ජීවිත ආරක්ෂාවට ආත්මාරක්ෂාව දැනගෙන ඉමු

ඔබේ ජීවිතය බේරා ගත හැකි ස්වයං ආරක්ෂක ක්‍රම එසේත් නැතිනම් ආත්මාරක්ෂාව සඳහා භයානක අවස්ථාවන්හිදී ප්‍රතික්‍රියා කරන්නේ කෙසේදැයි දැන ගැනීම වර්තමානයේ අත්‍යවශ්‍ය කරුණක් වී තිබෙනවා. අප අද ඔබට අවධානයෙන් සිටීමට පමණක් නොව, ජීවිතයට තර්ජනයක් වන සෑම අවස්ථාවකදීම පැන යාමට සහ ආරක්ෂා වීමට ඔබට ඉඩ සලසන ශිල්පීය ක්‍රම කිහිපයක් ඉගැන්වීමයි. ආත්මාරක්ෂාව යනු පහර දෙන්නෙකුට ඔහුගේ ශාරීරික ශක්තිය නොසලකා ආයුධ භාවිතා කිරීමේ අවශ්‍යතාවයකින් තොරව පහර දීමක් සිදු කරන කලාවයි. එය ශක්තිය මත නොව භයානක අවස්ථාවන්හි වේගය සහ ධෛර්යය මත පදනම් වේ. ඔරිගන් විශ්ව විද්‍යාලයේ අධ්‍යයනයක් මඟින් ඔබට පහරදීමක් හෝ තර්ජනයක් එල්ල වුවහොත් ඔබට උපකාර කළ හැකි පහත දැක්වෙන ආත්මාරක්ෂක ක්‍රමවේදයන් පිළිබඳව පැහැදිලි කර දෙයි.
1. ඇඟිල්ලක් පිටුපසට නැමීමෙන් දැඩි වේදනාවක් ඇති වන අතර එමඟින් ප්‍රහාරකයාගේ ග්‍රහණයෙන් ඔබට මිදීමට පහසු වේ.
2. ප්‍රහාරකයා ඔබව බෙල්ලෙන් අල්ලා ගැනීමට උත්සාහ කරන්නේ නම්, ඔබේ ඇඟිල්ල සහ මැද ඇඟිල්ල භාවිතා කරමින් උගුරට හෝ ඇස්වලට ඇනීමට පටන් ගන්න.
3. ප්‍රහාරකයාගේ කොණ්ඩයෙන් අල්ලාගෙන, ඔහුගේ හිස පහළට ඇද ඔබේ දණහිස ඔසවමින් ඔබට හැකි තරම් තදින් ඔහුගේ මුහුණට පහරක් එල්ල කරන්න.
4. ඔබේ මුහුණට සමීප වන ඕනෑම ශරීර කොටසක් සපාකන්න. ඔබේ දෑත් බැඳ තිබුණද මෙය ඔබට ඵලදායී වනු ඇත. එයින් මිදීමට ඔබට කාලය ලබාදෙනු ඇත.
5. වැර පහරකින් ප්‍රහාරකයාට දැඩි වේදනාවක් ඇති වන අතර ඔහුගේ ග්‍රහණයෙන් මිදීමට ඔබට ඉඩ සලසයි.
6. ඔබ පිටුපසින් අල්ලා ගනු ලැබුවහොත්, භාවිතා කිරීමට සුදුසුම ප්‍රහාරය වන්නේ ඔබේ වැලමිට යොදා උපරිම ශක්තිය යොදා ඔහුගේ මුහුණට පහරක් එල්ල කිරීමයි.
7. ඉඟටියට හෝ ලිංගේන්ද්‍රියට පයින් ගැසීම යනු ප්‍රහාරකයාට එරෙහිව සටන් කිරීමේ හොදම වූත් ඵලදායී වූත් ක්‍රමයකි.
ආත්මාරක්ෂාව යනු ඔබව අනතුරට පත් කරන තත්වයන්ට ඔබ නිසියාකාරව අනුවර්තනය වීමද බව හොඳින් මතක තබා ගන්න. ඔබව ආරක්ෂා කරගන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට ඔබ සටන් කලාව දැනගෙන සිටීම අත්‍යාවශ්‍ය නොවේ. කෙසේ වෙතත්, හොඳම ආරක්ෂාව එවැනි අනාරක්ෂිත තත්ත්වයක් ඇති වීම වැළැක්වීම බව මතක තබා ගන්න. එබැවින් ආක්‍රමණ සිදුවීම වැළැක්වීමට උත්සාහ කරන්න මෙවැනි ක්‍රියා අනුගමනය කළ යුතුයි.
- ඉදිරියට පැමිණෙන යමෙකු සැක සහිත බවක් පෙනේ නම්, වෙනත් දිශාවකට යන්න. සෙනගක් ඇති ස්ථානයකට හෝ යාම කළ යුතුයි.
- ඔබව පිටුපසින් සැක සහිත පුද්ගලයකු එන්නේ නම් කිසි විටෙකත් ඔබේ නිවසට ඇතුළු නොවන්න.
- ඔබ කාන්තාවක් නම් සහ ඔබ තනිව ජීවත් වන්නේ නම්, ඔබගේ අවසාන නම පමණක් තැපැල් පෙට්ටියෙහි වුවද සඳහන් කරන්න.
- නිවසේ දොර බලහත්කාරයෙන් විවෘත කර තිබේ නම් කිසි විටෙකත් ඔබේ නිවසට ඇතුළු නොවන්න. වහාම පොලිසියට කතා කරන්න.
- රාත්‍රියේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර වෙත යාමෙන් වළකින්න.
- ප්‍රහාරකයකු විසින් ඔබට පහර දෙන්නේ නම්, හැකි උපරිමයෙන් කෑ ගසන්න.
- ඔබේ මෝටර් රථය පාර අසලින් දීර්ඝ කාලයක් තිස්සේ නතර කර නොතබන්න.
- පාර අයිනෙන් පයින් ගමන් ගන්නා විට බෑගයක් රැගෙන ඇවිදින්න එපා.
- ඔබ ඇවිදින විට ඔබේ ඇඟිලි අතර වාහනයේ හෝ වෙනයම් යතුරක් තබාගන්න. එයින් ඔබට ආත්මාරක්ෂක තත්වයක් ඇතිවූ විට ප්‍රහාරකයාට එරෙහිව භාවිතා කළ හැකිය.
- කෙටිම මාර්ගය වුවද අඳුරු හා හිස් වීදි හරහා තනියම ගමන් බිමන් නොයන්න. කිසිවිටෙකත් කලබල නොවන්න. මූලිකවම ස්වයංපාලනය වැදගත් ය.
by Kaushalya De Silva
688 Views
Comments