ගර්භනී අවධියේ මන්දපෝෂණය දරුවාට දියවැඩියාව ඇති කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
10

ගර්භනී අවධියේ මන්දපෝෂණය දරුවාට දියවැඩියාව ඇති කරයි

ගර්භනී අවධියේ මන්දපෝෂණය දරුවාට දියවැඩියාව ඇති කරයි

වැරදි ආහාර රටාවන් ක්‍රියාශීලී නොවන ජීවිතයක් ගත කිරීම දුම්පානය හා අධික මත්පැන් පානය විවිධ රෝග ඇතිවීම සඳහා බලපාන සාධක කීපයකි. මීට අමතරව ගර්ෂණී මවගේ පෝෂණ තත්වයෙන් පසු කාලීනව දරුවන්ට මෙවැනි බෝ නොවන රෝග ඇතිවීමේ අවදානම වැඩි කරයි.ශ්‍රී ලංකාවේ සිදුකරන ලද සමීක්ෂණවලට අනුව ප්‍රථම ගර්භණී සායනයේදී මව් වරුන්ගෙන් 25% කගේ පමණ උසට සරිලන බරක් නොපවතින අතර සෑම මවරුන් තිදෙනෙක්ගෙන් එක් අයෙක් නිරක්තයෙන් (රුධිරයේ හිමෝග්ලෝබීන් ප්‍රමාණය අඩුවීම) පෙළෙන බව සොයාගෙන ඇත.අඩු උපන් බර දරුවන් බිහිවීමට අත වනන හේතු අතර

ගර්භණී කාලයට පෙර උසට සරිලන බරක් නොපැවතීම, ගර්භණී කාලය තුළදී නිර්දේශිත වටිටමට බර වැඩි නොවීම සහ මවගේ නීරක්තිය කුස තුළ සිටින කළලයට අයහපත් බලපෑම් ඇති කරයි අඩු උපත් බර දරුවන් බිහිවීම මෙහි එක් ප්‍රතිඵලයකි. ශ්‍රී ලංකාවේ අඩු උපත් බර දරුවන් බිහිවීමේ ප්‍රතිශතය 16%ක්. පමණ වේ. මෙම අඩු උපත් බරක් සහිත දරුවන් හට දිර්ඝ කාලීන සංකූලතා රැ සක් ඇතිවීමේ අවදානමක් ඇත. අඩු උපත් බර දරුවන්ගේ ශර්රයේ ඇති මේද ප්‍රමාණය සැලකීමේදී සාමාන්‍ය උපත් බරක් සහිතව ඉපදුන දරුවන්ට සාපේක්ෂව අඩු උපත් බර දරුවන්ගේ ශරීරයේ ඇති මේද ප්‍රමාණය ළදරු ළමා හා වැඩිහිටි අවධියේදී ඉහළ මට්ටමක පවතින අතර ඔවුන් ස්ථුලභාවයට පත්වීමේ වැඩි අවදානමක් ඇත මේ ඉහළ මේද ප්‍රමාණය සහ ස්ථුලභාවය, දියවැඩියාව, හෘදරෝග, අධි රුධිර පීඩනය, පිළිකා වැනි දීර්ඝකාලීන රෝග ඇතිවීමේ අවදානම වැඩි කරයි.

මව මන්දපෝෂණයෙන් පෙළීම කුසතුළ වැඩෙන කළලයේ මොලයේ වර්ධනයට අහිතකර බලපෑමක් ඇති කරයි. මෙය දරුවන්ගේ බුද්ධි වර්ධනය අඩු කිරීමට හේතුවේ. එසේම අඩු උපත් බරක් පැවති පුද්ගලයන්ගේ රුධිර වාහිනී ඝණවීමේ වැඩි ප්‍රවණතාවක් පවතී. මෙය හෘද රෝග ඇතිවීම සදහා හේතු සාධක වේ. එමෙන්ම මව්කුස තුළදී කළලයට සිදුවන පෝෂ්‍ය ප්‍රවණතා හේතුකොටගෙන ඉන්සියුලින් නම් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය අඩුවිය හැකි අතර මෙය පසුකාලීනව දියවැඩියාව වැළදීමට මඟ පාදයි. ඒ වාගේම කළලයේ වකුගඩු ක්‍රියාකාරීත්වයටද මව්කුස තුළදී ඇතිවන පෝෂණ ඌණතා අහිතකර ලෙස බලපෑ හැකි අතර මෙය වකුගඩු ආශ්‍රිත රෝග ඇති කිරීට හේතු වේ. මවගේ මන්දපෝෂණ තත්ත්වය මෙන්ම අධි පෝෂ්‍ය තත්ත්වයද කළලයට අයහපත් බලපෑම් ඇති කරයි. ස්ථුල මව්වරුන්ගේ දරුවන් කළල අවධියේදීම වැඩිපුර පෝෂක ද්‍රව්‍යයන්ට නිරාවරණය වීම නිසා පසුකාලීනව එනම් ළමා යොවුන් හා වැඩිහිටි අවධියේදී ස්ථුලභාවයටම පවීමේ වැඩි අවදානමක් ඇත. ගර්තණි කාලය තුළ මව දියවැඩියාවෙන් පළන්නේ නම් කළලය වැඩිපුර ග්ලූකෝස් නැමති පෝෂක ද්‍රව්‍යයට නිරාවරණය වේ. මෙම දරුවන්ට පසුකාලීනව දියවැඩියාව වැළදීම සඳහා මෙය හේතු සාධක වේ.

 

 

 

 

 

 

 

 

by Dilki Shamani

views

647 Views

Comments

arrow-up