අමුවෙන් සත්ව මස් කාලා පෙන්වපු Youtuberට අත්උන ඉරණම
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
02

අමුවෙන් සත්ව මස් කාලා පෙන්වපු Youtuberට අත්උන ඉරණම

අමුවෙන් සත්ව මස් කාලා පෙන්වපු Youtuberට අත්උන ඉරණම

ඔබ ඇතැම් විට දැකලත් ඇති අද මේ කතා කරන්න යන පුද්ගලයා ගැන. මේ යූටියුබර් ගැහැණු ළමයෙක්. ඇය තම චැනලයේ වීව්ස් වැඩි කර ගැනීමෙ අරමුණින් සත්ව මස් අමු අමුවේ කාලා පෙන්වනවා. මේ නිසා ඇයට එම දර්ශන සඳහා ඉහළ ඉල්ලුමක් ද යූ ටියුබය තුළ තිබුණා. ඇය මේ දේ කරන්නේ එක්කෝ සෝයා සෝස් හෝ එහෙමත් නැත්නම් චිලී පේස්ට් හෝ වැනි යම් දෙයක් භාවිතා කරලා. ඇගේ පළමු වන වීඩියෝවෙහිද තිබෙන්නේ ඇය අමු අමුවේම මාළු කිලෝ ග්රෑම් 5 ක ප්රමාණයක් කන එකක්. ඉතින් මේක ඇසුවාමත් ඔබට තරමක් පුදුම හිතෙනවා ඇති මොකද අපට මාලු කිලෝග්රෑම් පහක් කියන්නේ අමු අමුවේ තියා උයලාවත් කෑමට අපහසු ප්රමාණයක්.

 

 

ඔබට මෙය අදටත් දැකිය හකියි එම චැනලයට ගොස්. එහි නම තමයි kate yup. ඉතින් මෙන්න මේ අයුරේ වීඩියෝ පට තමයි ඇය දමන්නේ.නමුත් මෙම චැනලයේ වීඩියෝ පට දැමීමේ පිළිවෙලක් නැත. ඒ කියන්නේ නිතිපතා මාස්පතා හෝ ඒ අයුරින් කිසිම පිළිවෙලක් නැත. ඇයට හිතුණු හිතුණු කාලවකවානුවල තමයි වීඩියෝ අප්ලෝඩ් කරන්නේ. ඒ වගේම තමයි ඒවා කරද්දි ඇගේ මුහුණ පෙන්නන්නෙ නැහැ. කට ප්රදේශය පමණක් පෙනෙන අයුරින් තමයි ඇය මෙම වීඩියෝ පට කරන්නේ. කෙසේ නමුත් ඇගේ මෙම මේ වීඩියෝ පට සදහා නැරඹුම් වාර අවම වශයෙන් මිලියන දෙකේ සිට මිලියන විස්ස දක්වා ලැබී තිබෙනවා.

 

 

ඒත් එක්කම ටික කලක් යද්දි මෙම වීඩියෝ අප්ලෝඩ් කිරිමේ මන්දගාමිත්වය ඇගේ ප්රේක්ෂකයින්ට දැනෙනවා. ඔවුන් මෙය කොමෙන්ට් වලින් ද සඳහන් කරනවා. නමුත් ටික කලක් ගිය පසු ඇගේ වීඩියෝ පට නැවතත් අප්ලෝඩ් කරන්නේ නැතුවම යනවා. මාස ගාණක් මෙසේ වූ පසු ඇගේ ප්රේක්ෂකයින් නැවතත් මේ සම්බන්ධව සඳහන් කරමින් කමෙන්ට් පළ කරනවා. පසුව ඔවුන් විසින්ම ඇය විසින් ඉහත පළ කළ වීඩියෝ නැවත බලමින් ඒවා විශ්ලේෂණය කිරීමේදී ඔවුන් හඳුනා ගන්නවා එම වීඩියෝ වල දී ඇය යම්කිසි රහස් භාෂාවකින් HELP යනුවෙන් සහ SOS යනුවෙන් සංඥා ඉදිරිපත් කළ බව. ඒ කියන්නේ ඇය යම් කරදරයක වැටී සිටින බව අදහස් ගැන්වීම්ට උත්සාහ කළ කර ඇති බව ප්රේක්ෂකයන් විසින් හඳුනා ගන්නවා.

 

 

ඒ වගේම ඔවුන් විසින් නැවතත් වීඩියෝ බැලීමේදී ඔවුන් නිරීක්ෂණයය කරනවා ඇගේ සිරුරේ තුවාල පැල්ලම් ඇති බව. මේ නිසා ප්රේක්ෂකයන් විසින් අනුමාන කරනවා කරනවා ඇයව යම්කිසි පාර්ශ්වයක් විසින් මෙසේ තබා තබාගෙන ඇයට බලහත්කාරීත්වයෙන් මෙම අමු මස් කවවා ඒවා වීඩියෝ කර මුදාහරින බවට. ඒ වගේම තවත් පුදුමය දනවන සිද්ධියක් තමයි මේ සම්බන්ධව තවත් තුන්වන පාර්ශ්වයක් විසින් අදහස් දක්වා තිබීම. ඒ තමයි ඇය නිරෝගී ව ඇති බව සඳහන් කරමින් තවත් අයෙක් විසින් කමෙන්ටුවක් පළ කර තිබීම. මේ නිසා ප්රේක්ෂකයින්ගේ සැකය වඩාත් භාජනේට ලක්විය. කෙසේ නමුත් අදටත් ඇය ගැන කිසිදු ආරංචියක් නැත. මේ සම්බන්ධව අදටත් අභිරහසක්ව පවතී.

 

 

 

 

 

 

 

 

 

by Sahan Sandeepa

Photo source : Internet

Video source : Youtube

views

510 Views

Comments

arrow-up