ලොවින් හයෙන් එකක් පාලනය කල ගොපළු දරුවා
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
24

ලොවින් හයෙන් එකක් පාලනය කල ගොපළු දරුවා

ලොවින් හයෙන් එකක් පාලනය කල ගොපළු දරුවා

ලොව පුරා ජනතාවගේ ගරුබුහුමන් වලට ලක්වෙමින් රුසියානු විප්ලවයේ පතාක යෝධයකු වූ රුසියාවේ හිටපු පාලක ජෝසප් ස්ටාලින් ඔබ අසා තිබෙනවාද? රුසියාවේ කුඩා දුගී පැල්පතක උපන් ස්ටාලින් උපතින්ම ජෝර්ජියානුවෙක් වුණා. ඇමරිකාවේ වහල් මෙහෙය අවසන් කොට තුන් වසරකට පසුව රුසියාවේ වහල් මෙහෙය දෙවන ඇලෙක්සැන්ඩර් සාර් විසින් තහනම් කිරීම නිසා ඔවුන්ගේ දෙමව්පියන්ට නිදහස ලැබුනා. ඉන්පසු ඔවුන් පාවහන් අලුත්වැඩියාවේ නිරත වුණා. දුගී බවින් මිදීම සඳහා ඔහුගේ එකම අභිලාෂය වූයේ තමන් හොඳින් ඉගෙනගත් සිප් සතර යොදාගැනීමයි. ස්ටාලින්ගේ පියාට අවශ්‍ය වුණේ තමන්ගේ පුත්‍රයා සපතේරුවකු කිරීමයි. ඔහුගේ මව දීප්තිමත් අනාගතයක් ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කර නොයෙක් වර ඇය හඬමින් වැලපෙමින් දිළිඳු බවින් මුදා දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටියා. වැඩිවිය පත් ජෝසෆ් ස්ටාලින් කාල්මාක්ස්ගේ දර්ශනය වෙත ආකර්ෂණය වී විප්ලව ක්‍රියාවලි වල නිරත වෙන්න පටන් ගත්තා. ඉන්පසුව විප්ලවීය මතවාද පැතිර වීමේ වරදට ඔහු අටවසරක් බන්ධනාගාර ගත වුණා.

රට පුරා විප්ලවීය කතා පවත්වමින් ස්ටාලින් තම පක්ෂයේ කාර්යයන් කාර්යයන් අකුරටම ඉටු කළා. 1905 දී සිදුකරන ද අසාර්ථක විප්ලවයෙන් පසුව ලෙනින් තම දිවි බේරා ගැනීම සඳහා ස්විස්ටර්ලන්තයට පළා ගියත් ස්ටාලින් පලා ගියේ නැහැ. සාර්ස් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඔහු සිය වතාවක් සයිබීරියාවෙන් පැනවිත් විප්ලව කටයුතු වල නිරත වුණා. පසුව සයිබීරියාවේ ගිරි දුර්ගයක් වෙත පිටුවහල් කරනු ලැබූ ඔහු දැරිය නොහැකි ශීතලෙන් හා සාගින්නෙන් හෙම්බත් වුණා. සයිබීරියාවේ මාරාන්තික ශීතලෙන් මිදීමට හැකි තරම් කය වෙහෙසවා වැඩ කළා. කෙදිනක හෝ සිරෙන් පැන යාමට අදිටන් කරගත්තා. 1917 රුසියාවේ හටගත් විප්ලවයෙන් පසුව එවකට පැවැති රදළ බලය සුනුවිසුනු වුණා. පසුව ස්ටාලින්ට නිදහස ලැබුණා. ඔහු දෙවතාවක් යුග දිවියට පිවිසුණා.

 

 

 


රුසියාවේ අසාහය නායකයෙකුව සිටියදී ජෝසෆ් ස්ටාලින් සියලු සුඛ විහරණයන් ප්‍රතික්ෂේප කොට අල්පේච්ඡ ජීවිතයක් ගත කළා. සාර් අධිරාජ්‍යය සේවකයන් විසින් භාවිතා කරනු ලැබූ කාමර 4කින් යුත් කින් යුත් කුඩා නිවසක් ඔහුගේ ජනාධිපති මැදුර වුණා. සේවකයන් අනුභව කළ කටුක ආහාරම ඔහු අනුභව කරන්නට පටන් ගත්තා. ඔහු චාම් ඇඳුම් ඇන්දා. ඔහුගේ චාම් දිවි පෙවෙත සියලුම රට වැසියන් හට ආදර්ශයක් වුණා. ඒ අනුව රුසියාවේ පහළ වූ මේ අසාහය නායකයා අදටත් එරට ජනතාව ඉතාම ගෞරවාදරයෙන් සිහිපත් කරන අතර සරල දිවි පැවැත්මේ ආදර්ශය මුළු ලොවටම කියා පෑ පුද්ගලයෙක් වෙනවා.

 

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

309 Views

Comments

arrow-up