ගවයන්ට කෘමි දෂ්ඨනයෙන් ගැලවෙන්න අපූරු ක්‍රමයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
28

ගවයන්ට කෘමි දෂ්ඨනයෙන් ගැලවෙන්න අපූරු ක්‍රමයක්

ගවයන්ට කෘමි දෂ්ඨනයෙන් ගැලවෙන්න අපූරු ක්‍රමයක්

වෙස්වලා ගැනීම කියන්නේ සතුරන් රැවටීමේ ප්‍රබල උපක්‍රමයක්. එය යුද්ධ අවස්ථාවලදී බොහෝ විට ක්‍රියාත්මක වෙලා තියෙනවා. විද්‍යාඥයන් පිරිසක් මේ උපක්‍රමය කෘමි දෂ්ඨනයට එරෙහිව ගවයන් සඳහා යොදාගත් අතර එය සාර්ථක වෙලා තියෙනවා. ඔවුන් ඒ සඳහා සිදු කර තියෙන්නේ ගවයන්ව සීබ්‍රා ලෙස වෙස් ගැන්වීමයි. මේ අධ්‍යනය මෙහෙයවූ වූයේ ජපානයේ Nagakute හි ඇති Aichi කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානයේ Tomoki Kojima පවසන්නේ සීබ්‍රාවන් ලෙස හරකුන් වර්ණ ගැන්වීමෙන් කෘමි දෂ්ඨනයන් ඔවුන් සැලකිය යුතු මට්ටමකට මුදාගත හැකි බවයි. මේ අධ්‍යයනය ගැන තොරතුරු පළ වන්නේ Plos One නවතම කලාපයෙන්.

මෙහිදී පර්යේෂකයන් සිදුකළ Japanese Black වර්ගයේ වැස්සියන් 6 දෙනෙකු තෝරාගෙන ඔවුන් වරින් වර ක්‍රම දෙකකට වර්ණ ගැන්වීමයි. පළමුව ඔවුන් කළු පැහැ ඉරි අඳිමින් වර්ණ ගැන්වූවා. දෙවනුව සුදු පැහැ ඉරි අඳිමින් වර්ණ ගැන්වූවා. මේ සතුන් කළු පැහැය නිසා සුදු ඉරි ඇඳීමෙන් පසුව ඔවුන්ට සීබ්‍රාගේ පෙනුම ලැබුණා. ඊළඟ අවස්ථාවේදී කිසිදු වර්ණ ගැන්වීමක් නොකර සිටියා. මේ අවස්ථා තුනේදීම ගවයන්ට මදුරුවන් හා වෙනත් ක්‍රමයෙන් ප්‍රශ්න කිරීම පිළිබඳ වාර්තා කරනු ලැබුවා.

 

 

 


මදුරුවන් හා වෙනත් කෘමීන් දෂ්ඨ කිරීමට අමතරව ඒ සතුන් පලවා හරින්නට ගවයා දැරූ උත්සාහයන් ද වාර්තා කළා. කොහොම වෙතත් මේ වාර්තා කිරීම ආරම්භ කළේ තීන්ත ආලේප කිරීමෙන් මිනිත්තු තිහකට පසුව. එයට හේතුව තීන්ත වල සුවඳ නිසා මදුරුවන් ගෙන් විශේෂ ආකර්ෂණයක් හෝ විකාශනයත් ඇතිනම් එය වැලැක්වීමටයි. 2014 අප්‍රේල් මස මේ දත්ත ලබාගැනීම ආරම්භ කරන ලද අතර 2018 වසරේ නොවැම්බර් දක්වා එහි ප්‍රතිඵල විශ්ලේෂණයේදී පෙනී ගිය ආකාරයට වෙස් යනු සතුන්ගේ මදුරු හා වෙනත් කෘමීන් මෙන්ම උන්ව පලවා හැරීමට ගත් උත්සාහය අවම බවයි. ඇමරිකාව තුල පමණක් ගව පාලනළ පමණක් ගව පාලනයට අදාළව ඩොලර් මිලියන 2200 ක පමණ වාර්ෂික පාඩුවක් කෘමි දශ්ඨනය මගින් සිදු වෙනවා. බොහෝ ගවපාලනය යෙදෙන්නන් මේ කෘමි දශ්ඨන තර්ජනයට පිළිතුරු දෙන්නේ කෘමිනාශක හරහායි. එය වියදම් අධික ක්‍රමයක් වනවා සේම පරිසරයට හානිදායක වෙනවා. එපමණක් නොවේ මේ කෘමිනාශක යෙදීම මඟින් යහපත් ප්‍රතිඵල ලබා ගන්නට නොහැකිව තියෙනවා. එයට හේතුව පරම්පරා කිහිපයකට පසු කෘමීන් අදාල කෘමි නාශක වලට අනුවර්තනය වීමයි. ඒ අනුව මෙවැනි ක්‍රමයක් යොදා ගැනීම ඉතාම උචිත බව පර්යේෂකයින් පෙන්වා දෙනවා.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

533 Views

Comments

arrow-up