කොල්ලෝ එක්ක හරි හරියට රේස් පදින කෙල්ල

ඇය නමින් කෞශල්‍යයා ආරියදාස යි. දැරණියගල පල්ලෙබාගෙ නම් වූ ගමෙහි උපත ලැබූ කෞශල්‍යයා පල්ලෙබාගෙ කනිෂ්ඨ විද්‍යාලයේ ද, අම්පාගල පන්නල මහා විද්‍යාලයේද, අවසානය වන විට දැරණියගල සිරි සමන් ජාතික පාසලේද ඉගෙනුම ලැබුවා.
ඇය ඇගේ පාසල් දිවිය තුළ බාහිර ක්‍රියාකාරකම්වලට දක්ශකම් දැක්වූ සිසුවියක්. කථික තරග, නිවේදන කටයුතු මෙන්ම පාසල් වොලිබෝල් කණ්ඩාමේ ද දස්කම් පෑ ශිෂ්‍යාවක් වූවා. උසස් පෙළ අවසන් කර කොළඹට පැමිණි ඇය ඉතා ප්‍රසිද්ධ විද්‍යුත් මාධ්‍ය ආයතනයක් වන දෙරණ අලෙවි අංශයේ රැකියාවක නියැළුණි. එය ඇයගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයයි.
2008 වර්ශයේදී ඇය වාහන බලපත්‍රය හිමි කර ගත්තේය. කාර් රේස් පැදීම පිළිබඳව හීනෙකින්වත් නොසිතූ කෞශල්‍යයාට ඇයගේ මිතුරකු වූ රොමේෂ් වසන්තගේ යෝජනාවට එකග නොවීමට තරම් නොහැකි විය. කාර් රේස් කිහිපක්ම බලන්නට ගිය ඇයට රේස් පදින්නට ආසාවක් ඇතිවිය.
එයින් රේසින් තරග සදහා පුහුණුව ඇරඹූ කෞශල්‍යයාට කිසිදු විරෝධතාවයකින් තොරව ඇගේ මවගෙන් හා පියාගෙන් සහය ලැබුණා. ඒ ඔවුන්ට ඇය තුළ ඇති විශ්වාස නිසාවෙනි.
ඇත්ත වශයෙන්ම රේස් පැදීම අභියෝගයක්. එහෙත් ඇය දෙවරක් නොසිතා එම අභියෝගය භාර ගත්තා. ඇයගේ මවගේ හා පියාගේ දිරිමත් කිරීමත් සමගම 2018 වසරේදී ඇයගේ මුල්ම තරගාවලියට සහභාගි වූවා. ඒ රොතර්හැම් කටුකුරුන්ද සර්කිට් මීට් තරගාවලියටයි. එම තරගයෙන් ඇය දොළොස් වැනියා ලෙස පත්විය.
2019 වසරේදීත් තරගාවලි 8 කට පමණ සහභාගි වූ ඇය ඒ හැම තරගාවලියකම එකම කාන්තා නියෝජනය වූවා. ඇය රැකියාව කළ විද්‍යුත් නාලිකාවෙන් ඉවත්ව ඇගේම වෙළෙඳ දැන්වීම් ආයතනයක් ආරම්භ කළා. මේ වනවිට ඇයගේ රැකියාව එය වුවත් ඇයගේ මූලිකත්වය හිමි වන්නේ කාර් රේස් වලටයි.
ඇය නිසාන් මාච් 1000 CC තරග ඉසව්වට සහභාගි වනවා. ඇයගේ එකම බලාපොරොත්තුව වන්නේ, හොඳින් පුහුණුවීම් කටයුතු කරමින්, අඩුපාඩු සකස් කරගනිමින් ජයග්‍රහණය කරා ගමනක් යාමයි.
පිරිමින් අතර කාන්තාවක් ලෙස තරුග වැදීම නිසා ඇය ටිකක් බයෙන් හා චකිතයකින් පසු වුණත්, හැමෝම ඇයට සහය ලබා දීමෙන්ද, වෙනසක් නොකර ඇයව දිරිමත් කළා.
ඇය පවසන ආකාරයට මෙවැනි දේවල් වලට සහභාගි වන්නට කැමති නවකයන් සිටියත් මූලික ගැටළුව වන්නේ ඒ සදහා අධික වූ වියදමක් දැරීමට සිදු වීමයි.
ඉතින් මෙවැනි දක්ශකම් ඇති තරුණ තරුණියන්ට අතහිත දෙන්නට හැකි අය ඉදිරිපත් වනවා නම්, අනාගත පරපුර අති දක්ශයන් ගෙන් ඔප් නැංවීමට හැකි වනවා නොඅනුමානය.
by Kaushalya De Silva
Photo source : Internet
405 Views
Comments