අහේතුක සැකය ඇති වන රෝගය ඔතෙලෝ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
30

අහේතුක සැකය ඇති වන රෝගය ඔතෙලෝ

අහේතුක සැකය ඇති වන රෝගය ඔතෙලෝ

පවුල් ජීවිතය තුළ ගැටලු ඇතිවන ප්‍රධානම කාරණයක් වන්නේ එකිනෙකා කෙරෙහි ඇති වන සැකයයි. අසාමාන්‍ය ලෙස එකිනෙකා කෙරෙහි ඇතිවන සැකය රෝගී තත්ත්වයක් විය හැකියි. නිසා එවැනි තත්ත්වයන් පිළිබඳ දැනුවත් වීම වටිනවා. මේ ඒ පිළිබඳ සටහනක්.

ඔතෙලෝ ලෙසින් හඳුන්වන්නේ තම සමීපතමයන් කෙරෙහි හේතුවක් නැතිව සැකය උපදීම නිසා ඇතිවන මානසික රෝගී තත්ත්වයක්. පෙම්වතා හෝ පෙම්වතිය නැත්නම් බිරිඳ හෝ සැමියා වෙනත් අයෙකු සමග සම්බන්ධතාවයක් පවත්වනවා යැයි සැමවිටම අවිශ්වාස කිරීම මෙහි ලක්ෂණයක් වෙනවා. මෙහි බරපතලම වරද වන්නේ කිසිදු වරදක් නොකර සැකයට භාජනය වන අය වරදකරුවකු බවට පත්වීමයි. මෙම රෝග ලක්ෂණය කලාතුරකින් භින්නෝන්මාදය රෝගයේ ලක්ෂණ ලෙසටත් මතුවෙනවා. මෙලෙස සහකරු හෝ සහකාරිය සැක කරන අනෙක් පාර්ශවය තමන්ට එවැනි රෝගයක් ඇතැයි පිලිගැනීමට අපොහොසත් වෙනවා. මේ හැර මෙම රෝගයෙන් පෙළෙන පුද්ගලයා නිවසේ හෝ රැකියා ස්ථානයේ අනෙක් සාමාන්‍ය කටයුතු ඉතා හොඳින් කරගෙන යනවා.

මෙලෙස කෙනෙකු ගැන අසාමාන්‍ය ලෙස සැකයක් ඇතිවන්නේ නම් එය තමා විසින් ඉතා ඉවසීමෙන් මගහරවා ගැනීම ඉතාම වැදගත් වෙනවා. අසාමාන්‍ය ලෙස සැකය ඇති වෙනවා නම් ඒ සඳහා ඖෂධ මෙන්ම මානසික ප්‍රතිකාර ලබාගත යුතු වෙනවා. එසේ ප්‍රතිකාර ගන්නා අතර දෙදෙනා අතර ගැටුම් අඩු කිරීමත් ඉතාම වැදගත් වෙනවා.

 


මෙම රෝගය හඳුනා නොගෙන හෝ විශ්වාස නොකර ප්‍රතිකාර නොලබා රෝග උත්සන්න වූ විට ඇතිවන සුලභ ලක්ෂණයක් වන්නේ සැක කරන අයයේ ජංගම දුරකථනය පරික්ෂා කිරීම දිනපතා හොර රහසේ මෙවැනි සැක සහිත දේවල් පරික්ෂා කිරීමට යොමු වීමයි.

මෙලෙස ඇතිවන රෝගී තත්ත්වය නිසා ඇතැම් අවස්ථාවල සහකරු සහකාරිය පහරදෙන අවස්ථා පවා තියෙනවා. මෙසේ නිකරුනේ අපවාද ගැටුම් නිසා අඩදබර වන අවස්ථාවන් වලට නිකරුණේ ඔව් යැයි පැවසූ විට එයම විශ්වාසය තහවුරු කරගැනීමට හේතු කරගන්නවා. සැකය නිසා සැමියා හෝ බිරිඳ නිවසෙන් පිටතට යන අවස්ථාවන් වල නිවසේ සිටින බිරිඳ හෝ සැමියා කතා කරන දේ ඇසීමට හොරරහසේ recorder පවා තබන අවස්ථා තිබෙනවා. එසේම නිවසට පැමිණි වහාම සැමියාව පරික්ෂා කරනවා. නැතහොත් සැමියාට සැකයක් පවතී නම් බිරිඳව පරික්ෂා කරනවා. මෙහිදී සැකය උත්සන්න වූ විට දී DNA පරීක්ෂණ පවා කරන්නේ යැයි කියමින් දබර කරන අවස්ථා තිබෙනවා.

මෙම රෝගයට ඔතෙලෝ සින්ඩ්‍රෝම් ලෙස නම් කරන්නේ සත්‍ය සිද්ධියක් පදනම් කරගෙනයි. එනම් කිසිදු පදනමක් නැතිව සැකය මත ඔතෙලෝ නම් දක්ෂ ජෙනරාල්වරයා තමා තමාට බෙහෙවින් ආදරය කළ බිරිඳ ගැන සැකකර නිදි යහනේදී මරා දැමීම නිසයි. මෙම සැකය රෝගයක් බව කිසිවකු දැන සිටියේ නැහැ.

මේ නිසා කෙනෙකුට නිතර සැකයක් ඇතිවේ නම් ඒ ගැන දෙවරක් සිතා බැලිය යුතු වෙනවා. ඔතෙලෝ සින්ඩ්‍රෝම් වලින් පෙලෙන පුද්ගලයා බිරිඳ ගැන හෝ බිරිඳ සැමියා ගැන ඇති කරගන්න අසාමාන්‍ය සැකය නිසා සැක කරන අය අනිත් අය රැකියාවට හෝ ගමනක් ගොස් ආ විට හොර රහසේ සියලු දෑ පරීක්ෂා කරනවා. එසේම මේ සැක කරන අයට පවුලේ අන් අය සමඟ ඇසුරු කිරීමට පවා ඉඩ ලබාදෙන්නේ නැහැ. නිවසින් පිටත යහළුවන් ඇසුරට විනෝදයට ඉඩක් ඇත්තේම නැහැ. මෙම රෝගයට බලපාන්නේ ජානමය සාධක මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය ලිංගික බෙලහීනතාවයෙන් පෙලීම ඇතැම් ස්නායු ආබාධ පැරණි පෙම් සබඳතා නිසා ඇතිවූ තදබල සිත් වේදනා හා අමිහිරි අත්දැකීම් වැනි හේතුන්. මේවායින් එකක් හෝ කීපයක් ඒ සඳහා බලපෑ හැකි වෙනවා. ඒ නිසා අඹු සැමියන් හා පෙම්වතුන් අතර අසාමාන්‍ය ලෙස ගැටුම් පවතී නම් මෙවැනි රෝග තිබෙන බවට ඔවුන් දැනුවත් කර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වෙනවා.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source: Internet

views

1859 Views

Comments

arrow-up