මෝටර් රථ ධාවන තරග පැමිණි ගමන් මග
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
27

මෝටර් රථ ධාවන තරග පැමිණි ගමන් මග

මෝටර් රථ ධාවන තරග පැමිණි ගමන් මග

ලොව ප්‍රථම මෝටර් රථ ධාවන තරඟය පවත්වන ලද්දේ 1895 වසරේදී ප්‍රංශයේදී ය. එහි ජයග්‍රාහකයා වූයේ ලුවී ෂොන් ලැවසර් නැමැති තරඟකරුය. පෑන්හාඩ් නම් රථයකින් පැරිස් සහ bordo යන දෙනුවර අතර වූ තරග මාර්ගයෙහි ඔහු පැයකට කිලෝමීටර් 24 ක සාමාන්‍ය වේගයකින් ධාවනය කළ බව වාර්තා වෙයි. ඊට පසුව 1900 වර්ෂයේ දී හෙන්රි බෙන්ට් නමැති ඇමෙරිකානු ජාතිකයා එරට ජාත්‍යන්තර ධාවන තරග කිහිපයක් සංවිධානය කළේය.

 

1906 දී සුප්‍රකට ග්‍රොන් ප්‍රී ධාවන තරග ආරම්භ විය. මේ තරග සඳහා පැයට කිලෝමීටර් 350ක පමණ වේගයක් දැනවිය හැකි සිලින්ඩර 12කින් යුතු ෆෝමියුලා වන් නම් විශේෂ මෝටර් රථ යොදා ගන්නා ලදී. ගියර් හයක්, පලල් ටයර් ආදි අංග සහිත මේ රථ විශේෂ ධාවන පථ වල ධාවනය කරන ලදී. මේ ධාවන පථ අති පුළුල් වූත් තද වංගු සහිත වූත් ඒවා විය. රියදුරන්ට එකම මාර්ගයේ කීපවිටක් ධාවනය කිරීමට සිදුවිණි. රථ පැදවූ රියදුරන් ගිනි නොගන්නා ඇඳුම්වලින් සැරසී හෙල්මට් පැලඳ සිටි අතර මඟ දෙපස ගිනි නිවන භටයන් සහ ගිලන්රථ සූදානම් කර තිබුණි. තද වංගු ඇති තැන්වල මග දෙපස විශාල පිදුරු මිටි ගොඩගසා තිබිණි. මුළු මාර්ගයේ දෙපස නරඹන්නන් සඳහා ආරක්ෂිත ලෙස අසුන් පවත්වා තිබූ අතර අබලන් වන රථ වහාම අලුත්වැඩියා කිරීමට විශේෂ ස්ථාන පිළිවෙළ කොට පළපුරුදු කාර්මික පිරිස් යොදවා තිබුණි. අද එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල වාර්ෂිකව සුප්‍රකට ධාවන තරඟ පවත්වනු ලැබේ. මෑන්ස්, ඉන්ඩියානාපොලිස්, අයිල් ඔෆ් මෑන්, ඩකාර් සුප්‍රකට ධාවන පථ වේ. golden arrow, bluebird, thunder bolt, relton red lion යනාදිය සුප්‍රකට පැරණි මෝටර් ධාවන රථ විය. C L Rowlls, David Rigorly, Malcolm Cambel, G E T Eienstein, Jhon Cobb, Richard Tailor, Michael Shumarker, Niki Lauda, Henry Seegrave යන අය සුප්‍රකට මෝටර් රථ ධාවන ශූරයන් වශයෙන් ලොව පුරා නම් දරා ගත් පුද්ගලයන් විය. විසිවන සියවසේ මුල් භාගයේ දී මෝටර් රථ ධාවන වාර්තා කිහිපයක්ම වාර්තා විය. 1

 

 

 

931 වර්ෂයේදී මැල්කම් කැම්බල් විසින් bluebird රථයෙන් mph 245 ක වේගයක් එක්සත් ජනපදයේ Detona පථයේදී වාර්තා කරන ලදී. තවද එම තරගකරු විසින්ම 1935 වර්ෂයේදී blubard රථයෙන්ම mph 301 ක වේගයක් එක්සත් ජනපදයේ යූටා ධාවන පථයේදී වාර්තා කරන ලදී. එමෙන්ම 1947 වර්ෂයේදී ජෝන් කොබ් නමැති තරගකරු විසින් රෙල්ටන් රෙඩ් ලයන් රථයෙන් mph 369ක වේගයක් එක්සත් ජනපදයේ ධාවන පථය කදී වාර්තා කරන ලදී.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

views

1137 Views

Comments

arrow-up