IDH රෝහලෙන් පැනපු කත කල හදිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
22

IDH රෝහලෙන් පැනපු කත කල හදිය

IDH රෝහලෙන් පැනපු කත කල හදිය

IDH උණ රෝහලෙන් පැනගිය කාන්තාව ඊයේ කිරිඇල්ල සිදුරංගල ප්‍රදේශවාසීන්ගේ සහයද ඇතිව අල්ලා ගනු ලැබුවා.

 

ඇය කුරුවිට බන්ධනාගාරයේ මත් ද්‍රව්‍ය චෝදනාවක් මත සිර දඬුවම් ලබමින් සිටි ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචි 25 හැවරිදි කාන්තාවක්.

 

පසුගිය දා ඇය ඇගේ අවුරුදු දෙක හමාරක් වයසැති දරුවා සමඟ කුරුවිට බන්ධනාගාරයේ දී කොවිඩ් වැළඳීම නිසා රෝහල් ගත කරනු ලැබුවා.

 

එහිදී ඇය දරුවාද රැගෙන පසුගිය 19 වනදා රෝහලෙන් පලාගොස් තිබුණා. ඇය පොලිසියට සඳහන් කර තිබුණේ රෝහලේ කවුලුවකින් පලාගිය බවයි.

 

ඇය ඇහැලියගොඩ යාය පාරේ නිවසට පැමිණ දරුවා ඥාති නිවසකට භාර දී ඇහැලියගොඩ - ඉඩම්ගොඩ පෞද්ගලික බස් රථයකින් කිරිඇල්ල නගරයට පැමිණ තිබුණා.

 

ඉන්පසු රත්නපුර පානදුර මාර්ගයේ එපිටවෙල ප්‍රදේශයට කිලෝමීටර් 4ක දුරක් ගොස් තිබුණා.

 

නැවත 9.55 ට කිරි ඇල්ල නගරයට ත්‍රීරෝද රථයකින් ගොස් ඉන්පසු ඇහැලියගොඩ නගරයට යන බස් රථයකට ගොඩවී තිබුණා.

 

එම බස් රථයේ රියදුරා කාන්තාව හඳුනාගෙන කිරිඇල්ල පොලිසිය දැනුවත් කර තිබුණා. මේ අවස්ථාවේ පොලිසිය මග හරිමින් සිටි කාන්තාව කිරිඇල්ල ප්‍රදේශයේ කැලයකට පැන සැඟවී තිබුණා.

 

කිරිඇල්ල සහ ඇහැළියගොඩ පොලිසිය කාන්තාව සොයන්න පියවර ගනු ලැබුවා.

 

එම ප්‍රදේශයේ සැරිසරමින් සිටි කාන්තාව නිවසක් අසල සැරිසරමින් සිට නැවත කැලයට පැන ගොස් තිබුණා.

 

නැවත පැමිණෙන අවස්ථාවේ ගම්වාසීන් හා පොලිසිය එක්ව එම කාන්තාව අල්ලාගනු ලැබුවා.

 

මෙම කාන්තාවගේ ආශ්‍රිතයන් සොයාගෙන නිරෝධායනයට ලක්කරන බවයි පොලිසිය සදහන් කලේ

 

 

views

272 Views

Comments

arrow-up