හින්දි සිනමාවට ඩිස්කො ඩාන්සර් හඳුන්වාදුන් ඔහු
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
10

හින්දි සිනමාවට ඩිස්කො ඩාන්සර් හඳුන්වාදුන් ඔහු

හින්දි සිනමාවට ඩිස්කො ඩාන්සර් හඳුන්වාදුන් ඔහු

හින්දි සිනමාවට ඩිස්කෝ ගෙන ආවේ කවුදැයි ඇසුවොත් ඒ අන් කවරෙකු නොව මිතුන් චක්‍රබොති බව නොරහසකි. මිතුන් ඒ තරමටම හින්දි සිනමාවට සුවිශේෂී කෙනෙක් විය. ඔහු පැමිණි යුගය ඉතා ඉක්මනින් පරිවර්තනයන් සිදු වූ එකක් විය. යොවුන් රසික රසිකාවියන් වශී කළ මෙම නළුවා සිනමාවට පිවිසෙන්නේ ද අහම්බෙනි. 1950 ජුනි 16 වන දින බටහිර බෙංගාලයට අයත් වර්තමාන බංග්ලාදේශයේ බාරිසාල්හිදී උපත ලැබූ විට නම තැබුණේ ගෞරංගා ලෙසිනි. ඔහු oriented seminarian තුළින් මූලික අධ්‍යාපනය ලබා කල්කටාවේදී රසායන විද්‍යා උපාධිය ලබා ගත්තේය. පසුව පූනෙ හි පිහිටි චිත්රපට සහ රූපවාහිනී ආයතනයේ දී උසස් අධ්‍යාපනය තවදුරටත් පූර්ණ කරගත්තේය. ඔහු චිත්‍රපට ලෝකයට එන්නට පෙර උග්‍ර වාමවාදී දේශපාලන ව්‍යාපාරයන්ට සම්බන්ධ වී කටුක අත්දැකීම් ලබමින් උන්නේය.

මිතුන් සිනමාවට ප්‍රධාන පෙළේ චරිතයකින් පැමිණෙන්නේ මිර්නාල් සෙන්ගෙ සම්මානනීය චිත්‍රපටයක් වූ මිරිගායා තුළිනි. එම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ජාතික චිත්‍රපට සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය ඔහුට හිමිවිය. ඉන්පසුව සුළු චරිත කිහිපයක් රඟපෑ චිත්‍රපට කිහිපයක් ඔහුට ලැබුණේය. නමුත් ඔහුට වාසනාව කැන්දූ චිත්‍රපටය ලැබෙන්නේ ඉන් පසුවයි. එහි 1978 තිරගත වූ මේරා රක්ෂාක් චිත්‍රපටය යි. එය ඔහුව එක රැයකින් තරුවක් බවට පත් කරවන්නක් විය. එසේම අඩු පිරිවැයකින් නිර්මාණය කළ 1979 තිරගතවූ සුරක්ෂා ද සාර්ථක වූ අතර එය අධ්‍යක්ෂණය කළේ රවිකාන්ත් ය. මෙය අති සාර්ථක වූ අතර ඒ නිසාම එක දිගට චිත්‍රපට කිහිපයකම ප්‍රධාන චරිත ලැබෙන්නට පටන් ගත්තේය.

මිතුන් චිත්‍රපට ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්නට පදනම දමාගත්තේ මේ ගමනේදී ඔහුට හමු වූ දීපක් බහාරි මුල් වතාවට හමුවීමත් සමගයි. ඒ තරානා චිත්‍රපටය නිසාවෙනි. එහි ප්‍රතිඵලය වූයේ එකපෙළට චිත්‍රපට කිහිපයක් සමගය. ඔහු කෙතරම් ජනප්‍රිය වීද යතොත් ඔහු රඟපෑ දශකයක් තුළ චිත්‍රපට 110ක් ම තිරගත වීම වැදගත්ය. ඔහුගේ සාර්ථකම යුගයේදී ප්‍රේක්ෂකයන් වැල නොකැඩී ඇදී ආ ප්‍රේක්ෂකාගාරය පිරවූ චිත්‍රපට රැල්ලක් ඇති කිරීමට සමත් විය. පළමු වතාවට ඔහු ද්විත්ව චරිත නිරූපණය කළේ taxi choor චිත්‍රපටයේය. ඔහු වඩාත් ඔසවාතැබූ ප්‍රෙක්ෂකයන් වශී කළ චිත්‍රපටය වූයේ සංගීතමය චිත්‍රපටයක් වූ disco dancer ය. මෙම චිත්‍රපටය තරුණ පරපුර ඉතා ඉහළින් වැළඳගත් අතර ඉන්දියාවේ පටන් රුසියාව තෙක් disco dancer උන්මාදයක් පැතිර ගියේය.

 

 

 


ඔහු පිළිබඳ ඇගයීමක් filmfare සම්මාන උළෙලේදී නිසි පරිදි වුණා දැයි විමසන තරම් තත්ත්වයක් තිබිණි. ඒ අතර ඔහු වාර්තා පිට වාර්ථා තබමින් තිරගත වූ චිත්‍රපට ගොන්නක් බිහි කළේය. ඒ චිත්‍රපට 19 ක් එක දිගට සාර්ථක කරමිණි. මේවා සුපිරි වාර්තා තැබූ ඒවා විය. ඒ අතර ඉලාකා, ඩාටා, ලඩායි ගුරු යන චිත්‍රපට ද විය. 1992 වර්ෂයේදී ඔහු යළිත් ජාතික චිත්‍රපට සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේය. එම සම්මානයට පාත්‍ර වූයේ බෙංගාලි චිත්‍රපටයක් වූ තනාදර් කාතා වෙනුවෙනි. ඔහු මේ වන තුරුත් ඉඳහිට හෝ චිත්‍රපටයක, ගුවන්විදුලි වැඩසටහනක, රූපවාහිනී වැඩසටහනක ඉදිරිපත් කරන්නාගේ භූමිකාව කරන්නේ මහත් සතුටිනි. ඔහු ඉන්දීය රාජ සභාවේ මන්ත්‍රීවරයෙකුද විය. සමස්ථ ඉන්දීය ත්‍රිනමොල් කොංග්‍රසය නියෝජනය කරන ඔහුට දරුවන් හතර දෙනෙකි. ඇත්තෙන්ම මිතුන් යුගයක් රසවත් කළ ප්‍රතිභාපූර්ණ නළුවෙක් වශයෙන් පෙන්වාදිය හැකියි.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 

views

631 Views

Comments

arrow-up