හදවත ගැන කියන ECG පරීක්ෂණ

ඊසීජී පරීක්ෂණ පරීක්ෂණයක් යන්නෙන් කෙටියෙන් හඳුන්වන්නේ electro cardio gram යන්නයි. හදවත කියන්නේ ශරීරය පුරා රුධිරය ගෙන යන පොම්පයයි. එය තත්පරේකට එක වාරය බැගින් රුධිර ඉදිරියට තල්ලු කරයි. එම තල්ලු වීම සිදුවන්නේ තප්පරේට වරක් බැගින් හදවත මිරිකීමට ලක් වීමත් සමගය. හදවත පුරා ඇති සියලුම මාංශ පේශීන් එවිට එක්වරම මිරිකීම සිදුවන අතර එම පණිවුඩය හදවත පුරා විහිදුවනු ලබන්නේ විදුලිය මාර්ගයෙන්.
එලෙස හදවත පුරා ගමන් කරන විදුලිය විදුලි බල්බයක් දල්වන්න තරම් ප්‍රබල ධාරාවක් යැයි කෙනෙකුට හිතෙන්න පුළුවන්. හදවත පුරා එලෙස ගමන් කරන්නේ ඉතාම අංශුමාත්‍රයක් හෝ විදුලියක් වුණත් එය මනාව හඳුනා ගැනීමට තරම් ඊසීජී යන්ත්‍රණය අධි සංවේදී වෙනවා.
ඉහළ මාලය සහ පහළ මාලය වශයෙන් හදවත කොටස් දෙකකින් සමන්විත වෙනවා. මෙම සියුම් විදුලි ධාරාව මුලින්ම පැතිර පැතිරයන්නේ හදවතේ ඉහළ මාලයට. ඉන්පසුව පහල මාලයට ගමන් කරන විට විදුලිය වම්පසට වෙනම දකුණුපසට වෙනම වශයෙන් එකවර දෙපැත්තට විදුලිය විහිදුවාලනවා. හෘදයාබාධයක් වැළඳී තැන අනුව ප්‍රධාන වශයෙන් හදවතේ ඉදිරි කොටසේ වම් පැත්ත පහල කොටසේ දකුණු පැත්ත සහ පිටුපස ලෙස යම් වර්ගීකරණයක් කළ හැකි. ඒ අනුව හෘදයාබාධයක් වැළදී ඇත්තේ හදවතේ කොතැනද යන්න අවබෝධ කරගත හැකි අතර එය වැළඳී ඇත්තේ කුමන වේලාවක දී ද යන්න පවා යම් තාක් දුරකට පෙන්වයි. ඕනෑම රෝහලක මෙන්ම කුඩා වෛද්‍ය මධ්‍යස්ථානයක පවා රෝගීන් වෙනුවෙන් ඊසීජී පරීක්ෂණ සූදානම් කර තිබෙනවා.
නිසි පරීක්ෂණයකට මුහුණ දෙන කෙනෙකුට විනාඩි කීපයක් ඇඳ මත දිගා වී නොසෙල් වී සිටින්නට සිදුවෙනවා. ඒ අතර දෑත් දෙපා වලත් පපුවේ වම් පස පුරාවටත් වයර් සම්බන්ධ කරනු ලබනවා. එලෙස සෑම පැත්තකින්ම සෑම දිශාවකින්ම සිදුරට වයර් සම්බන්ධ කරන්නේ ඒ සියලු පැතිකඩ ඔස්සේ හදවතට එබී බලන්නට හැකියාව ලැබෙන ආකාරයටයි. ඒ අනුව හදවත හොඳින් හොඳින් නිරීක්ෂණය වන පැති 12 ක් ආවරණය වන ලෙස වයර් සම්බන්ධ කිරීම සිදුකරනවා. වයර් සම්බන්ධ වූ තහඩු කැබලි හොඳින් සම හා ගැටෙන ආකාරයට මුලින්ම යම් ජෙල් වර්ගයක් සමේ ආලේප කරනවා. එම තහඩු පපුවේ එල්ලී පැවතීම නිසා පරීක්ෂණ නිමා වී තහඩු කොටස් ඉවත් කළ පසු ඒවා සම්බන්ධ කළ ස්ථාන සමහරවිට රත් පැහැ ගැන්වී තිබීම දක්නට ලැබුණත් එය එතරම් බිය විය යුතු තත්ත්වයක් නොවේ.
මෙලෙස ඔබ ලබා ගන්නා ඊසීජී පටියේ ඡායා පිටපතක් හෝ ජංගම දුරකථනයෙන් ලබා ගත් සේයාරුවක් ළඟ තබා ගැනීමට අමතක නොකළ යුතුයි. ඊට හේතුව වන්නේ මාස හයක් පමණ ගත වන විට එම ඊසීජී සටහන සම්පූර්ණයෙන්ම මැකී ගොස් කඩදාසි පටිය පමණක් ඉතිරි වීමට ඉඩකඩ වැඩි නිසා. පසුකාලීනව ගන්නා ඊසීජී සටහනක් හා එය සංසන්දනාත්මක බැලීමට ලැබෙන හැකියාව රෝගියෙකුගේ තත්වය නිශ්චය කරගැනීමට විශාල පිටුවහලක් වන බව වෛද්‍යවරුන්ගේ අදහසයි.
by Dilki Shamani
691 Views
Comments