෙදා සමාජයේ ජීවත්වන සියලු දෙනාටම යම් යම් ප්‍රමාණයන්ගෙන් විවිධාකාර ප්‍රශ්න ගැටළු තියනවා. එක් අයකුට මුදල් අගහිගකම් පිළිබඳ ගැටලු පැන නගින විට අනිත් පුද්ගලයාට විවිධ ලෙඩ රෝග නිසා ගැටළු පීඩා ඇති වෙනවා. තවත් පුද්ගලයකුට නීතිමය ගැටලු ඇති වෙනවා. ජීවිත කාලයම අපි කරන්නේ අපේ ජීවිත වලට එළඹෙන විවිධාකාර ප්‍රශ්න වලට විසඳුම් සෙවීම.
මෙම ප්‍රශ්න වල ඔබේ පැත්ත මගේ පැත්ත සහ ඇත්ත යනුවෙන් කොටස් තුනක් තියෙනවා. ඔබ යම් ගැටලුවක් ඇති වූ විට මුලින්ම ඒ ගැටලුව ලෙස බලන්නේ ඔබේ පැත්තෙන්. ඔබේ පැත්තට කොතරම් සාධාරණද එසේ සාධාරණ වන ලෙස ඔබ ප්‍රශ්නය දෙස බලනවා.

නමුත් මෙලෙස ඇති වන ගැටලු දෙස බැලිය යුත්තේ මේ තුන් ආකාරයෙන් ඇත්ත පැත්තෙන්. එවිට ජීවිතය සුබවාදී කර ගත හැකි වෙනවා. ප්‍රශ්නය අනුන්ගේ වන තාක් කාලයක් ඒ සඳහා ලබාදීමට ඕනෑ තරම් පිළිතුරු තිබුණත් ප්‍රශ්නය ඔබේ වන විට ඇත්තේ එක පිළිතුරක්. ඒ මගේ පැත්තෙන් සිතන්න ඕන. මට මොකද වෙන්නේ මෙතනදී. මට අසාධාරණයක් වෙලා තියෙනවා කියන හැඟීමයි මුලින්ම එන්නේ.

නමුත් මම යන්න මූලික කරගෙන සෑම විටම ප්‍රශ්නයකට පිළිතුරු සොයනා විට එය තවත් විසදෙනවා වෙනුවට දිග්ගැස්සෙනවා. ඒ නිසා හැමවිටම පවුල් ජීවිතේ එදිනෙදා සමාජයේ ඇතිවන ගැටලු ප්‍රශ්න විසඳීමේදී ඇත්ත පැත්තෙන් බලා ප්‍රශ්න වලට විසඳුම් සෙවිය යුතුයි.

ඔබට යම් ගැටළුවක් ඇත්නම් ඒ දෙස ඔබ බලන ආකාරය මුලින්ම සිතන්න. ජීවිතය දෙස සුබවාදීව දකින පුද්ගලයින් සහ අසුබවාදීව දකින පුද්ගලයින් ඕනෑ තරම් සිටිනවා. සුබවාදීව දකින පුද්ගලයා ඔහුගේ ජීවිතයට යම් අභාග්‍ය සම්පන්න දෙයක් පැමිණිය ද ඒ මේ නිසා හොඳ යැයි සිතමින් සුබවාදී කරගන්නවා. එහෙත් අසුබවාදීව සිතන පුද්ගලයා ලොතරැයි වාසනාවක් ලැබුණොත් එය අසුබවාදීව සිතෙනවා. අසුබවාදී පුද්ගලයා කිසි විටෙක යමක යහපත දකින්නේ නැහැ. එවැනි ජීවිත කිසිදිනක ජයගන්නේ නෑ. ඔවුන් වටා බැඳී තිබෙන්නේ ප්‍රශ්න පමණයි.

ඔබේ ජීවිතයට පැමිණෙන ඕනෑම ගැටළුවක් දෙස ඔබ බැලිය යුත්තේ සුභවාදීවයි. මට මෙසේ වුණු නිසා මම මේ දේ ඉගෙන ගත්තා. තවත් වරක් මෙලෙස නොවෙන්න මට මෙය පාඩමක් වේවි ආදී වශයෙන් සිතනවා නම් ඔබ සුබවාදී පුද්ගලයෙක්. පවුලක අම්මා සුබවාදීව හිතනවා නම් දරුවන්ට ඕනෑම දෙයක් දෙස සුබවාදීව සිතීමට පුරුදු වෙනවා. මේ නිසා ජීවිතය පැන නගින ප්‍රශ්න දෙස බැලිය යුත්තේ සුභවාදී කෝණයෙන්.

මැදිහත් සිතින් විවෘත මනසකින් යුතුව තමන් වෙත එළඹෙන ගැටලු ප්‍රශ්න දෙස බැලීමෙන් ඊට සාර්ථකව විසඳුම් ළඟාකර ගත හැකි වන බව ප්‍රායෝගික සත්‍යයක්.

 

 

 

 

 

 

 

by Dilki Shamani

views

628 Views

Comments

arrow-up