ඇමරිකාවේ දෙවැනි පුටුවට ආපු කමලා හැරිස්ගේ කතාව

ලෝක බලවතාගේ දෙවැනි පුටුව හිමිකර ගැනීමට කළු ජාතික සම්භවයක් ඇති කාන්තාවක් සමත් වූ බව පසුගියදා වැඩිපුරම කතාබහට ලක් වූ මාතෘකාවක් වුණා. ඉන්දීය-ජැමෙයිකන් සම්භවයක් සහිත 55 හැවිරිදි කමලා හැරි පළමුව ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරග කළාය. උප ජනාධිපති අපේක්ෂකත්වය සඳහා පසුව ඇය නම් කෙරිණි. සෙනෙට් සභික කමලා හැරිස් කැලිෆෝනියා ප්‍රාන්තයේ හිටපු නීතිපතිවරියකි. ඇය උපත ලැබුවේ කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ්හිදීය. ඇමරිකාවට සංක්‍රමණය වූ ඇයගේ මව ඉන්දියාවේ උපත ලබා ඇති අතර පියා ජැමෙයිකාවේ උපත ලැබූවෙකි.
වසර හතරක් හාවර්ඩ්හි වාසය කළ කමලා හැරිස් කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය හිමි කර ගත් අතර ඇලෙඩා දිස්ත්‍රික් නීතිපති කාර්යාලයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළාය. දෙමව්පියන් දික්කසාද වීමෙන් පසු කමලා හැරිස් හැදී වැඩී ඇත්තේ හින්දු භක්තික සිය මව ශමලා ගෝපාලන් හැරිස් සමගය. ඇය පිළිකා පිළිබඳ පර්යේෂිකාවක වූ අතර සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරිනියකි. ඉන්දීය උරුමය සමග හැදී වැඩුණු කමලා සිය මව ඉන්දියාවේ සංචාරය කරන විට ඇය සමග එම ගමන් සඳහා එක් විය. නමුත් සිය මව ඕක්ලන්ඩ් හි කළු ජාතිකයන්ට අනන්‍ය වූ සංස්කෘතියට අනුගත වූ බව කමලා පවසයි. තමන් සහ සිය නැගෙණිය ද එම සංස්කෘතියට හුරු කළ බව ඇය වැඩිදුරටත් කියා සිටී.
ස්ථීර පදිංචිය සඳහා පැමිණි දෙවන මව්රට තම දියණියන් දෙදෙනා කළු කෙල්ලන් වශයෙන් දකිනු ඇති බව සිය මව දැන සිටි බව කමලා එහි පවසා තිබේ. එමෙන්ම තමා සහ නැගෙණිය ආත්ම විශ්වාසයක් සහිත අභිමානවත් කළු ජාතික කාන්තාවන් ලෙස උස්මහත් කිරීමේ අධිෂ්ඨානයෙන් සිය මව පසු වූ බවත් ඇය පවසයි.
2003 වසරේදී ඇය ෆ්‍රැන්සිස්කෝ හි දිස්ත්‍රික් නීතිපති ධුරයට පත් විය. ඒ, ඇය කැලිෆෝනියාවේ නීතිපති ධුරයට පත් පළමු කාන්තාව සහ කළු ජාතිකයා වීමට පෙරය. කැලිෆෝනියාව ඇමරිකාවේ ජනහගනය වැඩිම ප්‍රාන්තය වන අතර නීතිපති ධූරය එම ක්ෂේත්‍රයේ පවතින ඉහළ ම පදවියයි. නීතිපති ධූරයේ කටයුතු කළ කාලය අතරතුර ඩිමොක්‍රටික් පක්ෂයේ කැපී පෙනෙන දේශපාලනඥවරියක ලෙස ඇය නමක් දිනා ගත්තාය. 2017 වසරේදී කමලා හැරිස්, කැලිෆෝනියාවේ කනිෂ්ඨ සෙනෙට් සභිකයෙකු ලෙස දිවුරුම් දුන්නාය.ඒ අනුව වර්තමාන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට සහය පිණිස කළු ජාතික කාන්තාවක් වූ කමලා හැරිස් එරට උප ජනාධිපති ජනාධිපතිවරයා ලෙස ඉදිරි වසර හතර ඇතුලත ක්‍රියා කරනු ඇත.
by Dilki Shamani
Photo source : Internet
410 Views
Comments