දින 222 ක් පුරා කොවිඩ් සමග සටන් වැද දිවි ගලවාගත් සකලියෝග්ලූ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
06

දින 222 ක් පුරා කොවිඩ් සමග සටන් වැද දිවි ගලවාගත් සකලියෝග්ලූ

දින 222 ක් පුරා කොවිඩ් සමග සටන් වැද දිවි ගලවාගත් සකලියෝග්ලූ

තුර්කි සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය කුලී රථ රියදුරෙකු කොවිඩ් -19 සමඟ දින 222 ක සටනකින් දිවි ගලවා ගෙන ඇති අතර, වෛරසය පරාජය කිරීමට බ්‍රිතාන්‍යයේ දීර්ඝතම කාලයක් ගත කළ රෝගියා බවටද පත්විය.

 

අන්තර්ජාතික මාධ්‍ය විසින්නිවාඩුවේ ප්‍රාතිහාර්යය” ලෙස හඳුන්වන මොහු මුණුබුරන් නව දෙනෙකු සිටින සීයා කෙනෙකි. නමින් අලි සකලියොග්ලු නත්තල් දිනයේම ලන්ඩන් රෝහලකින් සිය නිවසට පැමිණියේය. 56 හැවිරිදි සකලියොග්ලු මාස ​​හතකට වැඩි කාලයක් රෝහල් ගත කර ඇති අතර, ඔහු හෘදයාබාධයක්, ආඝාතයෙන්, පෙනහළු බිඳවැටීම, අක්මාව හා වකුගඩු අකර්මණ්‍යතාවයට අමතරව සෙප්සිස් සහ වෙනත් ආසාදනවලට ගොදුරු වූ බවද හුරියට් ඩේලි නිව්ස් විසින් වාර්තා කළා.

 

 

සකලියොග්ලු වෛරසය සමඟ දින 186 ක් රෝහලේ සහ දින 36 ක් සාත්තු නිවාසයකදීද සිටි බව හුරියෙට් මාධ්‍ය පවසයි. "අවස්ථා තුනකදී, ඔවුන් මගේ දුවට දුරකථන ඇමතුමක් ලබා දී, මා අමාරු තත්ත්වයට පත්ව සිටින බව පවසමින්, සියළු දෙනාටම එහි පැමිණෙන ලෙස කියූ බව," සකලියොග්ලු මිරර් ඔන්ලයින් වෙත පැවසීය. එහෙත් ඒ හැම අවස්ථාවකදී ම සකලියොග්ලුගේ පවුලේ අය කිසි විටෙකත් තම බලාපොරොත්තු අත් නොහැරි අතර, ඔවුන් වෛද්‍යවරුන්ට කියා සිටියේ සකලියෝග්ලූ ඒ වන විට ජීවත් කරවූ යන්ත්‍රය නොනවත්වා, තම සීයා ව කෙසේ හෝ සුව කර දෙන ලෙසටයි.

 

 

සකාලියොග්ලුට මාර්තු මස අවසානයේදී කෝවිඩ් -19 වැළදී උණ, රසය හා සුවඳ නැතිවීමේ රෝග ලක්ෂණ ඇතිවිය. ඔහුගේ පළමු වර්ගයේ දියවැඩියාව හේතුවෙන් වෛරසයෙන් දරුණුවූ රෝගාබාධවලට ගොදුරු වීමේ අවදානමද වැඩි විය. නිවසේදී එන්න එන්නම ඔහුගේ තත්වය නරක අතට හැරුණු විට, සකලියොග්ලුව අසල පිහිටි රෝහලකට වහාම ගෙන ගිය අතර ස්වසනය උපකරණයක් ආධාරයෙන් ලබා දෙන්නට සිදුවීය. දින කිහිපයකට පසු ඔහු මාස ​​තුනක කාලයක් පමණ කෝමා තත්වයට පත්වන ලදී. " බලාපොරොත්තුව අප සතුව තිබූ අතර, ඔහු කිසිසේත්ම අත් නොහරින බව අපි දැන සිටියෙමු. නත්තලට ඔහු මෙහි පැමිණ සිටීම සැබැවින්ම ඇදහිය නොහැකි ආශ්චර්යක්ය,”සකලියොග්ලුගේ පුත් ජේ, මිරර් ඔන්ලයින් වෙත පැවසීය. "එය නත්තලට අපට ඉල්ලා සිටිය හැකිවූ හොඳම තෑග්ග බව," ජේ වැඩිදුරටත් පැවසීය.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

227 Views

Comments

arrow-up