ග්ලූටතයෝන් වලින් ඇත්තටම සුදු වෙනවද?

ලියකට පවත්නා පංච කල්‍යාණියෙන් එකකි ඇගේ චවි කල්‍යානිය. සම හෙවත් චර්මය යනු පුද්ගලයින් වශයෙන් අප ශරීරයේ පවත්නා විශාලතම ඉන්ද්‍රිය වන අතර හිරු එළියෙන්, අහිතකර පාරජම්බුල කිරණවලින්, රසායන ද්‍රව්‍යවලින් අපගේ සිරුර රැකගන්නෙ සමයි. අපිචර්මයත්, චර්මයත් සහ මේද ස්ථරයකින් ද නිර්මාණය වී ඇති මිනිසාගේ සම අභ්‍යන්තර අවයව වල ආරක්ෂකයා ලෙසද කටයුතු කරයි. කාන්තාවන් වශයෙන් ඔවුන්ට අවශ්‍ය වන්නේ ආබාධ මෙන් උරුම වූ සම නීරෝගීව තබා ගැනීම වුවත් සුදු සමකට හිමිකම් කීමේ අවශ්‍යතාවය නිසාවෙන් කාන්තාවන් විසින් හිතුමතයට විවිධ වූ ආලේපන වර්ග වෙළෙඳ පොළෙන් මිලදී ගැනීමට වැඩි උනන්දුවක් දක්වයි. නිවර්තන කලාපීය අප සමට කළු පැහැය දෙන මෙලනින් වර්ණකය ඉවත් කිරීම මගින් කරගන්නේ සමට හිතාමතාම හානි කර ගැනීමයි. තවද මෙලනින් වර්ණකය ඉවත් කිරීමට යාම නිසාවෙන් අහිතකර පාරජම්බුල කිරණ සමට වැදීමෙන් සමෙහි පිළිකා තත්වයන් ඇතිවීමේ අවදානමද වැඩි වේ.
වර්තමාන වෙළඳපලෙහි ග්ලූටතයෝන් කළු සම සුදු කරන ජනප්‍රිය ද්‍රව්‍යයක් වන අතර මෙම රසායනිකය ප්‍රතිඔක්සිකාරකයක් වශයෙන් ක්‍රියා කර සමෙහි පවතින මෙලනින් ප්‍රමාණය අඩු කිරීමක් සිදුකරයි. මෙම ග්ලූටතයොන් ආලේපනයක්, පෙත්තක් හෝ එන්නතක් ආදී වශයෙන් මිනිස් සිරුරට ඇතුල් කිරීමක් සිදු කරන අතර ආලේපන හා පෙති මගින් විශේෂ ප්‍රතිඵලයක් ලැබෙන බව මෙතෙක් කිසිදු පර්යේෂණයකින් සනාථ කර නොමැත. එනිසා තමන්ගේ හිතුමතයට කාන්තාවන් විසින් ග්ලූටතයෝන් තමාගේ ශරීරයට ඇතුළු කර ගැනීම මගින් ඔවුන් නොසිතූ විරූ ආකාරයේ අතුරු ආබාධ වලට මුහුණ දීමට ද වැඩි සම්භාවිතාවයක් පවතී. ඇතැම් අවස්ථාවන්හිදී සම ගැලවී යාම වැනි දරුණු තත්වයන්ට ද මුහුණදීමට සිදුවේ.
ග්ලූටතයෝන් දිගුකාලීනව භාවිතයට ගැනීම තුළින් තයිරොයිඩ් ග්‍රන්ථි වලට, අක්මාවට සහ වකුගඩු වලට ද හානි සිදුවිය හැක. යම් කාන්තාවන් ග්ලූටතයෝන් අඩංගු එන්නත් නිවසේ දී වෛද්‍ය අධීක්ෂණයකින් තොරව එන්නත් කර ගැනීමට යාමෙන් ද වඩාත් භයානක අතුරු ප්‍රතිඵල වලට මුහුණ දීමට සිදුවේ. ස්වභාවධර්මයෙන් තමාට ලැබී ඇත්තේ තමාගේ ජීවත්වන පරිසරයට උචිත වන ආකාරයේ සමක් වන අතර එය අනවශ්‍ය ආකාරයෙන් වෙනස් කිරීමට යාමෙන් සිදුවන්නේ රෝගී බව මරණය වුව ද වැළඳ ගැනීමට සිදුවීමයි. සමකයට ආසන්න ශ්‍රී ලංකාව වැනි රටක ජීවත් වන කාන්තාවන්ගේ සම සාමාන්‍යයෙන් කළු දුඹුරු පැහැයක් ගන්නා අතර කළු සම මගින් විටමින් ඩී උරා ගැනීම අඩු වුවත් එය වටින්නේ හිරු එළියෙන් වන අධික හානිය වළක්වා ගැනීමට තිබෙන දැඩි හැකියාව නිසාවෙනි. සිරුරේ පවත්නා ඕනෑම කැළලක් හෝ ඉවත් කරගැනීමට අප අපගේ හිතවතුන් විසින් නිර්දේශ කරනු ලබන ආලේපන හිතුමතේ භාවිතා නොකළ යුතු අතර එම සියලු ආලේපන සමෙහි ගැල්වීමට ප්‍රථම ඔබගේ පවුලේ වෛද්‍යවරයාගෙන් ඊට අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම වඩාත් සුදුසු වේ.
by Dilki Shamani
541 Views
Comments