ලොව කාන්තාවන්ට සංචාරයට තහනම් ප්‍රදේශ

සංචාරය කරන්න ගැහැණු පිරිමි දෙපාර්ශ්වයම හරිම කැමතියි. නමුත් ලෝකයේ සමහර තැන් තියෙනවා කාන්තාවන්ට සංචාරය කරන්න බැරි. මේ ඒ පිළිබඳ සටහනක්.
ග්‍රීසියේ මවුන්ට් ඒතොස්
මේ පුරාණ කන්දට ඇතුල් වෙන්න තහනම තියෙන්නේ මනුෂ්‍ය කාන්තාවන්ට විතරක් නොවෙයි. සෑම සත්ව වර්ගයකම ගැහැණු විශේෂයට මේ ශුද්ධවූ කන්දට යන්න තහනම් වෙලා තියෙනවා. මැසිඩෝනියා අර්ධද්වීපයේ පිහිටල තියෙන මේ කන්දට තියෙන්නේ ස්වයංපාලනයක්. ඒ කඳු වලට පිවිසීමට විශේෂ අවසරපත් තියෙන පිරිමින්ට විතරයි හැකියාව ලැබෙන්නේ. කාන්තාවන් සඳහා තහනම් ලොව විශාලතම භූමිය විදියට සලකන්නේ මේ ප්‍රදේශය. මොකද මේ ප්‍රදේශය වර්ග කිලෝමීටර් 335 ක් විතර වෙනවා. ඒ තහනම අද ඊයෙක පැනවුන දෙයක් නෙවෙයි. එය වසර දහස් ගණනකට වඩා පැරණි තහනමක්. ඊට හේතු වෙලා තියෙන්නේ ආගමික කාරණයක් බවයි පැවසෙන්නේ.එහි අවට තිබුණ නැගෙනහිර ඕර්තඩොක්ස් දේවස්ථාන 20ක පමණ දේවගැතිවරුන් තමන්ගේ ආධ්‍යාත්මික අවබෝධ සාක්ෂාත් කරගැනීම සඳහා මෙම ස්ථානයේ වැඩවාසය කළ අතර කාන්තාවන්ගේ පැමිණීම එම අරමුණට බාධාවක් ලෙස සලකනු ලැබුවා. එහෙත් වසර ගණනාවක් පුරා ස්ත්‍රීන් කිහිප දෙනෙක් සාර්ථකව මෙම කන්ද තරණය කරනු ලැබූ අතර ප්‍රංශ ලේඛකයකු 1920දී වන්දනාකරුවකු ලෙස වෙස්වලාගත් කාන්තාවක් සඟවාගෙන තබාගෙන තිබෙනවා. මෑතකදී නීතිවිරෝධී ලෙස ඉංග්‍රීසියට ඇතුළුවූ මෝල්ඩෝවේ කාන්තාවන් පිරිසක් ද හදිසියේ අනවසරෙන් ඒතෝස් කඳු මුදුනට පැමිණ තිබුණු බව වාර්තා වෙනවා.
ඕමින් කන්ද
ජපානයේ දකුණට වෙන්න පිහිටලා තියෙන මේ කන්ද 2004 වසරේ යුනෙස්කෝ ලෝක උරුමයක් විදියට නම් කරලා තියෙනවා. නමුත් ශතවර්ෂ ගණනාවක් පැරණි ලිංග භේද මත පැනවූ තහනම නිසා ගෑනු අයට තවමත් මේ කන්ද බලන්න යන්න බෑ. මේ කන්දේ පිහිටලා තියෙන අවුරුදු 1500 වැඩි කාලයක් අඩි 5640 පිහිටපු බෞද්ධ විහාරස්ථාන සඳහා ගමන් කරන්න අවසර ලැබිලා තියෙන්නේ පිරිමින්ට විතරයි.
ජර්මනියේ ගැලැක්සි ජල උද්‍යානය
ගිම්හාන කාලෙට යුරෝපයේ තියෙන විශාලතම සහ වඩාත්ම ජනප්‍රිය ජල උද්‍යානය වන්නේ ජර්මනියේ මියුනිච් ගැලැක්සි ජල උද්‍යානයයි. අති ධාවනකාරී වේගයකින් ක්‍රියාත්මක වෙන X- treme Faster පැයකට සැතපුම් 45 ක වේගයෙන් ක්‍රියාත්මක වෙන බව වාර්තා වෙනවා. කාන්තාවන්ට එහි ඇතුළුවීම තහනම් කරලයි තියෙන්නේ.
හජි අලි දර්ගා දේවස්ථානය
මුම්බායේ පිහිටලා තියෙන ප්‍රසිද්ධ දේවස්ථානය තමයි හජි අලි දර්ගා දේවස්ථානය කියන්නේ. 15 වන ශතවර්ෂයේ හජි අලි බුකාරි කියන ඉස්ලාම් ශාන්තුවරයා විසින් තමයි මේ පූජනීය ස්ථානය ආරම්භ කරලා තියෙන්නේ. දිනපතාම සෑම කුලයකටම අයිතිය ආගම්වලට ජාතීන් වලට අයිති බැතිමතුන් පහළොස් දාහක් විතර මේ සිද්ධස්ථානය වෙත එනවා. නමුත් මේ ස්ථානය කාන්තාවන්ට කිසිසේත්ම අවසර නැති ප්‍රදේශයක් විදියටයි වාර්තා වන්නේ.
by Dilki Shamani
Photo Source: Internet
1219 Views
Comments