අනතුරක් කළ පොලිස් දුවට උදව්වට ගිහින් අමාරුවේ වැටුණු යාළුවා මෙන්න(PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
20

අනතුරක් කළ පොලිස් දුවට උදව්වට ගිහින් අමාරුවේ වැටුණු යාළුවා මෙන්න(PHOTOS)

අනතුරක් කළ පොලිස් දුවට උදව්වට ගිහින් අමාරුවේ වැටුණු යාළුවා මෙන්න(PHOTOS)

කොළඹ නෙළුම් පොකුණ රඟහල අසල මෝටර් රථ අලෙවිසැළක සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් තරුණියට ඇප ලබාදී තිබෙනවා.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අනතුරින් පුද්ගල හානි කිසිවක් සිදු නොවීම යන කරුණ සලකා ඇයට ඇප ලබාදුන් බවයි.

 

අපරික්ෂාකාරීව සුඛෝපභෝගී ජීප් රථයක් ධාවනයකර අනතුරක් සිදුකිරීම හේතුවෙන් මෙලෙස කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ 20 හැවිරිදි තරුණියක් වන අතර ඇය නුගේගොඩ උසස් පොලිස් නිලධාරියෙකුගේ දියණිය වනවා.

 

පසුගිය වසරේ පෙබරවාරි මස බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ගැටී මියයාමට හේතුවූ ඩිෆෙන්ඩර් රිය පදවා තිබුණේ ද අදාළ අනතුර සිදුකළ තරුණියගේ සහෝදරයා විසිනුයි.

 

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් සින්ඩි වික්‍රමනායක නම් තරුණියක් ෆේස්බුක් සටහනක් තබමින් පවසා තිබුණේ එම අනතුරට තමා සම්බන්ධ නැති බවත් තමා එම ස්ථානයට ගියේ සිය මිතුරන් ගැන සොයාබැලීමට බවත්ය.

 

එම තරුණියගේ ඡායාරූපයක් අනතුර සිදු කළ තරුණියගේ ඡායාරුපයක් ලෙස වරදවා තේරුම් ගැනීම නිසා ඇය මේ සටහන තබා තිබෙනවා. එම තරුණිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබු සටහන් කිහිපයක් පහතින්.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

41241 Views

Comments

arrow-up