මෙලනියා ට්‍රම්ප්ගේ ඩොලර් මිලියන 50 වන්දිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
30

මෙලනියා ට්‍රම්ප්ගේ ඩොලර් මිලියන 50 වන්දිය

මෙලනියා ට්‍රම්ප්ගේ ඩොලර් මිලියන 50 වන්දිය

හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයෙන් පරාජය අතරතුරම ඔහුගේ බිරිඳ දික්කසාද වන බව පසුගියදා වාර්තා වුණා. මේ සමඟම ලොව වැඩිදෙනාගේ කතාබහට ලක්වූයේ හිටපු ජනපති ආර්‍යා මෙලනියාට දික්කසාදය සමඟ ලැබීමට නියමිත ඩොලර් මිලියන 50ක වන්දිය පිළිබඳවයි. මෙම වන්දි ඇය ඉල්ලාසිටියද එතරම් වන්දියක් ගෙවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සතුව හැකියාවක් පවතිනවාද යන්න සොයා බැලිය යුතු කරුණකි. මන්ද පසුගිය කාලය පුරා දේශපාලනයේ නියැලී සිටියදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ව්‍යාපාර ඉතා විශාල ලෙස පරිහානියට පත්වූ බවත් සුප්‍රකට ‘ට්‍රම්ප් ටවර්’ගොඩනැගිල්ලද උකස් කර ඔහු මුදල් ලබා ගෙන ඇති බවටද වාර්තාවී තිබුණි.


ජනාධිපතිවරණ ප්‍රතිඵල ලැබුණු සතියේම ට්‍රම්ප් මෙලනියා වෙන් වනු ඇති බවට පුවත් ලොව පුරා පැතිරී ගිය අතර එය වඩාත් සත්‍ය ලෙස පැතිර යෑමට එක් ප්‍රධාන හේතුවක් විය. ඊට බලපා තිබුනේ පසුගියදා ඇමරිකාවේ ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවති කෘතහස්තයන්ගේ සැමරීම් දිනයේ සිදුවූ සිදුවීම් හේතුවෙනි. ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් සමඟ මෙලනියාද එම අවස්ථාවට සහභාගී වූ නමුත් ජනාධිතිවරයා සහ බිරිය අතර පවතින විරසකය එම අවස්ථාවේදී ලොවටම පැහැදිලිව දක්නට ලැබිණි. මෙලනියා මින් මෙර ට්‍රම්ප්ගෙන් වෙන්වීමට බලාපොරොත්තුව සිටි නමුත් ඔහු ජනාධිපතිවරණයෙන් ජය ගැනීම නිසා එම තීරණය පමා කිරීමට ඇයට සිදුවූ බවයි වාර්තා වන්නේ.


මෙම නඩුව හා වන්දිය පිළිබඳ ඇමරිකාවේ දික්කසාද පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන නිතීඥ ජැකලින් නිව්මාන් ප්‍රකාශ කර ඇත්තේ මෙලනියාට දික්කසාදයේදී ඩොලර් මිලියන 50ක් හිමිවීම අතිශය සාධාරණීය බවයි. එසේම මේ මුදල ඇයට හිමිවනු ඇත්තේ ට්‍රම්ප් මෙලනියා යුවලගේ පුත්‍රයා වන බැරන්ගේ හිමිකාරීත්වය මෙලනියාට වන්නේ නම් පමණක් බව ඇය වැඩිදුරටත් පෙන්වා දෙනවා. ඔවුන්ගේ පුතු බැරන් 14 හැවිරිදි වන අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉතා රූමත් මෙලනියා මුණගැසෙන්නේ 1998දීය.

 


හිටපු ජනපති ඩොනල් ට්‍රම්ප්ගේ ප්‍රථම විවාහය 1977දී ඉවන්කා සමඟ සිදුවී ඇති අතර එම විවාහයේ අවසානය සටහන් වන්නේ 1992දීය. එම දික්කසාදයේදී ඉවන්කාට ඩොලර් මිලියන 14ක් ලබා දීමට ට්‍රම්ප්ට සිදුවූ බව වාර්තා වේ. අනතුරුව ට්‍රම්ප් මාර්ලා මේපල්ස් සමඟ දෙවනවර විවාහ වූ අතර 1999දී ඇයගෙන් දික්කසාද විය. එහිදී ට්‍රම්ප් මාර්ලාට ලබා දුන් වන්දි මුදල ඩොලර් මිලියන 2ක් බවයි වාර්තා වන්නේ.


ට්‍රම්ප්ගේ අසාර්ථක තුන්වන විවාහයේ අවසානය සඳහා ඔහුගේ ව්‍යාපාර කටයුතුවල තත්ත්වය කෙසේ වුවත් හිටපු ජනාධිපතිවරයකු ලෙස ඔහුට මෙලනියාගෙන් වෙන්වීමට ඇයගේ සහ පුත්‍රයාගේ නඩත්තු සඳහා ඩොලර් මිලියන 50ක් ගෙවීමට බොහෝ විට සිදුවනු ඇති බව ඇමරිකානු ප්‍රසිද්ධය නීතීඥ නිව්මාන් ප්‍රකාශ කරයි.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

270 Views

Comments

arrow-up