රුධිරයේ සීනි පාලනයට විශ්මිත එනසාල්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
07

රුධිරයේ සීනි පාලනයට විශ්මිත එනසාල්

රුධිරයේ සීනි පාලනයට විශ්මිත එනසාල්

බොහෝ ලාංකීය මුළුතැන්ගෙය තුළ ඇති සෑම අමුද්‍රව්‍යයක්ම පාහේ නිදන්ගත වූ රෝග ඇතුළු විවිධ වූ සෞඛ්‍ය ගැටළුවලට විසදුම් ලබා දිය හැකි ඖෂධීය ගුණ ඇති බව ඔබ දැන සිටියාද? එනසාල් ද එවැනි රසකාරකයක් මෙන්ම ප්‍රබල ඖෂධයක් ලෙස යොදා ගත හැකි කුළුබඩුවක්. ඔබගේ රුධිරයේ සීනි පාලනය කරගැනීමේ ගුණය මෙම එනසාල් වල තිබෙනවා.

 

එනසාල් , කළු හා කොළ ලෙස ප්‍රභේද දෙකකින් සමන්විත වන අතර, බහුලව කොළ ප්‍රභේදය නිවෙස් වල භාවිතා කරයි. කෙසේවෙතත්, මෙම ප්‍රභේද දෙකෙහිම එක හා සමාන ගුණයක් තිබෙනවා. ඔබට දියවැඩියාව තිබේ නම් , එසේත් නැත්නම් පවුලේ අයෙකුට මෙම රෝගය ඇත්නම් ඔවුනට එනසාල් තේ ලබා දීම කළ යුතුයි. එනසාල් වල ප්‍රතිඔක්සිකාරක හා ප්‍රතිජීවක ගුණයන් වලින් පිරී ඇති අතර බර අඩු කර ගැනීමට, රුධිර පීඩනය පාලනයට හා මානසික අවපීඩනය වළක්වා ගැනීමටද මෙය උපකාරී වේ.

 

 

බොහෝ විද්‍යාත්මක අධ්‍යයන වලින් තහවුරු වී ඇත්තේ එනසාල් වල රුධිරයේ සීනි පාලනයට අවශ්‍ය ප්‍රතිඔක්සිකාරක ගුණය හා පොලිපිඩිමික් ගුණයන් ඇති බවයි. එනසාල් කුඩු තේ හැන්දක් දිනපතා පානය කිරීමෙන් පූර්ව දියවැඩියා රෝගයෙන් ඇති බලපෑම වළක්වයි. මෙන්න ඒ සඳහා සුදුසු වූ එනසාල් තේ වට්ටෝරු 03 ක් අප ඔබ වෙත ගෙන ආවා.

 

  •  එනසාල් කිරි තේ උතුරා ගත් ජලය කෝපපයකට එනසාල් කරලක් මදක් තලා ගෙන එයට තේ කොළ ස්වල්පයක්ද දමා හොඳින් තැම්බෙන්න හරින්න. ලිප තබා රත් කරගන්නත් පුළුවන්. ඔබට අවශ්‍ය නම් පමණක් මෙයට ඉගුරු සවල්පයක්ද එකතු කර ගත හැකියි. දැන් ලිපෙන් බා හෝ උතුරුවාගත් ජලයෙන් නම් හොඳින් තැම්බුනාට පසුව පෙරාගන්න. උතුරුවා ගත් කිරි ටිකට මෙය දමා හොඳින් කලවම් කර උණුවෙන්ම පානයට ගන්න. සීනි නොදා පානය කිරීම වඩාත් සුදුසු වන අතර, සීනි රසය අවශ්‍ය නම් පමණක් ඉතා ස්වල්පයක් එකතු කර කලවම් කරගන්න.

 

  • එනසාල් හා ගම්මිරිස් තේ වතුර කෝප්පයක් ලිප තබා හොඳින් උතුරුවා ගන්න. එයට තලාගත් එනසාල් හා ගම්මිරිස් කුඩු ස්වල්පයක් ඇගිලි තුඩු වලට හසුවන ප්‍රමාණයට දමාගන්න. කැමති නම් මෙයට කුරුදු කැබැල්ලක් දමන්නත් පුළුවන් හොඳින් නටන විට ගින්දර අඩු කර කිරි දමා රත්කරගන්න. පෙරා සීනි නොදා උණුවෙන්ම පානය කරන්න.

 

 

  •  කළු එනසාල් හා කරදමුංගු තේ පෙර ලෙසටම උතුරන ජලයට තලාගත් එනසාල් හා කරදමුංගු කරල් දෙකක් පමණ යොදා ගන්න. හොඳින් නටන විට මෙය ලිපෙන් බාගෙන එයට සීනි නොයොදා පෙරා පානය කරන්න. අපට මෙහිදී කිරි නොදා සකස් කර ගන්නත් අවශ්‍ය නම් කිරි යොදා සකස් කරගන්නටත් පුළුවන්. දිනපතා මෙය පානය කිරීමට පුරුදු වන අයෙකුට දියවැඩියා රෝගය පාලනය කරගත හැකියි.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

739 Views

Comments

arrow-up