මුව ආවරණය නැතැයි විල්සන් කරෑ අත්අඩංගුවට

සිංහල සිනමාවේ ප්‍රවීන සටන් නළුවෙකු වන විල්සන් කරූ මහතා අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර තිබේනවා. ඒ මුහුණු ආවරණයක් නොපැළදීම හා පොලිස් රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ ය.රජයෙන් ලබා දෙන රු. 5000/= ලබා ගැනීමට යන අතරතුරදී මෙම අවසනාවන්ත සිදුවීමට ඒ මහතාට සිදුවී තිබෙනවා.
පනවා ඇති නිරෝධායන නීතිය යටතේ මුව ආවරණයක් නොපළදින අයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සතුව බලතල තිබුණත් ඇතැම් ස්ථාන වලදී එය ඇතැම් පුද්ගලයන්ට ත්‍රියාත්මක නොවන පසුබිමක ශ්‍රී ලාංකික චිත්‍රපට කලාවට අමිල මෙහෙයක් කල විල්සන් කරූ කලාකරුවාව අත්අඩංගුවට ගැනීම සමාජ මාධ්‍යය තුල ඇතැමුන්ගේ විවේචනයට ලක්වී තිබුණා.
මේ අතරතුර කරූ මහතා වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥයින් ඒ සදහා මුදලක් අය නොකල බවටද වාර්තා වනවා.
උසාවි පරිශ්‍රයේ දර්ශන...
364 Views
Comments