කොරෝනා වලට චිම්පන්සින්ගෙන් පර්‍යේෂණාත්මක එන්නතක්

කොරෝනා වෛරසය මුළු ලොවම ගිලි ගනිමින් සිටින අවස්ථාවකදී සත්ත්ව විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මිනිසාගේ ළඟම ඥාතීන් වන චිම්පන්සියා ගෝරිල්ලන් සත්ත්ව විශේෂ වලට ද මෙම වෛරසය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බවයි. අප සැවොම ජීවත්වන මිහිතලයේ දියුණු වානර වර්ග හතරක් ජීවත් වේ. ඒ ගෝරිල්ලා ඔරන්උටන්, බෝනොබෝස් සහ චිම්පන්සි යන ජීවීන් වර්ග හතරය.ඒ අනුව විද්‍යාඥයන් විසින් ගෝරිල්ලන්, චිම්පන්සින් සහ ඔරන්උටන් වැනි වනජීවීන්ට කොරෝනා වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීමට අලූත් ක‍්‍රියාමාර්ග ගතයුතුව තිබේ. චිම්පන්සින් සාමාන්‍ය සෙම්ප‍්‍රතිශ්‍යාවට හේතුවෙන වෛරසයට ගොදුරු විය හැකි බව කලින් සිදුකරනු ලැබ ඇති පර්යේෂණ මගින් හෙළි කරගෙන ඇත. පසුගිය කාලයේ අප‍්‍රිකානු රටවල් කිහිපයක පැතිරගිය ඉබෝලා වෛරසයට ගොදුරුවීමෙන් චිම්පන්සින් සහ ගෝරිල්ලන් දහස් ගණනක් මරණයට පත්වන්නට ඇතැයි සැලකේ. මේ නිසා විද්‍යාඥයන් විසින් චිම්පන්සියන් ආශ්‍රයෙන් එන්නතක් නිර්මාණය කිරීමට සමත්ව තිබෙනවා
ඇත්තෙන්ම ඔක්ස්ෆර්ඞ් වැක්සිනය චිම්පන්සින් ඇසුරින් තැනුණු එන්නතකි. මෙම වයිරල් වෙක්ටර් වර්ගයේ එන්නත නිපදවා තිබෙන්නේ චිම්පන්සින්ට සෙම්ප‍්‍රතිශ්‍යා ආසාදනය ඇති කරන වෛරසයේ දුර්වල කළ වෛරස් ප‍්‍රභේදයකිනි. මෙම කොමන් කෝල්ඞ් වෛරසය ඇතැම්විට චිම්පන්සින්ට මාරක තත්ත්වයක් ඇති කරන අතර උගණ්ඩාවේ චිම්පන්සි ගහනයෙන් පිරිසක් මෙම රෝගය හේතුවෙන් මිය යමින් සිටින බවට ද වාර්තා පළ වී තිබිණි. ඔක්ස්ෆර්ඞ් සරසවිය මගින් නිපදවූ ඔක්ස්ෆර්ඞ් වැක්සිනයේ මූලික පර්යේෂණවලදී කොරෝනා වෛරසය මිනිස් ශරීරය තුළට ඇතුළු වීමේදී පාවිච්චි කරන ‘ස්පයික් ප්‍රෝටීන්’වල ජාන අනුපිළිවෙළ ඇතුළත් වන සේ එම චිම්පන්සි වෛරසය ජානමය වශයෙන් වෙනස් කර තිබේ.
චිම්පන්සින් ඇසුරින් තැනුණු පර්යේෂණාත්මක එන්නත සම්බන්ධයෙන් ලෝකයම දැඩි බලාපොරොත්තු තබාගෙන සිටින අතර වෛද්‍ය ප‍්‍රජාව මෙය හඳුන්වන්නේ පවත්නා වසංගත තන්ත්වය සහමුලින්ම වෙනස් කරන එන්නතක් ලෙසය. ඔක්ස්ෆර්ඞ් වැක්සිනය මේ වන විට අවසාන සායනික පරීක්ෂාවන්ට ලක් කරමින් තිබෙන අතර එය සාර්ථක ප‍්‍රතිඵල ලබාදෙමින් සිටියි. එය සකල මනුෂ්‍ය වර්ගයාටම සතුටු විය හැකි පුවතකි. ඔක්ස්ෆර්ඞ් සරසවිය මෙන්ම මෙම පර්යේෂණ එන්නත නිපදවීමට දායකත්වය ලබාදෙන ඇස්ටා සෙනෙකා ඖෂධ සමාගම ද පවසන්නේ මෙම එන්නත , වියපත් වූවන් සම්බන්ධයෙන් මෙන්ම යොවුන් වියේ පසුවන්නන් සම්බන්ධයෙන් ද සාර්ථක ප‍්‍රතිඵල ලබාදෙන බවයි. වයස අවුරුද 18 ත් 55 ත් අතර පුද්ගලයන් සම්බන්ධයෙන් මෙය සාර්ථක ලෙස අත්හදා බැලෙමින් තිබේ. 2021 වසරේ පළමු භාගයේදී මෙම එන්නත වෙළෙඳපොළට පැමිණීමට නියමිත බව බ්‍රිතාන්‍යය මාධ්‍ය කියයි.චිම්පන්සියන් ආශ්‍රයෙන් හැදුණු මෙම එන්නත පවතින වසංගත තත්ත්වයට නුදුරේදීම පිළියමක් සොයනු ඇත.
by Dilki Shamani
Photo source : Internet
739 Views
Comments