හරිත සංකල්පය සහ ශ්‍රීලංකාව

හරිත ගොඩනැගිලි සංකල්පය ලොවපුරා සීඝ්‍රයෙන් වර්ධනය වන සංකල්පයක් වන අතර එය දියුණු රටවල මැනැවින් ක‍්‍රියාත්මකය. එහිදී ඉදිකිරීම්වලදී මූලික වශයෙන් පරිසර සාධක සලකා බලයි. ගහකොළ පවතින වටපිටාවක ඉදිකෙරේ. ගොඩනැගිලි ඉතා විශාල ඒවා සේ ඉදිකරන නමුත් එහි ජීවත්වන පිරිසට ඉතා පහසුවක් දැනෙන ආකාරයට නිර්මාණය කරන්නට ප‍්‍රයත්න දැරේ. ඒවායේ වාසස්ථානය හිතට අස්වැසිල්ලක් වන බව සැලකේ. මාර්ග තැනීමේදී ජනයාට පහසුවෙන් ගමනාගමනයට ඉඩ ලැබෙන අතර පාපැදි හා පා ගමනින් ඇවිදින පිරිස කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි.
සංවර්ධනයේදී පරිසරය නොතකා ක‍්‍රියා කිරීම සම්බන්ධයෙන් සෑහෙන විවේචන තිබේ. වාහනවලින් නිකුත් වන දුම නගරවල ජීවත්වන ජනී ජනයාට ශ්වසන ආබාධ ඇතිකරයි. ගෝලීය උණුසුම වර්ධනයට එක හේතුවක් සේ සැලකේ. ඉංජිනේරුවන් හා සැලසුම් ශිල්පීන්ගේ අරමුණ වියදම පාලනය කරන අවම ඉඩම් ප‍්‍රමාණයක් පවරා ගන්නට සිදුවන සේ ව්‍යාපෘති සැලසුම් කිරීමය. ශ‍්‍රී ලංකාවේ පවා අධිවේගී මාර්ග, ජලාශ හා නිවාස සංකීර්ණ ඉදිකිරීමේදී එවැනි පියවර අනුගමනය කර තිබේ.
විශේෂයෙන් අධිවේගී මාර්ග හා වාරි ජලාශ සකස් කරන විට වන සතුන් ජීවත්වන කලාප ගැන නොසලකන බවට විවේචන ඇත. ජෛවයේ පැවැත්ම පමණක් නොව ජනී ජනයා ජීවත්වන ගම්බිම් පවා වෙන්කරන පරිදි සැලසුම් සකස් කරන බව පෙනේ. නගර තැනෙන විට ඒවායේ ඇති ගහකොළ ඉවත්කර අලුතින්ම සකස් කරන අවස්ථාවේ දී සිදුවන හානි ගැන තැකීම අඩු බව පෙනේ. ඇතැම් ව්‍යාපෘති වලට අලුතින් පැළ සිටුවා අලංකරණ යෝජනා ඇතුළත් නමුත් සිටුවන ශාඛ පද්ධති නඩත්තුව ගැන ප‍්‍රමාණවත් අවධානයක් යොමු කරන්නේ නැත. වාර්තාව අනුව නිසි පරිසර පද්ධතියක් නගර තුළ නිර්මාණය කළහොත් අධික හිරුඑළිය පාලනය වන අතර දිවා කාලයේ උණුසුම අංශක 2-8 අතර ගණනකින් අඩු කළ හැකිය.
මැදි ආදායම් රටක් වශයෙන් ඉදිරියට ගමන් කරනන ශ‍්‍රී ලංකාව අනාගතය වෙත අවධානය යොමු කිරීම අවශ්‍යය. සංවර්ධනය හා සමාන්තරව මතු පරපුර ජීවත්වන තැන ගැන කල්පනා කිරීම සුදුසුය. නගර සැලසුම් කිරීමේ දී හැකිතරම් ශාඛ පද්ධති සහිත සහ වෙනත් ජීවීන්ට සැරිසරන්නට පහසුව ඇති කලාප වෙන් කරන්නට අවශ්‍යය. කොළඹ හා තදාසන්න සියලු නගරවල රජයට අයත් විශාල ඉඩම් තිබේ. මේවා නිසි පරිදි සැලසුම් කළ හැකිය. රජය පමණක් නොව පුද්ගලික අංශයද දායක කරගත හැකිය. විශ්වවිද්‍යලවල පරිසර නිර්මාණය ගැන අධ්‍යාපන පාඨමාලා පවත්වයි. කලාප වෙන්කර ඒවා පෞද්ගලික භූමි අලංකරණ ආයතන හෝ විශ්වවිද්‍යාල වැනි ආයතනවලට පැවැරීමෙන් ලබාගත හැකි අවස්ථා ගැනද අවධානය යොමු කළ යුතුය. සංවර්ධිත රටවල තරම් අපේ රටේ වන විනාශයන් සිදු නොවන බැවින් හරිත සංකල්පය අපරට තුළ ක්‍රියාත්මක කිරීම එතරම් අපහසු නොවනු ඇත. අවශ්‍ය වන්නේ මහජන දැනුවත්බාවය හා නිසි මඟපෙන්වීම පමණි.
by Dilki Shamani
Photo source : Internet
9221 Views
Comments