ධවල මන්දිරයට ආ නිළ සුරතලුන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
27

ධවල මන්දිරයට ආ නිළ සුරතලුන්

ධවල මන්දිරයට ආ නිළ සුරතලුන්

නව ධවල මන්දිර අධිපතිවරයා පිළිබඳ පසුගියදා බොහෝ කතාබහක් ඇතිවුණා. මේ සූදානම් වන්නේ ඇමරිකාවේ ජනාධිපතිවරුන් විසින් ධවල මන්දිරය සුන්දර කළ ඔවුන්ගේ සුරතල් සතුන් පිළිබඳ විස්තර ඔබට කියන්න.


ඇමරිකානු නව ජනාධිපතිවරයාගේ සුරතලුන් වන්නේ ජර්මන් ශෙපර්ඩ් වර්ගයේ සුනඛයන් දෙදෙනෙකි. චෑම්ප් සහ මේජර් ලෙස හැඳින්වෙන මේ දෙදෙනාගෙන් වැඩිමලා චෑම්ප්. වසර හතරකින් පසු ධවල මන්දිරයට යන ප්‍රථම සුනඛයන් වන්නේ මේ දෙදෙනායි. මීටපෙර බොහෝ ජනාධිපතිවරු විවිධ සතුන් ධවල මන්දිරය තුළ සුරතලයට රැගෙන ගොස් තිබේ.
ජනාධිපති ඔබාමාගේ කුඩා දියණියන් සුරතල් සතුන්ට දැඩි සේ ආදරය කළ බැවින් ඔබාමා පවුල ‘සනී සහ බෝ’ ලෙස නම් කළ කුඩා නමුත් ඉතා සුන්දර සුරතල් සුනඛයන් දෙදෙනෙක් ධවල මන්දිරයේ ඇති දැඩි කරතිබේ. පෘතුගීසී ‘වෝටර් ඩෝග්’ යන දුර්ලභ වර්ගයට අයත් මේ සුනඛයන් ඉතා ඉහළ මිලක් ගනී.

 


ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ජනාධිපතිවරයාගේ බිරිය ලෝරා බුෂ් ජනාධිපති ඔබාමාට පෙර ධවල මන්දිරයේ විසූ අය වන අතර ඔවුන්ද සුරතලුන්ට මහත්සේ ඇලුම් කලා. මේ නිසාමබීස්ලි මහත්මිය’ හෙවත් ‘මිසිස් බීස්ලි’ ලෙස නම් කළ ස්කොටිෂ් ටෙරියර් වර්ගයේ සුනඛ සුරතලියක් ඇයට තෑගි ලැබුණි. ඔවුන් ධවල මන්දිරය හැර යන විටද මිසිස් බීස්ලිද ඉතා ආදරයෙන් යුක්තව තම නිවසට ගෙන ගිය බව වාර්තා වේ.

බිල් සහ හිලරි ක්ලින්ටන් යුවල සමඟ ‘ධවල මන්දිරයේ වාසය කළ සුරතල් බළලෙක් වන්නේ සොක්ස්. මේ බිල් ක්ලින්ටන් ජනාධිපති වීමට පෙර අර්කන්සාස්හි වාසය කරන කාලයේ ඔවුන්ට තෑග්ගක් ලෙස සොක්ස් ලැබුණ අතර ධවල මන්දිරයට පැමිණෙන විට ඔවුන් සොක්ස්ද කැටුව පැමිණ ඇති අතර ධවල මන්දිරයෙන් පිටව යන විටද තම සුරතලා යළි අර්කන්සාස්හි නිවසට ගෙන ගොස් තිබේ. සොක්ස් ‘ටක්සුදෝ’ නම් වන වර්ගයට අයත් බළලෙක් වන් කළු සහ සුදු පැහැයෙන් යුතුය. නමුත් වසර 19ක් ජීවත් වූ ‘සොකස්’ 2009දී මියගිය බව වාර්තා වේ.

 


ධවල මන්දිරයට පැමිණි ප්‍රථම නිල සුරතලුන් වන්නේ ධවල මන්දිරය වාසස්ථානය කර ගත් ඇමරිකාවේ ප්‍රථම ජනාධිපතිවරයා වූ ජෝන් ඇඩම්ස්ගේ සුරතලුන් වූ අශ්වයන් දෙදෙනෙකි.සීසර් සහ ක්ලියෝපැට්රා’ යනුවෙන් මෙම සතුන් හඳුන්වා ඇති අතර මේ සතුන් වෙනුවෙන් ධවල මන්දිරයේ අශ්ව ගාල්ද සකස් කර තිබුණි.


ධවල මන්දිරයේ එතෙක් මෙතෙක් සිට අසාමාන්‍ය සුරතලා වන්නේ රෙබෙකා නම් රැකූනයා යි. 1926 ජනාධිපති කැල්වින් කූලිජ්ගේ සමයේ ධවල මන්දිරයේ තුති පිදීමේ උත්සවය වෙනුවෙන් රැකූනයකු ගෙනැවිත් තිබුනේ රැකූනයා මරා සකසා ආහාරයට ගැනීමටයි. නමුත් රැකූනයා කෙරෙහි දුක උපදවාගත් ජනාධිපතිවරයා සහ ආර්යාව ඔහු මරණින් ගලවා සුරතලකු සේ ඇති දැඩි කිරීමට පටන් ගෙන තිබේ.

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

566 Views

Comments

arrow-up