ඔලිව් තෙල් මගින් ඔබට හිතා ගන්නවත් බැරි සුන්දරත්වයක්

ඔලිව් තෙල් කියන්නෙ අනෙකුත් ශාක තෙල් අතරිනුත් ඉහළම මේද ප්‍රමාණයක් අඩංගු තෙල් වර්ගයක් බව ඔබ අප හැම කවුරුත් දන්නා කරුණක්. තවද මෙහි ප්‍රධාන වශයෙන්ම විටමින් ඊ අඩංගු වී තිබෙනවා. ඉතින් මේ ඔලිව් තෙල් නිතරම අපේ පරිබෝජනයට එක් කර ගැනීමෙන් සිදුවන වාසි කියල නිම කරන්න බැරි තරම්. ඉතින් දැන් අපි බලමු මේ ඔලිව් ඔයිල් වලින් ලැබෙන මේ කියන තරම් වෙන වාසි මොනවද කියල.
පළමුවෙන්ම ගත්තොත් මෙහි ප්‍රධානම කාර්ර්යයක් තමයි හිස කෙස් වර්ධනය සහ අලංකාර කිරීම. අද කාලය වෙද්දි කාන්තාවන් බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක් තමයි මේ කොණ්ඩය කියන්නෙ. ඉතින් මේ සදහා අව්වෙන් සිදුවන හානි වගේම නිතර නිතර කේශාලංකාර ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වන හානි හේතු වෙනවා. ඒ වගේම තමයි ක්ලෝරීන් මිශ්‍ර ජලය තමයි අද බොහෝ දෙනාට ස්නානය කරන්න සිදු වෙල තියෙන්නෙ. ඉතින් මේ නිසා ඉක්මණින් පැසෙන්නට ගන්නව වගේ විවිධ ප්‍රශ්ණ මතු වෙනව. මේ සදහා විසදුමක් තමයි මේ ඔලිව් ඔයිල් කියන්නෙ. මේකට කරන්න තියෙන්නෙ සතියකට වරක්වත් නෑමෙන් පසු හිස හොදින් වේලුනාම ඔලිව් තෙල් මේස හැදි එකක පමණ ප්‍රමාණයක් හිස තෙල් ගා හොදින් සම්බාහනය කරන්න. ඔබට කොණ්ඩයේ තිබෙන බොහෝ ගැටලු මගහරවා ඉතාමත් නීරෝගී කෙස් කළඹක් ලබා ගැනීමට මෙය කදිම විසදුමක්.
මීලග කරුණ විදියට මම ගන්නෙ අත් වල වියලි බව වලක්වා සුසිනිදු බව රැක ගැනීම සදහා. සාමාන්‍යයෙන් කාන්තාවක් නිවසේ හෝ එදිනෙදා තම තමංගේ වැඩ කතයුතු සිදු කරද්දි ඔවුන් ගේ ඒ අත්ලවල් වියලීම හෝ ගොරෝසු වීම සාමාන්‍යයි. ඉතින් ඇතැම් අය මෙන්න මේ ගැටලුව නිසා එවැනි වැඩ මග හැරීමටත් පුරුදුව සිටිනව. තවත් සමහර අය ඒ සදහා විවිධ ලෝෂන් වර්ග භාවිතයටත් පුරුදුව සිටිනව. කොහොම නමුත් මේ කියන ඔලිව් තෙල් ටිකක් භාවිතා කිරීම මගින් ඒ කියන සියලුම විසදුම් වලට වඩා හොද බව ඔබ දැනටමත් දන්නෙ නැතුව ඇති. ඒ සදහා ඔලිව් තෙල් භාවිතා කරන්නෙ මෙහෙමයි. හැමදාම නින්ඳට යන්නට පෙර ඔලිව් තෙල් මේස හැදි එකක ප්‍රමාණයක් ගෙන ඔබේ අත්ලෙහි හොදින් ගැල්වෙන ආකාරයට ආලේප කර ගන්න. ඔබේ නියපොතු වලටත් මෙයින් පෝෂණයක් ලැබෙනව. සති දෙකකින් පමණ ඔබට මෙහි උපරිම ඵල නෙලා ගන්නට හැකි වේවි.
මීලග කරුණ තමයි ඔබේ දත් පිරිසිදු කර ගැනීමටත් මෙම ඔලිව් තෙල් යොදා ගන්න පුලුවන්. මේකෙදි කරන්න තියෙන්නෙ මේ හැදි තුනක් පමණ කට තුලට ගෙන ඒවා හොදින් දත් අතරින් මිරිකී යන පරිදි සෝදා ඉවත් කර හැරීමයි. දිනකට වරක් මෙය කිරීමෙන් මෙහි සාර්ථක ප්‍රතිඵල අත් කර ගත හැකියි.
by Sahan Sandeepa
Photo source : Internet
713 Views
Comments