"මේ නිවුස් එකේ විදියට මට කොවිඩ් Possitve" - රංගන ශිල්පීනී චතුරිකා පීරිස්

මෙරට ජනප්‍රිය ටෙලිනාට්‍ය රංගන ශිල්පීන් ශිල්පිනියන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය වැළඳී තිබෙන බව හෙළි වී තිබෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති පළවී තිබූණා.
ඒ අතර චතුරිකා පීරිස් රංගන ශිල්පිනිය ද සිටිනවා.
මේ වනවිට චතුරිකා පීරිස් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබන බව එහි සඳහන්. ඒ අතරතුර ඇයගේ Facebook ගිණුමට පහත සටහන ඇය විසින් එක් කර තිබුණා.
"මේ නිවුස් එකේ තියන විදියට මට කොවිඩ් 19 Possitve වෙලා තියෙනවා .
අදට දවස් 2යි.
හැබැයි ගයාන්ටවත් ,මගේ දෝනිටවත්, අපේ පවුලේ අනික් කාටවත් කොවිඩ් 19 ආසාදනය වෙලා නෑ.
ඒ විතරක් නෙමෙයි, මෙතන මේ නම් සදහන් කලාකරුවන්ගෙන්, වැඩි දෙනෙකුටත් කොවිඩ් 19 ආසාදනය වෙලා නෑ..
මේ වගේ අවස්ථාවකදී , මේ වගේ බොරු මඩ ප්‍රචාර කරල, කාලකණ්ණි සතුටක් ලබන, මේ වගේ page කරන අයව කරුණාකරල report කරන්න...
කොවිඩ් කියන්නේ සමාජ රෝගයක් වත් HIV වත් නෙමෙයි.. බයවෙන්න එපා...
වෙනදා වගේම මාත් ඉතා හොඳින් ඉන්නවා...
බහුතරයකට වගේ මටත් රෝග ලක්ශණ කිසිම දෙයක් නෑ..මං මගේ ආදරණීය ඔබ සැමටම කියන්නෙ, හැමෝම පරිස්සමින් ඉන්න.. උණුවතුර , කොත්තමල්ලි , වගේ දේවල් නිතරම ගන්න...
steam කරන්න... එකම දේ , මේ virus එකට බය වෙන්න එපා...
මේ තත්ත්වය මුලු ලෝකෙම ඉක්මනට තුරන් වේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු..
මේ ටික ලියන්නේ මේ page එකේ admin ට... අද මට වෙන දේ හෙට තමුන්ට වෙන්න පුලුවන් ..
මොකද මේක බුදුන් වැඩිය රටක්... දිට්ටදම්මවේදනීය කර්මේ හරි ප්‍රබලයි.. ඒක මතක තියාගෙන post දාන්න...."
567 Views
Comments