ඉවතලන ටයර් වලින් ස්ටූලයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
27

ඉවතලන ටයර් වලින් ස්ටූලයක්

ඉවතලන ටයර් වලින් ස්ටූලයක්

කාර්යබහුල දිවිපෙවෙතක් ගතකරන පුද්ගලයන් හැටියට අපට සුන්දර දේවල් නිර්මාණය කිරීමට ඉගෙන ගැනීමෙන් අපගේ කාලය වඩාත් ප්‍රයෝජනවත් සහ අර්ථවත් ලෙස ගත කිරීමට හැකියාවක් ලැබෙයි. එමගින් අපට අප ගැනම මානසික සතුටක් ඇතිකර ගැනීමට අවස්ථාවක් ලැබෙන අතර අපගේ නිවස ද ලස්සන කරගත හැකි වේ. සෑම ගෘහ භාණ්ඩයක් ම වෙළෙඳ පොළෙන් මිලට ගැනීමට අමතරව අපට හැකි ආකාරයකට ඉවත ලන ද්‍රව්‍යයක් යොදා ගනිමින් නිවසට අවශ්‍ය කරන අලංකාර ප්‍රයෝජනවත් ගෘහ භාණ්ඩයක් නිර්මාණය කරගැනීමට අපට හැකි නම් එය වඩාත් අගය කළ යුත්තකි. දිනෙන් දින වෙනස් වන අත්කම් කලාවේ සුන්දර තැන් බොහොමයක් වන අතර ඔබගේ අත්කම් කලාවෙන් ඔබට කිසියම් මුදලක් උපයා ගැනීමට ද අවස්ථාවක් උදාවන අතර තවදුරටත් ඔබගේ ආදරණීයන්ට අලුත් අත්දැකීමක් එක් කරමින් පවුලේ සතුට වැඩි කරගැනීමට ද අවස්ථාව උදාවේ. එදිනෙදා ඉවත්කරන පරණ ටයර් යොදාගනිමින් අගනා ස්ටූලයක් නිර්මාණය කරන ආකාරය පිළිබඳව මෙම ලිපිය හරහා ඔබව දැනුවත් කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇත. වාහනවලින් ඉවත් කරන ටයර් පරිසරයට මහත් හිසරදයක් වන අතර පරිසරයේ පවතින අලංකාරය අවම කිරීමටත් මදුරුවන් බෝ වීම වැනි අයහපත් තත්ත්වයන් ඇති කිරීමටත් හැකියාවක් ඇති බැවින් එවැනි ඉවතලන ටයර් යොදාගනිමින් ගෘහ භාණ්ඩයක් නිර්මාණය කිරීම පරිසරයට මෙන්ම මුළුමහත් සමාජයටම සිදුකරන සේවයකි.

නිර්මාණය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය

  • ඉවතලන මදක් විශාල ප්‍රමාණයේ ටයර් එකක්
  • තරමක් ඝනකම සහිත බෝඩ් කැබලි දෙකක්
  • තරමක් තද ස්වභාවයෙන් යුක්ත නො වූ සුමට කඹයක්
  • ඔබේ රුචිය අනුව තීන්ත වර්ගයක්


නිර්මාණය සිදුකර ගන්නා ආකාරය


පළමුව ටයරය හොඳින් පිරිසිදු කර එහි මැද ඇති කොටස ඉවත් කර ගන්න. ඉන්පසු හැකියාවක් ඇති පුද්ගලයකු ලවා බෝඩ් කැබැල්ලෙන් ටයිල් ඇති විෂ්කම්භයට වඩා අඟල් තුනක් පමණ අඩුවෙන් රවුම් දෙකක් කපා එය ටයරයේ උඩ කොටසට හා යට කොටසට හොඳින් සවි කරගන්න. මෙම board එක සවිකිරීමේදී ඩ්‍රිල් එකක් ආධාරයෙන් ඇණවලින් සවි කළ හැකිය. ඉන් අනතුරුව ඔබ විසින් සපයා ගත් රළු ගතියෙන් අවම කඹය රැගෙන එය ටයරයේ හරි මැද සිට ඇලවීම ආරම්භ කරන්න. මේ සඳහා හොඳින් ඇලවෙන සුලු සපත්තු අලවන ගම් වර්ගයක් වැනි ගම් විශේෂයක් භාවිතා කරමින් කඹය ටයරයට සම්බන්ධ කරගන්න. එම ආකාරයට සම්පූර්ණයෙන්ම කඹය ටයරයට අලවාගන්න. මෙහිදී ඔබගේ රුචිකත්වය අනුව ඔබ කැමති නම් පමණක් ටයරයේ යට පැත්තටද කඹය අලවා ගත හැකිවේ.

 

එලෙසින් කඹය හොඳින් ටයරයට අලවා ගැනීමෙන් අනතුරුව එය හොදින් වේලෙන්න තබන්න. ඉන් අනතුරුව ඔබ විසින් සපයා ගත් ඔබේ රුචිකත්වය අනුව කැමැති වර්ණයකින් හෝ වර්ණ කිහිපයකින් මෙම ස්ටූල් එක වර්ණ ගන්වා ගත හැකිය. ඔබට අවශ්‍ය නම් පමණක් තවදුරටත් ස්ටූලයෙ ප්‍රමාණයට සරිලන ආකාරයෙන් පැතලි වීදුරු රවුමක් ස්ටූලය උඩින් තබන්න. ඒ තුළින් ඔබට තවදුරටත් ඔබගේ ටයර් ස්ටූලයේ ආකර්ෂණීයත්වය වැඩි කරවා ගත හැක. පරිසරයට මුදා හරිමින් ඉවත දැමූ පරණ ටයරය දැන් ඔබගේ නිවසේ අලංකාරය වැඩි කරවන ස්ටූල් එකක් වී අවසානයි.

 

 

 

 

 

 

by Sachini Sooriarachchi

views

668 Views

Comments

arrow-up