වාර්ෂික ස්ථාන මාරු යටතේ පාසලට පැමිණි ගුරුවරයාව විදුහල්පතිනිය ප්‍රතික්ෂේප කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
07

වාර්ෂික ස්ථාන මාරු යටතේ පාසලට පැමිණි ගුරුවරයාව විදුහල්පතිනිය ප්‍රතික්ෂේප කරයි

වාර්ෂික ස්ථාන මාරු යටතේ පාසලට පැමිණි ගුරුවරයාව විදුහල්පතිනිය ප්‍රතික්ෂේප කරයි

වාර්ෂික ස්ථාන මාරු යටතේ උසස් පෙළ සිංහල භාෂාව හා සාහිත්‍යය විෂයය ඉගැන්වීම සඳහා කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලකට පිරිමි ගුරුවරයකු නුසුදුසු යැයි කියමින් එම පාසලේ විදුහල්පතිනිය එම විදුහලට පැමිණි ගුරුවරයකු ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වනවා .

 

මෙම ගුරුවරයා මිලාගිරිය සාන්ත පාවුළු බාලිකාවේ සිට වාර්ෂික ස්ථාන මාරු යටතේ මෙම විදුහලට පැමිණ ඇත්තේ ඉකුත් 4 වැනිදා ය.

 

බුලත් හුරුල්ලක් දී තමන්ගේ මාරුවීම් ලිපිය විදුහල්පතිනියට පිළිගැන්වූ අවස්ථාවේ දී “ ඔයාට මෙහෙ ඉඩ නැහැ. සිංහල භාෂාව හා සාහිත්‍යය උගන්වන්න පිරිමි ගුරුවරයෙක් සුදුසු නැහැ” කියමින් එම ලිපිය තමන් වෙත දමා ගැසූ බවට එම් ගුරුවරයා අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි කර තිබෙන බව වාර්තා වේ

 

එමෙන්ම විදුහලේ ආරක්ෂකයන් යොදවා තමන් විදුහලෙන් ඉවත් කිරීම සඳහා විදුහල්පතිනිය කටයුතු කළ බවත් එම පැමිණිල්ලේ සඳහන් වන අතර ඒ පිළිබඳව එම ගුරුවරයා පොලිසියට ද පැමිණිලි කර ඇති බව වාර්තා වේ

 

මෙම ගුරුවරයා පාසලට ස්ථාන මාරු නොකරන ලෙස තමන් ඉකුත් සැප්තැම්බර් මාසයේ දී අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටි බව කී විදුහල්පතිනිය එම ඉල්ලීම ගුරුමාරු මණ්ඩලය පිළිගෙන නැතැයි ද මේ සම්බන්ධයෙන් තමන් අධ්‍යාපන ලේකම්වරයාට පැහැදිලි කර දුන් බව විදුහල්පතිනිය පවසනවා

 

මෙම ගුරුවරයා මෙම විදුහලට පැමිණ ඇත්තේ අමාත්‍යාංශයේ ස්ථාන මාරු ක්‍රියාවලියට අනුව ය.

 

 

 

 

views

374 Views

Comments

arrow-up