ෆයිබ්‍රොයිඩ්ස් ගැන දැන ගනිමු
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
06

ෆයිබ්‍රොයිඩ්ස් ගැන දැන ගනිමු

ෆයිබ්‍රොයිඩ්ස් ගැන දැන ගනිමු

අද අපි ඔබව දැනුවත් කරන්නේ ෆයිබ්‍රොයිඩ්ස් යන කාන්තාවන් අතර බොහෝසෙයින් පවතින රෝගී තත්ත්වයක් පිළිබඳවයි.

 

ෆයිබ්‍රොයිඩ්ස් යන්න ටියුමර් තත්ත්වයකි. මෙය වැඩි වශයෙන්ම හටගන්නේ කාන්තාවන්ගේ ගර්භාෂය තුළයි.

 

එනම්, ගර්භාෂයේ මාංශමය පටකයේ, එසේත් නැතිනම් සරලව පැවසුවහොත් ගර්භාෂ බිත්තියේ මේවා සෑදේ. මේ මාංශමය පටකයේ තියෙන තන්තු ළං ළංව පිහිටමින් ගෝලාකාර හැඩයක් ගැනීම ෆයිබ්‍රොයිඩ්ස් වේ.

 

 

ෆයිබ්‍රොයිඩ්ස් ඇතිවීමේ හේතුව නිසියාකාරව හදුනාගෙන නැතත් එය හට ගැනීමට බලපාන සාධක තියෙනවා.

 

එම සාධක වලින් එකක් වනුයේ අධික ස්ථූලතාවයයි. ශරීරයේ බර වැඩි කාන්තාවන්ට ෆයිබ්‍රොයිඩ්ස් හටගැනීමේ ප්‍රවණතාවය වැඩියි. එයින් වයස අවුරුදු 30- 40 ත් අතර කාන්තාවන් විශේෂයි.

 

 

එසේම තවත් සාධකයක් නම්, පවුලේ කෙනෙකුට මෙම ෆයිබ්‍රොයිඩ්ස් ඇත්නම්, එවැනි පවුල් වලද මෙම රෝගී තත්ත්වය ඇති වීමේ අවධානමක් ඇත.

 

තවත් වැදගත් සාධකයක් වනුයේ දරුවන් නොලැබූ කාන්තාවක් වීමත්, දරුවන් අඩුවෙන් ඉන්න කාන්තාවන් වැනි අයටත් මෙම රෝගය සෑදීමේ අවධානම වැඩි වේ. මෙහි මූලිකම අර්ථය වනුයේ ගර්භාෂය අඩුවෙන් පරිහරණය වීමයි.

 

 

එ නිසා අප දකිනා ආකාරයට කාන්තාවන් වශයෙන් ඉතා සැලකිලිමත්ව මේ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම ඉතාමත්ම වැදගත්.

 

 

 

 

 

 

 

 

 

By : Kaushalya De Silva

Photo Source : Internet

views

645 Views

Comments

arrow-up